728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 11 December 2013

ආණ්ඩුකාරයා සහ හමුදාව පන්නන යෝජනාවක් උතුරේ සම්මතයි

2014 වර්ෂය වෙනුවෙන් වූ උතුරු පළාත් සභා අය වැය යෝජනා ඉදිරිපත් කල ඊයේ දිනයේ පැවති මාසික රැස්වීමේදී උතුරු ආණ්ඩුකාර තනතුරට සිවිල් අයෙකු පත්කර හමුදාව පරිපාලන කටයුතු වලින් ඉවත් කොට උතුරේ සිවිල් පරිපාලනය ස්ථාපිත කල යුතු යයි යෝජනා දෙකක් ඒකමතිකව සම්මත වී තිබේ.

උතුරු පළාත් සභා මන්ත‍්‍රී කේ.සිවාජිලිංගම් මහතා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනා දෙක ජනාධිපතිවරයා වෙත ලබා දීමට පියවර ගතයුතු බවද යෝජනාවේ සදහන් කොට තිබේ.
දැනට උතුරු ආණ්ඩුකාර ධුරය දරන්නේ ජී.ඒ. චන්ද්‍රසිරි මහතායි.
මහ ඇමති විග්නේෂ්වරන් අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කලේ මධ්‍යම රජයෙන් උතුරු පළාත සඳහා වෙන් කර ඇත්තේ ඉතා සුළු මුදලක් බවයි. එනිසා විදේශ ආධාර ඉල්ලන්නට තම පළාත් සභාවට සිදුවන බවත් ඊට මධ්‍යම ආණ්ඩුව බාධා නොකල යුතු බවත් ඔහු සඳහන් කලේය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ආණ්ඩුකාරයා සහ හමුදාව පන්නන යෝජනාවක් උතුරේ සම්මතයි Rating: 5 Reviewed By: Unknown