ඊළාම්වාදීන්ගේ වහසිබස් ගැන අප කලබල විය යුතු නැත. එලෙසම උතුරු පළාත් සභාවට අවශ්‍ය ලෙස ශ්‍රී ලංකා රාජ්‍යය ක්‍රියාකළ යුතු නැති අතර උතුරු පළාත් සභාව ක්‍රියාත්මක විය යුත්තේ මෙරට ස්‌වාධිපත්‍යයට හා භෞමික අඛණ්‌ඩතාවයට හානි නොවන අයුරිනි. එනිසාම දෙමළ සන්ධානය කවර නැටුමක් නැටුවද උතුරු ආණ්‌ඩුකාරවරයා ඉවත් කළ යුතු නැත. දෙමළ සන්ධානයේ පදයට හදිසියේ හෝ උතුරු ආණ්‌ඩුකාරයා ඉවත් කළ හොත් එය ශ්‍රී ලංකා රාජ්‍යයට නිග්‍රහයකි. රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ටද නිග්‍රහයක් බව පැහැදිලිව සටහන් කළ යුතුව ඇත.
උතුරු පළාත් සභාවේ බලය දෙමළ සන්ධානය දිනාගත් දින පටන් එහි සීතල යුද්ධයක් ඇරඹී තිබෙන බව ප්‍රකට රහසකි. ඒ සීතල යුද්ධය පවතින්නේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා හා උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා අතරය. කොළඹ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව යාපනයේ සංචාරයක යෙදුණු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවූ උතුරු මහ ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේද තමන්ට ඇති ප්‍රධානතම ප්‍රශ්නය හමුදා ආණ්‌ඩුකාරයා වන බවයි. හමුදා ආණ්‌ඩුකාරයාට විග්නේෂ්වරන් විරුදධ වන්නේ කවර හේතුවකටද? දෙමළ ඩයස්‌පෝරාව සතුටු කිරීමටද? නැත්නම් දෙමළ ජනයා සතුටු කිරීමටද? 2009 මැයි 19 න් පසු උතුරු පළාතේ වෙසෙන ජනයා හා හමුදාව අතර ගැටුමක් ඇතිවූයේ නම් නැත.
2014 වසර සඳහා උතුරු පළාතේ අය වැය ඉදිරිපත් කරමින්ද විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා උතුරු ආණ්‌ඩුකාරවරයා විවේචනය කර සිටියේය. ආණ්‌ඩුකාරවරයාගේ අනුමැතිය නැතිව කම්කරුවකුට හෝ පත්වීමක් ලබාදිය නොහැකි බව හෙතෙම ප්‍රකාශ කර සිටියේය. ඇත්තෙන්ම දිවයිනේ පළාත් 9 යේම පළාත් සභාව කටයුතු ක්‍රියාත්මක වන්නේ එකම ආකාරයකටය. ඒ හැම පළාත් සභාවකට පත්වීම් සඳහා ආණ්‌ඩුකාර අනුමැතිය තිබිය යුතුය. එසේ නම් විග්නේෂ්වරන් මහතාට කලබල විය යුතු නැත. උතුරු පළාතට පමණක් විශේෂ නීතියක් බලපැවැත්විය යුතු නැත. උතුරු පළාත ද අයත් වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයට මිස තමිල්නාඩුවට නම් නොවේ. උතුරු පළාතේ නියෝජ්‍ය පොලිස්‌පති ලෙස පූජිත ජයසුන්දර මහතා පත්කිරීම ගැනද උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ කණස්‌සල්ලක් තිබුණු බව ප්‍රකටය. එහෙත් උතුරු පළාතේ ආරක්‍ෂක කටයුතු මෙහෙය විය යුත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයට අවශ්‍ය ලෙස මිස උතුරු පළාත් සභාවට අවශ්‍ය ලෙස නම් නොවේ.
ඇත්තෙන්ම 1974 දී හමුදාවට බැඳී 2009 දී විශ්‍රාම ලැබූ ජී. ඒ. චන්ද්‍රසිරි මහතා එයින් පසු උතුරු පළාත් ආණ්‌ඩුකාරයා ලෙස ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කරනු ලැබීය. යාපනය ආඥපති ලෙසද කටයුතු කළ ඒ මහතා සිය ජීවිතයෙන් වැඩිම කාලයක් ගතකර ඇත්තේද උතුරු පළාතේය. උතුරේ ජනජීවිතය හා දෙමළ ජනතාව පිළිබඳව විශ්‍රාමික හමුදා නිලධාරියකු ලෙස ඔහු සතු දැනුම හා අවබෝධය වර්තමාන මහ ඇමැති විග්නේෂ්වරන්ට වඩා වැඩි බව නම් අවිවාදිතය. විග්නේෂ්වරන් මහතා ජීවත් වූයේ කොළඹ කේමිබ්‍රි- පෙදෙසේය. ඔහු පාසල් ගියේද කොළඹ රාජකීය විද්‍යාලයටය. ඇත්තෙන්ම ඔහු උතුරු පළාතෙන් පිටස්‌තරව සිංහල ජනයා සමග ජීවත්වූ දෙමළ ජාතිකයෙකි. යාපන වැසියෙක් නොවන පුද්ගලයෙක් උතුරේ මහ ඇමැති අපේක්‍ෂක ලෙස පත් කිරීම දෙමළ සන්ධානයේද බරපතළ මත ගැටුමකට ලක්‌විය.
යාපනය ගැන හොඳින් දන්නා මේ ආණ්‌ඩුකාරවරයා ඉවත් කරන ලෙස දෙමළ සන්ධානය ඉල්ලා සිටින්නේ ඔහු සිංහල හමුදා නිලධාරියෙක් වීම නිසාද? නැත්නම් මේ ප්‍රශ්නය හරහා උතුරු පළාත් සභාවේ අර්බුදය ජාත්‍යන්තරීකරණය කිරීමේ උවමනාවක් ඔවුන් තුළ පහළවී ඇත්ද?
මීට පෙරද උතුරු නැගෙනහිර පළාත්වල ආණ්‌ඩුකාරයා ලෙස සේවය කරනු ලැබුවේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ය. වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර මහ ඇමැති වන විට එහි ආණ්‌ඩුකාරවරයා වූයේ විශ්‍රාමික ජෙනරාල් නලින් සෙනෙවිරත්න මහතාය. එදා වර්ධරාජා පෙරුමාල් මේ හමුදා ආණ්‌ඩුකාරවරයා සමග ගැටුමක් ඇතිකරගත් බවක් අපනම් අසා නැත. එසේ නම් දෙමළ සන්ධානය වර්තමාන ආණ්‌ඩුකාරවරයාට එරෙහි වන්නේ දේශපාලන කුහකකමටද? අද හමුදා ආණ්‌ඩුකාරයාට එරෙහිව දෙමළ සන්ධානයේ එදා 2010 දී ජෙනරාල් සරත් ෆොන්සේකා ජනපති අපේක්‍ෂක ලෙස තරග වදින විට සහාය ලබාදුන්නේ කවර පදනමින්ද? දෙමළ සන්ධානය එදා සරත් ෆොන්සේකාට ඡන්දය ලබාදෙන ලෙස කීවේ මන්ද? ප්‍රභාකරන් විනාශ කළ හමුදා නායකයන්ට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටි ආර්. සම්බන්ධන් ප්‍රමුඛ කණ්‌ඩායම අද උතුරේ හමුදා ආණ්‌ඩුකාරයාට එරෙහි වෙති. මෙය සැබවින්ම දේශපාලන කුහකත්වය ප්‍රදර්ශනය කිරීමක් හැර අන් කිසිවක් නොවේ.
තමිල්නාඩුවේ දේශපාලන පක්‍ෂ තමන්ට නිසි ලෙස ජනතා කැමැත්ත ලබා ගැනීමට නොහැකි වූ විට ලංකාවේ දෙමළ ප්‍රශ්නය ගැන ඒ හරහා දෙමළ ජාතිවාදය ඡන්ද ලබා ගැනීමට උත්සාහ කරති. උතුරු මහ ඇමැතිවරයාද කටයුතු කරනුයේ ඒ ආකාරයටම බව පැහැදිලිය. උතුරේ ජනතාවට සේවය කිරීමට විග්නේෂ්වරන් මහතාට අවංක උවමනාවක් ඇත්නම් කළ යුත්තේ ආණ්‌ඩුකාරයාත් කොළඹ රජයත් හිතහොඳින් තබාගෙන තම පළාතේ වැසියන්ගේ ඕනෑ එපාකම් ඉටුකර දීමයි. එසේ නොමැතිව මාස ගණනක් තිස්‌සේ උතුරේ ආණ්‌ඩුකාරයා ගැන මැසිවිලි කියමින් සිටීමෙන් කිසිවකුවටත් යහපත් වන්නේ නැත. එය විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාවට කරන බලවත් අසාධාරණයකි.
ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා පැවැති උතුරු පළාත් සභා මැතිවරණයෙන් දෙමළ සන්ධානය විශිෂ්ට ජයක් ලැබූ අතර ඔවුන්ට පළාත් සභාවේ ආසන 38 ක් 30 ක්‌ම හිමිවිය. එසේ නම් දෙමළ ජනතාව විග්නේෂ්වරන් ඇතුළුÊපිරිසට සිය මනාප පළ කළේ උතුරු පළාත දියුණු කිරීමට මිස ආණ්‌ඩුකාරයාගේ ටයි පටිය අල්ලාගෙන ඔහු සමග ගැටෙන්නට නොවේ.. විග්නේෂ්වරන් මහතා මහ ඇමැති අපේක්‍ෂක ලෙස සිය ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන සමයේ ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මිය උතුරේ ආණ්‌ඩුකාර ධුරයට වඩා සුදුසු බවයි. ගුණසේකර මහත්මිය උතුරේ ආණ්‌ඩුකාර ධුරයට සුදුසුද නැද්ද යන්න තීරණය කළ යුත්තේ රටේ ජනපතිවරයා මිස උතුරු මහ ඇමැතිවරයා නම් නොවේ.
පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවෙන් පසුව උතුරු ආණ්‌ඩුකාරවරයා වෙනස් කරන බවටද තොරතුරු පළ විය. එහෙත් දෙමළ සන්ධානයේ අවශ්‍යතාවයට උතුරු ආණ්‌ඩුකාරයා කෙසේවත් වෙනස් කළ යුතු නැත. උතුරු පළාතට අවශ්‍ය වන්නේද ඒ පළාත ගැන හොඳ අවබෝධයක් ඇති පුද්ගලයෙකි. උතුරු පළාතේ සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කළ නොහැකි යෑයි දෙමළ ජාතික සන්ධානය කියයි. විජය රජුද රාවණ රජුද, දේවානම්පියතිස්‌ස රජුද හින්දු ආගම ඇදහූවන් බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු මන්ත්‍රී එස්. යෝගේස්‌වරන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි. රටේ ඉතිහාසය වෙනස් කරන දෙමළ සන්ධානය මහා වංශයටද අලුත් අර්ථකථන දීමට උත්සාහ කරන බව පෙනේ. මේ ඊළාම්වාදීන්ගේ වහසිබස් ගැන අප කලබල විය යුතු නැත. එලෙසම උතුරු පළාත් සභාවට අවශ්‍ය ලෙස ශ්‍රී ලංකා රාජ්‍යය ක්‍රියාකළ යුතු නැති අතර උතුරු පළාත් සභාව ක්‍රියාත්මක විය යුත්තේ මෙරට ස්‌වාධිපත්‍යයට හා භෞමික අඛණ්‌ඩතාවයට හානි නොවන අයුරිනි. එනිසාම දෙමළ සන්ධානය කවර නැටුමක් නැටුවද උතුරු ආණ්‌ඩුකාරවරයා ඉවත් කළ යුතු නැත. දෙමළ සන්ධානයේ පදයට හදිසියේ හෝ උතුරු ආණ්‌ඩුකාරයා ඉවත් කළ හොත් එය ශ්‍රී ලංකා රාජ්‍යයට නිග්‍රහයකි. රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ටද නිග්‍රහයක් බව පැහැදිලිව සටහන් කළ යුතුව ඇත.
චතුර පමුණුව

0 comments:
Post a Comment