728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 3 August 2014

නාමල් (බේබී ) මොට වූ තාරුණ්‍යට කිති කැවීම...


 කඩප්පුලියකු ලවා නාමල් රගර් ප්‍රචාරණයේ යෙදීම.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කාල්ටන් රගර් තරගාවලිය පිලිබඳ කොළඹ ප්‍රධාන පෙලේ පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ ප්‍රචාරණ කටයුත්තට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජුලි 31 දින කොළො
ඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ගොස් තිබේ.නාමල් බේබී එම ගමනට නපුංසක ගායකයකු වන ඉරාජ් වීරරත්න නැමැත්තාද කැටුව ගොස් තිබේ.



එහිදී මේ කඩප්පුලි ගායකයා ගීත ගයනයක්ද සිදු කර ඇති අතර ඒ සදහා තමන් සිටින ස්ථානවල සිට හෝ වේදිකාවට පැමිණ නර්තනයක් දක්වන ලෙස ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා තිබේ .ඇතැම් සිසුවියන් එම ගායනය සඳහා නර්තනයේ යෙදීම ගුරුවරුන්ගේ හා ශිෂ්‍ය නායිකාවන්ගේ විරෝධයට හේතු වී ඇති අතර එක් ශිෂ්‍ය නායිකාවක් එම අශෝබන ක්‍රියා කලාපය පාසලට නොගැලපෙන බව ප්‍රකාශ කරමින් නාමල් (බේබී ) මන්ත්‍රී මන්ත්‍රීවරයාට සහ අර කඩප්පුලි ගායකයාට එරෙහිව විරෝධය පළ කර තිබේ.විරෝධය උත්සන්න වීමත් සමග ප්‍රචාරණ කටයුතු අතරමග නවතා, මේ දෙබාන පාසලින් පිටව ගොස් තිබේ. පාසලේ විනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිගේ පුතු අභියසට වුවද පැමිණීමට නිර්භීත කොන්දක් තීබූ මේ දියණියට අපගේ නොමද ප්‍රශංසාව හිමි විය යුතුය.

නාමල් මන්ත්‍රීවරයාට කාර් රේස් පිස්සුවක් ද මීට පෙර වැළදුන අතර, එය කොතෙක් උත්සන්නවීද යන්න කිවහොත් මහනුවර දළදා වීදියේ පවා රේස් පැද්දවීමට ආශාවක් ඉපදිණි.. ඉන් පසු එල්ලවූ මහ නා හිමිවරුන්ගේ විරෝධය හේතුවෙන් ඉදිරි වර්ෂවලදී නැවත මහනුවර නගරයේ කාර් රේස් සංවිධානය කීරීමෙන් වැළකෙන බවට පොරොන්දු විණි.

බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍යාවන් සඳහා එදින රිජ්වේ ආර්යා ළමා රෝහල සමග එකාබද්ධව සෞඛය ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වෙමින් තිබියදීද එම විදුහලේ විදුහල්පතිනිය වන මාලනී හේරත් මහත්මිය නාමල් මන්ත්‍රීවරයාට ඉඩදී තිබෙන්නේ රගර් තරගාවලියේ ප්‍රචාරණ කටයුතු සඳහාය.විරෝධය පැන නගින්නේ කඩප්පුලි ගායකයකු ලවා එම සිසුවියන්ට ආතල් දීමක්ද සමගින් එම ප්‍රචාරණ කටයුත්ත කරන්නට යාම හේතු කොටගෙනය. මීට සම්බන්ධ ගුරුවරු බොහෝ විට කන් කෙටියෙන් අල්ලා දෙහිඅත්ත කණ්ඩියෙන් එහාට විසි කිරීමටද ඉඩ තිබේ. එසේ වුවහොත් ඊටද විරුද්ධ වීමද සියලු පුරවැසියන්ගේ යුතුකමය. මන්ද ඔවුන් කර තිබෙනේ නොකළ යුතු දෙයක් නොව කලයුතුම වැඩක් වන නිසාය.

නාමල් යනු ඊලග ජනාධිපති වීමට සිහින දකින කුමාරයාය.රැගෙන යෑමට කොතෙකුත් ගායකයන් සිටියදී දෙකඩ වූ පණුවකු සේ දගලන ගායකයකු කැටුව යන්නේ ඇයි ? එහි යටිකූට්ටු අරමුණ රසවින්දනය මොට වූ තාරුණ්‍යට කිති කැවීමෙන් නිල් බලකා ගත කරගැනීමක්ද විය හැකියි. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පවා කපාගෙන සුබ අනාගතයකට පිය මනින්නේ මෙබදු කඩප්පුලි ගායකයන් සමග නම් තාරුණ්‍යට කොහොම වෙතත් කලාවට නම් හෙටක් නැති බව පැහැදිලියි. ඉතින් අපිටත් අබ සරණයි ..!

රත්තනදෙණියේ මේධානන්ද හිමි.
meth6677@gmail.com

මෙම ලිපියේ ඇති අදහස් එම ලේඛකයා සතු අතර  ඔබටද අවැසි නම් අදහස් දැක්විය හැකිය...
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නාමල් (බේබී ) මොට වූ තාරුණ්‍යට කිති කැවීම... Rating: 5 Reviewed By: Unknown