728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 6 December 2013

සිංහලයකුගේ බෙල්ල කපා ගස් බෙනයකට දැම්මා

අත්අඩංගුවේ පසුවන කොටියා පා‍පොච්චාරණය කරයි....දවස් දහයක් විතර කඳවුරේ ඉන්නකොට ප්‍රභාකරන්  හමුවෙන්න කියලා තමලින්බන් මාස්ටර් ඇවිල්ලා කිව්වා. ඊට පස්සේ ධර්මපුරම ප්‍රදේශයේ ශාලාවක ලොකු උත්සවයක්  ලෑස්ති කළා.
අනුරාධපුර  එයාෆෝස් කෑම්ප් එකට ගහපු සිද්ධියට සම්බන්ධ සියලු දෙනා එතනට එකක්ගෙන  ගියා. එහේ යනකොට තවත් නායකයන් සහ ගොඩක් කට්ටිය එතනට ඇවිල්ලා හිටියා. තමිල් චෙල්වම්, නඩේසන්, ‍පොට්ටු අම්මාන්, චාල්ස් ඇන්තනී, මනිවන්නන්, මනිඅරසන් සහ ගුවන් කොටි කට්ටියක්  ඇවිල්ලා හිටියා.  රාත්‍රී 8.00 වෙනකොට උත්සවය පටන් ගත්තා.   ප්‍රභාකරන්  ඇවිල්ලා   අපි ඔක්කොටම තෑගි දුන්නා යැයි අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන්  දැනට රක්ෂිත බන්ධනාගාර ගතව  සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ  ප්‍රබල  සාමාජිකයෙකු හා මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු  වන රාසවල්ලන් තබෝරූබන් පා‍පොච්චාරණය කර තිබුණි.
මේ සම්බන්ධයෙන් විමර්ශන කරන  විමර්ශන කණ්ඩායම විසින් යාපනය  මයිලඩි, උතුර කන්කසන්තුරේ පදිංචි රාසවල්ලන්  තබෝරූබන් නොහොත් කඩ්රල්වෙල්ගෙයි නොහොත්   කුහන් නැමැත්තා ලබා දුන් පා‍පොච්චාරණය අනුරාධපුර විශේෂ මහාධිකරණය වෙත යොමු කර තිබූ අතර හිටපු එල්ටීටීඊ සාමාජිකයා ලබා දුන් පා‍පොච්චාරණයෙ තවදුරටත් මෙසේ සඳහන් වේ.
11-2ඔක්තෝබර් 10 වෙනිදා  විසිඑක්දෙනා සමග මමයි පුට්ටයි පූකලරාසන් තමලිබන් මාස්ටර් රත්නම් මාස්ටර් වීඩියෝ කරන එක්කෙනයි බෆල් එකෙන් මන්නාරම  පල්ලමඩුවලට ගියා. ප්‍රහාර එල්ල කරන හැටි නැවත කියලා දුන්නා. ඊට පස්සේ අපි තුන්දෙනාට කතා කරලා කිව්වා  මේ විසිඑක්දෙනා කිසිම කරදරයක් නැතුව අනුරාධපුරයට අරන් යන්න කියලා. අනුරාධපුරය නුවර වැව් ළඟට ගියොත්   දිනුම් කියලත් කිව්වා. අපි මල්අතු ඔය ළඟට  ආවා.
අපි ඇදගෙන හිටපු ඇඳුම් ඔක්කොම  ගලවලා  ගල්වල ඔතලා මල්අතු ඔයට  දැම්මා. ඊට පස්සේ එයාෆෝස් එකට සමාන කැමා යුනිෆෝම් ඇඳගෙන මිහින්තලය තේක්ක  කැලයට ආවා. අපි එතනට වෙලා ඉන්නකොට වයසක තට්ටය තිබෙන පුද්ගලයෙකු ආවා. මම එයා එක්ක කතා කර කර ඉන්නකොට ජුට්ටාත් ඇවිල්ලා කතා කළා. ජුට්ටට හොඳට සිංහල පුළුවන්. අපිත් එක්ක   ආපු ගෑනු කෙනෙකුගේ සයිනයිඩ් කරලක් එළියේ තියනවා දැකලා මිනිහා අප්සෙට් වුණා.
එයා අප්සට්  වුණ ගමන්ම එළිලිබන් එයාගේ අතේ තිබුණු පිහිය අතට ගත්තා. ගොවිතැන් කරන තැන පෙන්නන්න කියලා ජුට්ටා ඒ පුද්ගලයව එක්කගෙන ගියා. ඊට පස්සේ ඔහුට වෙඩි තියලා මරලා එයාගේ බෙල්ල කපලා ගස් බෙනයක දාලා අපිට පෙන්නුවා.
ඊට පස්සේ එතන ඉඳලා 10.30  වෙනකොට කැලෑවේ සිට පාරට ඇවිල්ලා නුවර වැවට 21 වෙනිදා ආවා. මෙදින දහවල් රාත්‍රියේ  කැලෑවේ  ගත කළා. රෑ 21 දෙනාටම ප්‍රහාර එල්ල කරන හැටි ඉලංගෝ විසින් කියා දුන්නා. ඊට පසුව වම් පැත්තෙන් දකුණු පැත්තෙන් ඇතුළු වෙන්නේ කවුද කියලත් කියලා දුන්නා. ඊට පස්සේ 2007 ඔක්තෝබර් 22 වෙනිදා උදේ 01.00 වෙනකොට අපි  වැව් පිට්ටනිය කේ‍රාස් කරා. එයාර් ෆෝස් කෑම්ප් එක දිහා බලනකොට  තිබෙන බොරලු පාරෙන් ඇවිල්ලා පාර කේ‍රාස් කරා.
පස්සේ ආපසු බොරලු පාරේ මීටර් 100 ක්  විතර ඇවිල්ලා වම් පැත්තේ  තිබෙන ගෙවල් 03ක කම්බි වැටවල්  කපා ගෙවල් පිටුපස්සෙන් එයාර් ෆෝස් වැට මායිමට ආවා.
එලිලින්බන් දැළ කැපුවා. ටෝෆිඩෝර් දැළ යටින් දැම්මා. ඒවා ඇතුළට දැම්මෙත් එලිලින්බන්මයි. දැල කපාපු තැනින් 18ක් කඳවුරට ඇතුළු වුණා. ඒ සියලු දෙනා බොඩි ආමර් දාගෙන හිටියේ.
කනිකිරන් මට ඇවිල්ලා කිව්වා ජුට්ටා සහ පූකලරාසන් සමග ආපහු යන්න කියලා. මේ කියලා අපි ආපහු යන්න හදනවාත් සමගම බංකර් එක පැත්තෙන් කවුද කවුද කියලා කෑගැසුවා. ඒ එක්කම වගේ ෆයර් එකක් ආවා.
11-1

ඒත් එක්කම වගේ කඳවුරේ තිබූ බංකරයට ආර්.පී.ජී. ප්‍රහාරයක් එල්ල කළා. එතකොට වෙලාව හරියටම පාන්දර 03.22යි. එහෙම ඇතුළු වෙලා ෆයර් එක පටන්ගෙන විනාඩි 07කට පස්සේ එම්.අයි. 24 එකකට ගැහුවා කියලා සෙට් එකෙන් මට පණිවුඩය ලැබුණා. විමන්ගේ කණ්ඩායමෙන් ගැහුවා කියලා තමයි මට පණිවුඩය ලැබුණේ.
මේ පණිවුඩය ලැබෙනකොට මමයි ජුට්ටයි පූකලරාසනුයි හිටියේ මීටර් 200-250 දුරින්. මගේ අතේ තිබුණු සැටලයිට් ෆෝන් එකෙන් තමිල්මාරන් මාස්ටර්ට කව්වා ඇටෑක් එක පටන් ගත්තා ෆ්ලයිට් 02ක් එවන්න කියලා. එතන ඉඳලා උදේ 05.30 වෙකම් වීඩියෝ කරා. පුකලරාසන් ෆෝන් එකෙන් තමිල්මාරන් මාස්ටර් එක්ක කතා කරා. අනික් කෙනා වටේ බල බලා හිටියා. ඊට පස්සේ 05.30 වෙනකම් කඳවුර ඇතුළේ හිටියා. වීඩියෝ කරනකොට මා දුටුවා ගුවන් හමුදා කඳවුර ඇතුළේ ලොකු පිපිරීම් සිදුවෙනවා. ඒ පිපුරුම් සිදුවුණේ බිච් ක්‍රාෆ්ට් නවත්තලා තිබුණු ස්ථානවලයි එම්.අයි. 24 හෙලිකොප්ටර් නවත්තලා තිබුණු ස්ථානවලයි.
මේ ප්‍රහාරය සාර්ථකව එල්ල කිරීමෙන් පසු අපට කීවා ප්‍රභාකරන් හමුවෙන්න කියලා තමලින්බන් මාස්ටර් ඇවිල්ලා කිව්වා. ඊට පස්සේ ධර්මපුරම් ප්‍රදේශයේ ශාලාවක ලොකු උත්සවයක් ලෑස්ති කරා. අනුරාධපුර එයාෆෝස් සිද්ධියට සම්බන්ධ සියලු දෙනා එතනට එක්කගෙන ගියා. එහේ යනකොට තවත් නායකයන් සහ ගොඩක් කට්ටිය එතනට ඇවිල්ලා හිටියා. තමිල් චෙල්වම්, නඩේසන්, ‍පොට්ටු අම්මාන්, චාල්ස් ඇන්තනී, මනිවන්නන්, මනිඅරසන් සහ ගුවන් කොටි කට්ටියත් ඇවිල්ලා හිටියා. රාත්‍රී 8.00 වෙනකොට උත්සවය පටන් ගත්තා. ප්‍රභාකරන් ඇවිල්ලා ඔක්කොටම තෑගි දුන්නා.
මට මයික්‍රෝ වර්ගයේ පිස්ටල් එකයි. සුවිස් මිල්ටරි ඔරලෝසුවයි, සුවිස් නයිෆ් එකක් සහ පදක්කම් ලැබුණා. ඊට පස්සේ ප්‍රභාකරන් කතා කරලා ඔක්කොටම කෑම දීලා උත්සවය අවසන් කරා. සෙන්පරදිට පදක්කම් එකක් සහ ඩබල් ටූ පිස්ටල් එකක් දුන්නා. තමිල්මාරන් මාස්ටර්ට රත්තරන් පදක්කමක් සමග ඩබල් ටූ පිස්ටල් එකක් දුන්නා.
11-32008 මැයි මාසේ ස්පෙෂල් ට්‍රේනින් එකකට 28 දෙනෙක් මට දුන්නා. ට්‍රේනින් කර කර ඉන්නකොට අටවෙනි මාසේ ටීම් එකේ තුන්දෙනෙක්ව වැඩකට ලෑස්ති කරන්න කියලා රත්නම් මාස්ටර් මට කිව්වා. ඒ අනුව කුන්රන්, කුලල්වානන්, කාන්දරුබන් ලෑස්ති කරා. ලෑස්ති කරන්න කිව්වහාම මම දන්නවා කොහේ හරි යන්න රූට් එකක් තියනවා කියලා. ඒ නිසා ඒ අයට ගෙනියන්න ටී. 56 අවි තුනක්, ජී.පී.එස්. එකක්, සැටලයිට් ෆෝන් එකක්, වවුනියාව මන්නාරම මැදවච්චිය අඩංගු මැප් 04කුත් දුන්නා. කෑම, සපත්ත,ු කොළපාට යුනිෆෝම්, අත්බෝම්බ ලෑස්ති කරලා ඔවුන්ට දුන්නා. රත්නම් මාස්ටර් කිව්වා තුන්දෙනෙක් එපා දෙන්නෙක් ලෑස්ති කරන්න කියලා. ඒ අනුව මම කාන්දරුබන් අයින් කරා. ඊට දවස් දෙක තුනකට පස්සේ බෆල් එකක් ඇවිල්ලා මේ දෙන්නා අරගෙන මාන්කුලම් ගියා. රත්නම් මාස්ටර් මට කිව්වා කිලිනොච්චි එන් කියලා. එල්.ටී.ටී.ඊ. එකෙන් මට දීලා තිබුණු හීරෝ හොන්ඩා සී.ඉසෙඩ් බයිසිකලයෙන් කිලිනොච්චියේ රත්නම් මාස්ටර්ගේ ඔෆිස් එකට ගියා. ඒක තිබුණේ කිලිනොච්චියේ තිරුනගර්වල. එහේ ගිහිල්ලා රත්නම් මාස්ටර්ව හම්බ වුණා. එහේ ප්‍රභා කියන ලීඩර්ද හිටියා.
එයාගේ තිබුණේ එක ඇහැයි. එයාට වයස අවුරුදු 36ක් විතර ඇති. එතනදී සාකච්ඡාවක් පවත්වලා ප්‍රභාගේ ටීම් එකේ තුන්දෙනයි අපේ කණ්ඩායමේ දෙන්නයි පුලියන්කුලම් ශශීකුමාර් මාස්ටර්ගේ බේස් එකට එවනවා කියලා ප්‍රභා කිව්වා. මායි රත්නම් මාස්ටරුයි බයිසිකලයෙන් ශශීකුමාර් මාස්ටර්ගේ බේස් එකට ආවා. අපි එනකොට මගේ කණ්ඩායමේ දෙන්න වන කුන්රන්, කුලල්වානන් සහ ප්‍රභාගේ කණ්ඩායමේ අය බේස් එකේ හිටියා.
එක්කෙනෙක් සුසයිඩර් කෙනෙක්. ඒ වෙලාවේ මම එයාගේ නම දන්නේ නෑ. අනික් දෙන්නා කරන් සහ තෙන්නවන්. ඊට පස්සේ මමයි රත්නම් මාස්ටරුයි ශශීකුමාර් මාස්ටරුයි වවුනියාව ආමි එකේ ඉදිරි ආරක්ෂක වළල්ල කේ‍රාස් කරන පාර මැප් එකකින් බැලුවා. ශශීකුමාර් මාස්ටර් කේ‍රාස් කරන්න ඕන පාර පෙන්නුවා. ඊට පස්සේ එදාම රෑ එයාගේ දෙන්නෙක් දුන්නා. පහුවෙනිදා මේ හත්දෙනාම දවල් 02.00ට විතර ශශීකුමාර් මාස්ටර්ගේ බේස් එකෙන් පිටවුණා වවුනියාව පාලමොට්ටෙයිවලට යන්න. රත්නම් මාස්ටර්ගෙන් මට උපදෙස් ලැබුණා. සුසයිඩර්ගේ ජැකට් එක හරියට පැක් කරලා තියනවාද බලන්න. මම ඒක බලන්න යනකොට සුසයිඩර් කිව්වා ඒක හරියට පැක් කරලා තියෙන්නේ කියලා.
මම එයාට කිව්වා වැඩේ හොඳට කරන්න කියලා. ගොඩක් මහන්සි වෙලා ඔයාව භාරදීලා තියෙන්නේ හොඳට කරන්න කියලා. සුසයිඩ් එක්නෙකා කිව්වා හොඳයි හොඳට වැඩේ කරන්නම් කියලා.
ඊට පස්සේ මම ඒ ෆෝන් එකෙන්ම උමාර්ට කතා කළා. ඔයා අපේ සංවිධානයට හොඳට උදව් කරනවා. මේ වැඩේත් කරන්න කියලා. ඒ සුසයිඩර්ව උමාර්ට භාරදුන්නේ 2008 අගෝස්තු 10 වෙනිදා. ඒකත් මගේ ‍පොතේ ලියා තිබෙනවා.
ඉන්පසු කණ්ඩායම භාරගත්තේ කුලල්වානන්. ඊට දින 04කට පස්සේ ශශීකුමාර් මාස්ටර්ගේ බේස් එකට ඒ කට්ටිය ආවා. ඊට පස්සේ ශශීකුමාර් මාස්ටර්ගේ කෑම්ප් එකට ඇවිත් නතර වෙලා හිටියා. ඊට පහුවෙනිදා කරන් එයාගේ කඳවුරට ගියා. මමයි කුලල්වානනුයි දවස් දෙකකට පස්සේ කිලිනොච්චි ආවා. රත්නම් මාස්ටර් මට එන්න කියලා වෝකිටෝකිවලින් පණිවුඩයක් දුන්නා. රත්නම් මාස්ටර්ගේ ඔෆිස් එකට මම ගියා.
එතනදී රත්නම් මාස්ටර් හම්බ වෙලා කිව්වා ඔයාගේ කණ්ඩායම එක්කගෙන ගිහින් භාරදුන්නා. සුසයිඩර් තමයි මේ වැඩේ හොඳට කරලා තියෙන්නේ කියලා. මට තෑන්ක්ස් කරා. පස්සේ 2008 දහවෙනි මාසේ 07 වෙනිදා කොටි හඬ රේඩියෝවලින් හා පත්තරවලින් ආරංචි වුණා. (ජෙනරාල්) ජානක පෙරේරා බෝම් බ්ලාස්ට් කරලා අනුරාධපුරයේදී මැරුණා කියලා. එයත් එක්ක 29 ක් මැරුණා 30ක් තුවාල වුණා කියලත් දැනගත්තා.
සංවිධානයේ ඔක්කොටම කට්ටිය ඒ ගැන කතා වුණා. මිල්ටරි යුනිට් එකේ කට්ටියත් ඒ ගැන කතා වුණා. ජානක පෙරේරාගේ බෝම්බ බ්ලාස් කරේ ඔයගොල්ලන්ට බාර දීපු සුසයිඩර් තමයි. එයා හොඳට වැඩේ කරා. කියලා තෑන්ක්ස් කරා ඒකෙන් මම දැනගත්තා කුන්රන් අරගෙන ගිය කෙනා තමයි මේ බ්ලාස්ට් එක කළේ කියලා.
මාව අත්අඩංගුවට පත් වීමෙන් පසු මට ෆෝටෝ වගයක් පෙන්නලා විමර්ශන ඒකකයේ මහත්තයෙක් කට උත්තරයක් ගත්තා. ඒකේදී මම සුසයිඩර් පෙන්නුවා. මම කරපු කියපු දේවල් ඔක්කොම කිව්වා. දැන් මගේ හිත නිදහස්. යුද්ධයෙන් මා මැරෙන්නේ නැතුව දෙයියෝ බේරුවා.
මෙම ප්‍රහාරයට සම්බන්ධ මයිලඩි උතුර කන්කසන්තුරේ පදිංචි රාසවල්ලන් තබෝරූබන් නොහොත් කඩ්රල්වෙන්ගෙයි නොහොත් කුහන් නමැත්තා තවදුරටත් මේ මස 11 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළේය.
2007 වර්ෂයේ ඔක්තෝබර් මස 22 වෙනි දින අලුයම එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය විසින් ගුවනින් ගොඩබිමින් හා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ නවතා තිබූ එම්.අයි. 24 වර්ගයේ ගුවන් යානා ඇතුළු ගුවන් යානා 10ක් මුළුමනින්ම විනාශ විය. තවත් ගුවන් යානා 06කට අර්ධ වශයෙන් හානි සිදුවිය.
මෙම ප්‍රහාරය වන අවස්ථාවේ කඳවුරේ සහයට වවුනියාවේ සිට පැමිණි බෙල් 212 වර්ගයේ ගුවන් යානයකටද ත්‍රස්තවාදීන් ආර්.පී.ජී. ප්‍රහාරයක් එල්ල කරමින් විනාශ කර දැමූ අතර එම සටනින් ගුවන් හමුදාවේ බලඝන නායකවරයකු ඇතුළු 14 දෙනෙකු ජීවිතක්ෂයට
පත්විය. මෙම ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා සෙබළුන් එල්ල කළ ප්‍රහාරවලින් ප්‍රහාරය සඳහා පැමිණි කළු කොටි 21 දෙනකු ජීවිතක්ෂයට පත්වූහ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සිංහලයකුගේ බෙල්ල කපා ගස් බෙනයකට දැම්මා Rating: 5 Reviewed By: Unknown