728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 12 August 2014

රෙබෙකා නිර්මලී මහත්මිය අද අලුයම අභාවප‍්‍රාප්ත වී තිබේ.

 රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී අද අලුයම අභාවප‍්‍රාප්ත වී තිබේ.
කලක් තිස්සේ පිළිකා රෝගයකින් පෙළුණු ඇය ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.
අද අලුයම 2.30ට පමණ ඇය අභාවප‍්‍රාප්ත වූ අතර ඇය 49 වැනි වියෙහි පසුවූවාය.

වේදිකාව, සිනමාව, පුංචි තිරයේ නිර්මාණ ගණනාවකට සිය රංගන දායකත්වය සැපයූ ඇය මුලින්ම ජනාදරයට පත්වන්නේ ‘වෙද හාමිනේ’ ටෙලිනාට්‍ය මගිනි.
එහි පිළිකා රෝගියකු සුවකරන වෙදහාමිනේගේ චරිතය රගදැක්වූ ඇය එම ටෙලිනාට්‍ය තුළදී අවසානයේ වෙදහාමිනේගේ අභාවය සිදුවන්නේ ද පිළිකා රෝගය වැළදීමෙනි.
සුන්දර රූසපුවකට උරුමකම් කී රෙබෙකා නිර්මලී මහත්මිය මෑතක් වනතුරුම රංගන ක්ෂේත‍්‍රයේ සිය ප‍්‍රවීනත්වය, කුසලතාව මගින් නිර්මාණවලට විශේෂ දායකත්වයක් දැක්වීිය.
දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිත වේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රෙබෙකා නිර්මලී මහත්මිය අද අලුයම අභාවප‍්‍රාප්ත වී තිබේ. Rating: 5 Reviewed By: Unknown