728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 26 December 2013

"ඇත්තටම ඒ දිනය කවදාවත් අමතක වන්නේ නැහැ.


2004 දෙසැම්බර් මස 26 වැනි දිනය. ඒ කළු උදෑසනදී සුනාමි දිය රකුසා කඩා වැදීමෙන් අපේ රටේ හතළිස්‌ දහසකට අධික පිරිසක්‌ මිය ගියහ. පහළොස්‌ දහසකට අධික පිරිසක්‌ තුවාල ලැබූහ. පන්දහසකට අධික පිරිසක්‌ අතුරුදන් වූහ.



කොයිහැටි වෙතත් ඇතමුන්ට සුනාමි ෙ€දවාචකය දැන් අමතක වී ගොසිනි. එමෙන්ම සුනාමි දළ රළ ඇතැම්හු රන්වතුරක්‌ බවට පත්කරගත්හ. එකළ රාජ්‍ය නොවන සංවිධාන අලුතින් බිහි වූයේය. සමහර රාජ්‍ය නොවන සංවිධාන රටේ සුනාමියෙන් විපතට පත් ජනතාවට ලැබුණු මුදල් ගසා කෑහ.

මේ ෙ€දවාචකයේ දී අතිබහුතරයක්‌ වූ මෙරට ජනතාව දැඩි කම්පාවට පත්වූහ. සුනාමියෙන් විපතට පත්වූවන්ට හැකි උපරිම ආකාරයට පිහිට වූහ. ඒ අතර කලදුටු කල වළ ඉහගන්නා සුළු පිරිසක්‌ද සිටියහ. මේ නොමිනිස්‌සු මියගිය අයගේ රන් හාණ්‌ඩ එළිපිටම කොල්ලකෑහ. මේ මහා විපත අයෙකුට කලා නිර්මාණ ස`දහා අනුභූතීන් සපයා තිබිණි. ඇ`දිවත පමණක්‌ ඉතිරි වූ ඇතැම්හු මේ මහා විපතින් පසු දිරියෙන් නැගී සිටියහ. මිනිස්‌ ජීවිත වල සියලු හැඩතල මේ ව්‍යසනයත් සමග ලෝකයට පෙනෙන්නට වූයේය.

කරාපිටිය රෝහලේ තත්ත්වය

සුනාමි රළ කඩා වැදුණු උදෑසන දකුණේ ජනතාවගේ ප්‍රතිකාර භූමිය වන ගාල්ල කරාපිටිය මහ ඉස්‌පිරිතාලය මළ සිරුරුවලින් වැසී ගියේය. එදා රෝහල පුරා තැනින් තැන මළ සිරුරු ගොඩා ගසා තිබිණි. ඒවා දැකීමට තරම් මගේ දෑස්‌ අවාසනාවන්ත විය. සැබවින්ම එදා කරාපිටිය මහ ඉස්‌පිරිතාලය එකම දැවැන්ත මළ ගෙයක්‌ බවට පත්ව තිබිණි.
සුනාමි මතකයේ  ඔබ මෙතෙක් නොදුටු  ඡායාරූප පෙළක්....
















 ඡායාරූප  ... සුමිත් ජයන්ත ඩයස්    ගෙන්
සුනාමි විපත වී පැය කිහිපයක්‌ ඇතුළත කරාපිටිය මහ ඉස්‌පිරිතාලයට මළ සිරුර රැගෙන එන්නට විය. එදින දහවල් දොළහ පමණ වන විට රෝහලට රැගෙන ආ මළ සිරුර සංඛ්‍යාව හාරසියයකටත් අධිකය. රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් රෝහල තුළ හදිසි ආපදා තත්ත්වයක්‌ ප්‍රකාශයට පත් කළේය. සාමාන්‍ය නේවාසික රෝගීන් රෝහලෙන් නිදහස්‌ කෙරිණි. ඒ වනවිට රෝහල් බලධාරීන් පත්ව තිබූ බරපතළම ගැටලුව වූයේ මිය ගිය අයගේ අනන්‍යතාවය තහවුරු කරගෙන මළ සිරුරු නිදහස්‌ කරන්නේ කෙසේද යන්නය.

මෙය අධිකරණ වෛද්‍යවරුන්ට මෙන්ම හදිසි මරණ පරීක්‍ෂකවරුන්ටද බරපතළ ගැටලුවක්‌ විය. එදින රෝහලේ හදිසි මරණ පරීක්‍ෂණ පවත්වමින් සිටියේ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය බී.ජී.එන්. කරුණාතිලකය.

"ඇත්තටම ඒ දිනය කවදාවත් අමතක වන්නේ නැහැ. මොනවා කරනවාද කියලා හිතා ගන්න බැරිවුණා. මිය ගිය අයගේ ඥාතීන්ගේ අඳෝනා වලින් රෝහල දෙදරුවා. කුඩා දරුවන් විශාල පිරිසක්‌ මිය ගොස්‌ සිටියා. අපට අවශ්‍ය වුණේ මේ මළසිරුරු කඩිනමින් මියගිය අයගේ ඥාතීන්ට හාරදෙන්න. අධිකරණ වෛද්‍යවරු සමග සාකව්ඡා කරලා මළ සිරුරු නිදහස්‌ කිරීම ආරම්භ කළා. අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් තමයි මළ සිරුරු මුදා හැරියේ. දින කිහිපයක්‌ දිවා රෑ නොබලා වැඩකළා." ඔහු අතීත සිද්ධීන් සිහිපත් කරමින් මා සමග පැවසීය.

බිඳෙනසුළු ජීවිතයේ සැබෑව කියාදුන් අඳුරු උදෑසන

*රෝහලේ මළ සිරුරු වල තිබෙන රන් මාලත් කොල්ල කෑවා...
*සිරුරු කල් තබාගන්න සම්ප්‍රදායික ක්‍රමත් පාවිච්චි කළා...
*සිරුරු හාරසීයක්‌ හ`දුනා ගන්න බැරිව මිහිදන් කළා...
*එන් ජී ඕ කාරයෝ සිරුරුවලට නිසි ගෞරව දැක්‌වුවෙ නෑ කියලා ප්‍රශ්න ඇති කළා..
මළ සිරුරුත් කොල්ල කෑ කොල්ලකරුවෝ

කාලකණ්‌ණිකම වන්නේ නින්දා සහගත කොල්ලකරුවන් පිරිසක්‌ද රෝහලට පැමිණ සිටීමය. ඔවුහු මියගිය අය පැළ`ද සිටි රන් හාණ්‌ඩ කොල්ලකෑමට උත්සාහ කළහ. සමහර කාලකණ්‌ණින් බොරුවට හ`ඩා වැළපෙමින් අනේ මේ මගේ අම්මා, මේ මගේ තාත්තා සහෝදරයා කියමින් කෑ ගසා අ`ඩ අ`ඩා මළසිරුරුවල තිබූ රන් හාණ්‌ඩ ගලවාගෙන ගියහ.

එවකට කරාපිටිය මහ ඉස්‌පිරිතාලයේ රෝහල් පොලිසියේ ස්‌ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස්‌ සැරයන් පී. කේ චන්දදාස මේ අපරාධ පාලනය කිරීමට සෑහෙන උත්සාහයක්‌ ගත්තේය.

"මට මතකයි බෙල්ලෙ රන් ආහරණයක්‌ පැළ`ද ගෙන සිටියදී මියගිය කාන්තාවකගේ ගෙලට අත දමා මාලය කඩා ගන්න එක මිනිහෙක්‌ උත්සාහ කළා. මා මේක දැක්‌කා. ඇත්තටම මට පුදුම වේදනාවක්‌ ආවේ ඒක දැක්‌කම. ඒකට ගහලා එලවා දැම්මා. මේ විදිහට රන් හාණ්‌ඩ කොල්ල කෑමට පැමිණි පුද්ගලයන් කිහිප දෙනකුම එළවා දැම්මා. ඇත්තටම පිරිසක්‌ මේ හොරකම් වලට සංවිධානය වෙලා ඇවිත් සිටියා." ඔහු මා සමග කීවේය.

විශේෂඥ අධිකරණ

වෛද්‍යවරයාගේ කතාව

මළ සිරුරු නිදහස්‌ කිරීමේ දී අධිකරණ වෛද්‍යවරුන්ගෙන් ද සිදුවූයේ සුවිශේෂි වු කාර්යහාරයකි. කරාපිටිය මහ ඉස්‌පිරිතාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රෝහාන් රුවන්පුර මේ ෙ€දවාචකයේදී ඉටු කරනු ලැබුවේ සුවිශේෂි වූ කාර්යහාරයකි.

ඔහු එදින කොළඹ නගරයේ සිට කරාපිටිය රෝහලට පැමිණියේය. පැමිණි විගස මළසිරුරු නිදහස්‌ කිරීමේ කාර්යට අත ගැසුවේය. මේ නිසා මේ ෙ€දවාචකය වී වසර නමයක්‌ ගතවන අවස්‌ථාවේ මේ ගැන කථාකිරීමට සුදුසුම පුද්ගලයා විශේෂඥ අධිකරණ වෛද්‍ය රෝහාන් රුවන්පුරය.

අපි වෛද්‍ය රුවන්පුර මේ අතීත ෙ€දවාචකය සිහි කරන්නේ මෙසේය.

ඇත්තටම මේ වගේ අත්දැකීමක්‌ මා ලබලා තිබුනේ නැහැ. පිටකොටුවෙ හා මහබැංකූ බෝම්බ පිපිරීම් වලදිත් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ ස`දහා මා සහහාගි වුණා. මෙතරම් විශාල පිරිසකගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වීම ගැටලුවක්‌ වුණා. සුනාමි රළ කඩා වැදි පළමු විනාඩි විස්‌ස ඇතුළත තමයි මේ සියලු දෙනා මිය ගියේ. මළ සිරුරු කඩිනමින් ඔවුන්ගේ ඥාතීන්ට භාර දීම ස`දහා අපි පොදු මරණ පරීක්‍ෂණයක්‌ තමයි පැවැත්වූයේ. ඒ වෙනුවෙන් මහෙස්‌ත්‍රාත්වරු පිරිසක්‌ද කරාපිටියට පැමිණ හිටියා.

පුළුවන් විදියට මියගිය අයගේ අනන්‍යතාව තහවුරු කරගෙන මළ සිරුරු මියගිය අයගේ ඥාතීන්ට භාර දීමට කටයුතු කළා. අධිකරණ වෛද්‍ය අංශයෙන් තමයි මළ සිරුරු ගණනය කර හ`දුනාගෙන ඥාතීන්ට හාර දුන්නේ. පළමු දිනය තුළ මළ සිරුරු විශාල ප්‍රමාණයක්‌ නිදහස්‌ කළා. කොහොම හරි දින දෙකක්‌ තුනක්‌ යන විට මළ සිරුරු 1200 කට අධික සංඛ්‍යාවක්‌ රෝහලට රැගෙන විත් තිබුණා. මේ මළ සිරුරුවලින් 400 ක්‌ විතර හ`දුනා ගන්න බැරිවුණා. ඒ සියල්ල අපි ඡායාරූපගත කළා. අංකගත කළා.

මළ සිරුරු එක උඩ එක උඩ තිබ්බේ නැහැ. එක පෙළට තමයි තිබ්බේ. මේවා නරක්‌ නොවී තබාගැනීමත් අපට ගැටලුවක්‌ වුණා. ඇත්තටම මෙහිදී මේ මළ සිරුරු සුළු එම්බාම් කිරීමක්‌ කළා. පෝමලින් සියයට පහේ ද්‍රාවනයක්‌ හදලා මළ සිරුරුවලට උදේ හවස වත්කළා. මේ නිසා මළ සිරුරු නරක්‌ වුණේ නැහැ. දුර්ගන්ධය අඩුවුණා. ඒ විතරක්‌ නොවෙයි මළ සිරුරු කල්තබාගැනීමේ සාම්ප්‍ර දායික ක්‍රමත් අපි හාවිත කළා."

"දැනටත් අපේ රටේ පැරණි ගම්මානවල මළ සිරුරු කල්තබා ගැනීමට ලුණු පොට්‌ටනියක්‌ මිය ගිය පුද්ගලයගේ උදරය මත තියෙනවා. නමුත් අපට ලුණු සොයා ගන්න බැරිවුණා. කෙසෙල් පතුරු කපලා ඒ මත මළ සිරුරු තිබ්බා. මේ නිසා සිරුරු නරක්‌ නොවී කල්තියාගන්න පුළුවන් වුණා. හ`දුනා නොගත් මළ සිරුරු සමූහ වළක මිහිදන් කළා. මේ අයගේ ඡායාරූප අරගෙන තිබූ නිසා ඥාතීන් විශාල පිරිසක්‌ පසුව පැමිණ මළ සිරුරු හ`දුනා ගත්තා. ඒ ඡායාරුප අපි ප්‍රදර්ශනය කළා. කරාපිටිය රෝහලට රැගෙන විත් තිබූ විදේශිකයන්ගේ මළ සිරුරුත් නරක්‌ නොවී තබා ගැනීමට අපට හැකිවුණා."

"සමහර රාජ්‍ය නොවන සංවිධාන මළ සිරුරු නීතියට අනුව ඉවත් කළේ නැහැ කියලා ජනමතයක්‌ ගොඩ නගන්න හැදුවා. මානව හිමිකම් කඩ වී ඇති බවට චෝදනා කරන්න හැදුවා. ඇතැමුන් පුද්ගලික අරමුණු ඉෂ්ඨ කරගැනීමට තමයි කටයුතු කළේ. නමුත් කරන්න පුළුවන් උපරිමයෙන් ගෞරවාන්විත ආකාරයට මළ සිරුරු මිහිදන් කිරීමට කටයුතු කළා."

"මට මතකයි එදා සී. එන්. එන්. මාධ්‍යවේදීන් කණ්‌ඩායමක්‌ කැමරා අටවාගෙන රෝහලේ හිටියා. ඔවුන් සිදුවන හැම දෙයක්‌ම හො`දින් නිරීක්‍ෂණය කරමින් හිටියේ. පස්‌සේ ඒ මාධ්‍යවේදියා මා ළගට ඇවිත් අපට ස්‌තූති කරලා මළ සිරුරු ඉවත් කිරීම නිසි අයුරින් සිදුවුණා කියලා කීවා. ඇමරිකාවේ කැත්රිනා කුණාටුවෙදිත් මළ සිරුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවට චෝදනා ආවා. නමුත් මේ තරම් විශාල ෙ€දවාචකයකදිත් අපට හැකි අයුරින් ඒ කටයුතූ ඉතා වැදගත් විදියට ඉටුකළා."

විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර ඒ අ`දුරු උදෑසන මතකය යළි සිහි කළේය. මේ ලිපිය පෙළගස්‌වනු ලැබුවේ මනුෂ්‍ය ජීවිතයේ බිෙ`දනසුළුබව, තිරිසන් අමනුස්‌ස ගතිය මෙන්ම උත්තම ගති සොබාද ප්‍රකට කළ ඒ බිsහිසුණු අතීත අත්දැකීමේ කටුක මතකය පාරවන්නට නොවේ. ගෙවා දමන ඉතිරි ජීවිත කාලයට පාඩමක්‌ උගත හැකි අප්‍රමාණ පාඩම් ඒ සිදුවීම හා බැ`දී ඇතැයි අප විශ්වාස කරන නිසාය.

ලලිත් චාමින්ද

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: "ඇත්තටම ඒ දිනය කවදාවත් අමතක වන්නේ නැහැ. Rating: 5 Reviewed By: Unknown