728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 6 December 2013

රටවල් 8 ක්‌ ප්‍රභාට අවි දුන් හැටි ඔප්පු කිරීමට සූදානම්


රටවල් අටක්‌ ප්‍රභාකරන් සන්නද්ධ කළ අන්දම සාක්‍ෂි සහිතව සනාථ කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. කොටි සංවිධානය සතුව තිබූ අවි සහ වෙනත් විද්යුත් උපාංගවල අනුක්‍රමික අංක සහ එකී අවි එම රටවලට අයත් බව දැක්‌වෙන ලාංඡනද හමුවී තිබේ.


ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නඟන ඇමරිකානු රජය සතු එම්.16 ඒ ප්‍රහාරක අවිද, මුහුදු කොටි යාත්‍රාවල තිබූ රේතියොන් රේඩාර් පද්ධතිද, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මුහුදු ස්‌කූටර්ද ඇතුළු උපාංග රැසක්‌ රජයේ ආරක්‌ෂක හමුදා විසින් සොයාගෙන තිබේ.

මුල්ලිවයික්‌කාල් හි තිබී හමුවූ එම්. 16 ඒ ප්‍රහාරක අවිවල ඇමරිකානු රජය සතු අවි බවට සඳහන් කර තිබූ බව ඉහළ පෙළේ ආරක්‌ෂක ආරංචි මාර්ග පැවසීය.

මේ හැර ඉරණමඩු කොටි ගුවන් ධාවන පථයට අවශ්‍ය බැටරි සහ විදුලි පහන් සපයා ඇත්තේ බ්‍රිතාන්‍ය සහ ජර්මානු සමාගම් වේ.

මෙයට අමතරව කොටි ස්‌ලින් වර්ගයේ ගුවන් යානා තුනක්‌ බංගලිදේශයේ කෘෂි රසායන සමාගමක්‌ හරහා මිලයට ගත් බව චෙක්‌ රාජ්‍යය ශ්‍රී ලංකාවට දන්වා ඇත.

බටහිර රාජ්‍යයන්වල වෙස්‌මුහුණ ගැලවීමට අපි සූදානම් යයි ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක්‌ පැවසීය.

කොටි සංවිධානය සතුව තිබූ අවි ආයුධවල වටිනාකම රුපියල් මිලියන 1400 ක්‌ යෑයිද හෙළිවී ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රටවල් 8 ක්‌ ප්‍රභාට අවි දුන් හැටි ඔප්පු කිරීමට සූදානම් Rating: 5 Reviewed By: Unknown