728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 7 August 2014

රාජිත සේනාරත්න සේවකයන් උද්ඝෝෂණයට බලෙන් ගෙන යති...

රාජිත සේනාරත්නට එරෙහිව බොදුබල සේනාවෙන් එල්ල වූ චෝදනාවලට විරෝධය පළකරමින් ඊයේ (07 වැනිදා) මාලිගාවත්ත, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත් වූ උද්ඝෝෂණයට ධීවර සංස්‌ථාව, ධීවර වරාය සංස්‌ථාව ඇතුළු අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවකයන් බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ තිබෙන බව වාර්තා වේ.
සියලුම සේවකයන් උද්ඝෝෂණයට එක්‌විය යුතු බව කියමින් බස්‌ රථවල නංවාගෙන සේවකයන් මෙලෙස රැගෙන ගිය බව නිදහස්‌ සේවක සංගමය, ජාතික සේවක සංගමය නියෝජනය කරන වෘත්තීය සමිති නායකයෝ සහ සේවකයෝ කියා සිටියහ.

කෑම පැයේදී පැවති උද්ඝෝෂණය නිසා ආයතනවල සාමාන්‍ය කටයුතු ද අවුල් වූ බව සේවකයන් පැවසූ අතර ඇමැතිවරයකුට එරෙහිව එල්ල වූ චෝදනාවලට, සේවකයන් ඉදිරියට දමා උද්ඝෝෂණ පැවැත්වීම විහිළුවක්‌ යෑයි ද ඔව්හු කියා සිටියහ.

ශිරාන් රණසිංහ
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රාජිත සේනාරත්න සේවකයන් උද්ඝෝෂණයට බලෙන් ගෙන යති... Rating: 5 Reviewed By: Unknown