728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 25 December 2013

ඉයුජිනීගේ ඉලක්කය ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් වීමයි. ...


ඇමරිකාවේ ටෙනසි ප‍්‍රාන්තයේ හැරෝගේට්හි වාසය කරන ඉයුජිනී ද සිල්වාගේ එකම අරමුණ වන්නේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් වීමයි. 


ශී‍්‍ර ලාංකික ඇය මේ දක්වා ලබා ඇති ජයග‍්‍රහණ දෙස බැලීමේදී කවදා හෝ ඇය තම අරමුණ කරා යතියි සැකයක් ද  නැත.
මේ සා දස්කමක් කිරීමට සැරසෙන ඉයුජිනී 14 වියැතිය.තරුණ විය බොහෝ දෙනාට විවිධාකාර දේ වෙනුවෙන් හිස වෙහෙසකිරීමට මංපෑදුවත්  ඉයුජිනී ඒවාට සූදානම් නැත.ඇයට පැහැදිලි අරමුණක් ඇති අතර එය දිනාගන්නා තෙක් වැඩකිරීමට ඇය සූදානම්ය.
මුලින්ම ඇය අපේක්ෂා කරන්නේ එක්සත් ජනපදය වෙනුවෙන් බුද්ධි අංශ නිළධාරිනියක ලෙස කටයුතු කිරීමටයි.අනතුරුව ඇයගේ අරමුණේ උත්තරීතරම ස්ථානය ඇමරිකා ආරක්ෂක ලේකම් ධූරය දිනා ගැනීමයි.
මේවා ඉයුජීන්හට සිහින වලට සීමා වන්නන් නොවේ.ඇයගේ වැඩකටයුතු හා මේ දක්වා ඇය පා ඇති දස්කම් දෙස බැලීමේදී ඇය කවදා හෝ දිනන බව නම් සහතිකය.
ඇයගේ අධ්‍යාපන මට්ටම ඇත්තේ සුපිරිම තලයේය.වසර 3 කට ඉහතදී තම පාසැල් අධ්‍යාපන කටයතු හමාර කර තිබෙන ඇය ඇමරිකා ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් බුද්ධි අංශ විමර්ශණ කටයුතු උපාධිය ලබාගෙන ඇත්තේ  එම උපාධියට හිමි ඉහළම සාධන මට්ටම හිමිකරගනිමිනි.පාසැල් සමයේදී ඇයට කිසිදිනක ඒ සාමාර්ථයෙන් පහළ සාධන මට්ටමක් හිමි වී නොමැත.ඇයට ගණිතයට හා කථනයට දැක්වූ දස්කම් වෙනුවෙන් වර්ජිනියාවේ ජෝන් හොප්කින්ස් සරසවියෙන් පිරිනැමුනු ගෞරව  සහතිකයකුත් හිමිය.ඇය මෙම සහතිකය දිනා ගැනීමට සමත්ව ඇත්තේ යන්තම් වසය අවුරුදු 9 දීය.
උසස් අධ්‍යාපනය සදහා වසය අවුරුදු 14 ක් වැනි ලාබාල අවධියේදීම හාවර්ඞ් සරසවියට පිවිසීමට වරම් ලැබ ඇති ඇය නීතිය සදහා වන  ගෞරව උපාධි පාඨමාලාවට ඇතුළත්ව සිටී.ඇයගේ සමකාලීනයෝ මේ වන විට නව වන  වසරේ ඉගෙනුම ලබති.නීතිය සදහා වන උපාධි පාඨමාලාවේදී ඇය තම පළමු අධ්‍යන වාර්තාව සිදුකර ඇත්තේ පාඨමාලාව ආරම්භ  වීමටත් ප‍්‍රථමයෙනි.ඇය හා පාඨමාලාව හදාරය ඇයගේ සහෝදර පන්ති සාමාජිකයෝ සියල්ලෝම වයස අවුරුදු 20 - 30 අතර පසුවන්නෝ වෙති.
ඇයගේ පියා රචනා කළ උසස් අධ්‍යාපනය ලබන සිසුන් සදහා වන ග‍්‍රන්ථයකටත් ඇය දායකත්වය ලබාදී ඇත්තීය.11 වැනි වියේ සිට ඇය තමන් සකස් කළ පර්යේෂණ වාර්තා ජාත්‍යන්තර හමුවන්ට ඉදිරිපත් කරද ඇති අතර  ඒ සියල්ලකගෙන්ම ප‍්‍රථම ස්ථානයද ලබා ඇත.ළමා පොත් 2 ක්ද ඇය ප‍්‍රකාශයට පත් කර ඇත්තීය.
මේසා වැඩකටයතු කිරීමට තමන්ට දිරිය දෙන්නේ තම පියා බව ඇය පවසයි.ඔහුට වෙනස්ම ආරයේ ඉගැන්වීම් රටාවක් ඇති බව ඇය කියයි.
ඇයගේ පියා වන මහාචාර්ය ඉයුජීන් ද සිල්වා ශී‍්‍රලංකාවේ අධ්‍යාපනය ලැබ උසස් අධ්‍යාපනය සදහා බි‍්‍රතාන්‍යය කරා සංක‍්‍රමණය වූවෙකි.භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව සම්බන්ධයෙන් බව මහාචාර්යවරයෙකු වන ඔහු සේවය කරන්නේ ඇමරිකාවේ වෝල්ටර් ස්ටේට් විදුහලේය.වර්ජිනියා පර්යේෂණ ආයතනය පිහිටුවීමටද මූලිකත්වය ගෙන ඇත්තේ ඔහුය.‘‘මම උගන්වන්නේ පර්යේෂණයන් භාවිතා කරලා.මේ සම්බන්ධ ඉගැන්වීම් රටාව දැනටමත්  ඇමරිකාවේ ටෙනහසි හි අත්හදා බැලෙමින් පවතිනවා.වෝල්ට්ර් ස්ටේට් විදුහලේ හා ඇමරිකා අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ පූර්ණ අධිීක්ෂණට මත තමයි මෙය සිදුවන්නේ.මම බලාපොරොත්තු වනවා වර්ජිනියා පර්යේෂණ ආයතනයේ ශී‍්‍රලංකා ශාඛාව ඔස්සේ ශී‍්‍රලංකාවටත් අලූත් ඉගැන්වීම් ක‍්‍රමවේදයන් හදුන්වාදීමට‘‘ මහාචාර්ය ඉයුජීන් ද සිල්වා කියයි.
ලංකාවේ දැනට පවතින අධ්‍යාපන ක‍්‍රමය සම්බන්ධයෙන් ඔහුගේ කිසිදු මනාපයක් නොමැත.
‘‘අප ළමයි මනින්නේ ඒ සාමාර්ථ වලින්.අපොස උසස් පෙළ විභාගය සැළකුවහොත් ප‍්‍රතිඵල හැටියට අපට ඒ සාමාර්ථ ගොඩකුත් තියෙනවා.නමුත් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් තවම ලැබිල නෑ.මගේ අදහස තමයි  සහතිකයකට පමණක් සීමා නොවන අධ්‍යාපන ක‍්‍රමයක් දක්වා ශී‍්‍රලංකාවේ අධ්‍යාපනය වර්ධනය විය යුතු තත්ත්වයක පවතිනවා කියලා‘‘
ඔහු  කියයි.
ශී‍්‍ර ලංකාවේ විභාග ක‍්‍රමය හා බැදී ඇති ටියුෂන් සංස්කෘතියද ඔහුගේ අවධානය දිනා ගෙන තිබේ.
‘‘මේ තරගයෙන් ශී‍්‍රලංකාවේ ළමුයින් මුදවා ගත යුතුමයි.‘‘ඔහු පවසයි.
කුඩා ඉයුජිනීද තම පියාගේ අදහස් හා එකග වන්නීය.
‘‘මම මගේ පියාගෙන් ඉගෙන ගෙන තිබෙන හැටියද ඉගෙනීම කියන්නේ විනෝදයෙන් කළ යුතු දෙයක් මිස රාජකාරියක් නොවේ.‘‘ ඇය කියයි.
ඉගෙනීමට අමතරව බාහිර කි‍්‍රයාකාරකම් රැසකද ඉයුජීන් නිරත වේ. කරාටේ සටන් කලාවේ දුඹුරු බද පටියකට හිමිකම් කියන ඇය පාපන්දු  ක්‍රිඩාවේද නිරත වන්නීය.ටෙනසිහි පැවැත්වුණු රූ රැජින තරගයකටත් සහභාගිව ඇති ඇය එයිනුදු ජය ලබා ඇත්තීය.
මේ සා බාහිර කි‍්‍රයාකාරකම් රැුසක් මධ්‍යයේ වුවද ඉගෙනුමට ලබා දෙන තැන ඇය අමතක කරනොමැත.
හාර්වර්ඞ් විශ්වවිද්‍යාලයේ ඉහළ උපාධි පාඨමාලාවෙන් පසුව ඇය බුද්ධිමය කටයුතු වෙනුවෙන් පිරිනමන පශ්චාත් උපාධිය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවේ.
‘‘මම සමානත්වය,පිළිගැනීම,මානව හිමිකම් කෙරෙහි තදින්ම විශ්වාස කරනවා.සියලූ දෙනාට මේ කරුණු ගැන සැළකීමේදී එකසේ අවස්ථා හිමිවිය යුතුමයි.මගේ කි‍්‍රයාකාරකම් හා වැඩකටයුතු සියල්ල පදනම් වෙලා තිබෙන්නේ මේ කරුණු මත.‘‘පුද්ගලයෙකුට යමක් දිනා ගැනීමට අවශ්‍ය නම් නිසි අරමුණක් තිබීම වැදගත් යැයි ඇයගේ අදහසයි.‘‘අරමුණු අප එකම මාර්ගයක රදා පවත්වා ගන්නවා.හරි තීරණ ගන්න අපව මෙහෙයවනවා‘‘ ඇය කියයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඉයුජිනීගේ ඉලක්කය ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් වීමයි. ... Rating: 5 Reviewed By: Unknown