728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 10 August 2014

බොලේ ඒ පාර එබෝලා.....

මෙම රෝගයේ මූලික රෝග ලක්‌ෂණ වෙනුවෙන් උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, උගුර වනවීම, සමග ඇති වෙන වමනය සහ පාචනය තත්ත්වයයි. ඇතැම් රෝගීන් වෙතින් ඇස්‌ රතුවීම, සමේ බිබිලි, ඉක්‌කාව සහ අභ්‍යන්තර රුධිර වහනය යන රෝග ලක්‌ෂණ පෙන්නුම් කරනවා. මෙම වෛරසය මොන තරම් භයානකද කියනවා නම් රෝග ආසාදිතයෙකුගෙන් තවත් කෙනෙකුට ව්‍යාප්ත වීම බොහොම ඉක්‌මන්.

එබෝලා වෛරසය ගැන මුලින්ම වාර්තා වුනේ 1976 වසරේ අප්‍රිකාවේ කොංගෝ ප්‍රදේශයේ එබෝලා ගංගාව ආශ්‍රිsතවයි. ඒ නිසාම මෙම රෝගය එබෝලා Ebola virus (EBOV) නමින් හඳුන්වන්න පටන් ගත්තා. පසුකාලයේදී මෙම වෛරසයෙන් නව ප්‍රභේද පහක්‌ හඳුනා ගත්තා. ඒවායින් හතරක්‌ම මිනිසුන්ට ආසාදනය වෙනවා. ඒ අතරින් RESTV ප්‍රභේදය මිනිසුන්ට රෝග ඇති නොකළ ද අනෙකුත් ප්‍රයිමේටාවන්ට රෝගය ව්‍යාප්ත කරනවා. මෙම රෝගයේ මූලික රෝග ලක්‌ෂණ වෙනුවෙන් උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, උගුර වනවීම, සමග ඇති වෙන වමනය සහ පාචනය තත්ත්වයයි. ඇතැම් රෝගීන් වෙතින් ඇස්‌ රතුවීම, සමේ බිබිලි, ඉක්‌කාව සහ අභ්‍යන්තර රුධිර වහනය යන රෝග ලක්‌ෂණ පෙන්නුම් කරනවා. මෙම වෛරසය මොන තරම් භයානකද කියනවා නම් රෝග ආසාදිතයෙකුගෙන් තවත් කෙනෙකුට ව්‍යාප්ත වීම බොහොම ඉක්‌මන්. බටහිර අප්‍රිකාව තුළ එබෝලා වෛරසය පැතිරීම බොහොම වේගවත්ව සිදුව තිබුණ රාජ්‍යයක්‌. කොංගෝ ජනරජයේ ගෝරිල්ලන් 5000 ක්‌ පමණ මෙම වෛරසයෙන් ආසාදිත වුණා. ගෝරිල්ලන් වඳ වීමට බලපෑ හේතු අතර එබෝලා වෛරසයද එක්‌ හේතුවක්‌ වුණා.


වනජීවි විද්‍යාඥ ''මග්දලේනා බර්මිෙ- ''සඳහන් කරන්නේ පලතුරු වවුලාගෙන් මෙම වෛරසය ව්‍යාප්ත වෙන අතර ආසාදිත පලතුරු වවුලෙකු විසින් ආහාරයට ගත් පලතුරු ගෝරිල්ලන් බුදින විට මෙම ශ්‍රාවයන් පැතිරීමේ ශීඝ්‍රතාවය ඇති බවයි.

මේ වෙනුවෙන් වතාවක්‌ කැනඩාවේ විනිපෙග්හි මැනිටෝබා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් අධ්‍යනයක්‌ සිදු කරනු ලැබුවා. ඔවුන්ට අවශ්‍ය වුණේ එබෝලා වෛරසයේ පැතිරීමේ ශීඝ්‍රතාවය හඳුනා ගැනීමටයි. මේ නිසා ඔවුන් ඌරන් හය දෙනෙකුට එබෝලා වෛරසය ශරීරගත කරලා එම ඌරන් මැකෝ වඳුරන් සිටින කූඩුවක්‌ අසල තිබ්බා. දින අටක්‌ වෙත්ම මැකෝ වඳුරන් හතර දෙනාම එබෝලා වෛරසයට ගොඳුරුව සිටියා. මෙම අධ්‍යනයේ කර්තෘ කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සියේ ජාතික ක්‌ෂුද්‍ර ජීවි රසායනාගාරයේ අධ්‍යක්‌ෂ ආචාර්ය ''ගැරී කොබින්ජර්'' සඳහන් කළේ ඌරන්ගෙන් පිට වුණ සෙම්, කොටස්‌ වෙතින් වෛරසය වඳුqරන් වෙතට ව්‍යාප්ත වෙන්නට ඇති බවයි. මෙම අධ්‍යනය මගින් එබෝලා වෛරසයට වාතයේ රැඳී සිටින්නට හැකියාව තිබෙන බව තහවුරු වුණා.''ගැරි කොබින්ජර් ''සඳහන් කරන අන්දමට එබෝලා වෛරසය මිනිසුන්ට පමණක්‌ නොව ප්‍රයිමේටා කුලයේ ඕනෑම සතෙකුට ව්‍යාප්ත වෙන්න පුළුවන්. මුලදි එබෝලා පැතිරෙන්නේ පලතුරු වවුලාගෙන් යන අදහස වෙනුවට ගෝරිල්ලන්, වඳුරන් , කුරගයන්, ඉත්තෑවන් ආදී සතුනුත් රෝග වාහකයන් බවට පත් වුණ අවස්‌ථාවන් තිබෙනවා. සියරා ලියොන් රාජ්‍යයේ මෙම රෝගය ඉතා තදින් දැන් ව්‍යාප්තව තිබෙනවා. වෛරස ආසාදිතයන්ගෙන් 90% ක්‌ පමණ මිය යන බැව් සඳහන් වෙනවා. ආසාදිත පුද්ගලයාගෙන් රෝගය බෝ වෙන අතර මෙම රෝගීන්ට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයෙකුත් මිය ගොස්‌ තිබෙනවා. එබෝලා වෛරසය පිළිsබඳ ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත් කරන ලද දිනයේදීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පාලන සහ වලක්‌වාලීsමේ මධ්‍යස්‌ථානය විසින් ගයනා, ලයිබිරීයාව සහ සියරා ලියොන් යන රටවලට සංචාරය කිරීමේ අනතුරු දැන්වීම නිකුත් කරනු ලැබුවා. මේ වෙන විටත් අතිරේක පුද්ගලයන් 50 ක්‌ දෙනා මෙම රටවල් වෙත යවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පාලන සහ වලක්‌වාලීමේ මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂ ටොම් µ්‍රSඩෙන් සඳහන් කරනවා. රසායනාගාර පරීක්‌ෂණ වේගවත් කිරීම, රෝගය වැළඳිය හැකි රෝගීන් හඳුනා ගැනීම සහ දේශීය සෞඛ්‍ය ක්‍රම ශක්‌තිමත් කිරීම මෙම අතිරේක කණ්‌aඩායමේ වගකීම වී තිබෙනවා. ලයිබිරියාවේ සියලු පාසල් වසා දැමීමෙන් වෛරස ආසාදනයෙන් දරුවන් බේරා ගැනීsමටත් කටයුතු කරනු ලැබුවා.


එබෝලා වෛරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පියවර ගනු ලැබුවත් මේ වෙන විට 729 ක්‌ එබෝලා වෛරසයෙන් ජීවිතක්‌ෂයට පත්ව සිටිනවා. මේ නිසා සියරාලියොන් ජනාධිපතිවරයා විසින් හදිසි තත්ත්වයක්‌ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එබෝලා වෛරසයෙන් ආසාදිත වුවෙක්‌ රෝහල්ගත නොකොට නිවසේ රඳවා ගෙන සිටින්නේ නම් එය බලවත් අපරාධයක්‌ බැව් සියරාලියොන් රජය අවධාරනයෙන්ම සඳහන් කරනවා. එබෝලා වෛරසය ශරීරගත පළමු ඇමරිකානු ජාතිකයා ලයිබි§යාවේ සිට ජෝර්ජියාව දක්‌වා රැගෙන ගොස්‌ ඇත. තිස්‌ තුන් හැවිරිදි මෙම වෛද්‍යවරයා කෙන්ට්‌ බ්‍රින්ට්‌ලි නම් වෙන අතර විශේෂිත වෛද්‍ය උපකරණ සහ පහසුකම් සහිත යානයකින් ඇට්‌ලන්ටාහි එමොරි රෝහලට ඇතුලත් කර ඇත. ඔහුගේ වෛද්‍යවරුන් පවසන්නේ කෙසේ හෝ මෙම වෛද්‍යවරයාගේ ජිවිතය බේරා ගැනීම ඔවුන්ගේ අරමුණ බවයි. මෙම වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය දැන් යහපත් අතට හැරෙමින් පවතින අතර ආසාදිත තත්ත්වයට පත් තවත් සහන සේවිකාවක්‌ ඇමරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු සලසා තිබෙනවා. එබෝලා වෙනුවෙන් සොයා ගනු ලබන එන්නතක්‌ සැප්තැම්බර් මාසයේ පටන් රෝගීන්ට ලබා දීමට ඇමරිකාවේ ජාතික ආසාත්මික හා බෝවෙන රෝග ආයතනය විසින් අවසර ඉල්ලා තිබෙනවා. මෙම එන්නත ක්‌ෂිරපායි සතුන් විෂයෙහි සාර්ථක වු නිසාම එබෝලා රෝගීන් වෙනුවෙන් යොදා ගැනීම සාර්ථක විය හැකි බැව් ජාතික ආසාත්මික හා බෝවෙන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි සඳහන් කරනවා. 

මාරාන්තික එබෝලා වෛරසය යුරෝපය සහ ආසියාවටත් පැතිරීමේ අවදානමක්‌ තිබෙන බව ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන සියයක්‌ එබෝලා පිටු දැකීමේ වැඩ පිළිවෙළ වෙනුවෙන් මේ වෙන විට යොදවා තිබෙනවා.

දෙනුවර සටහන්
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බොලේ ඒ පාර එබෝලා..... Rating: 5 Reviewed By: Unknown