728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 28 December 2013

බුදුන්ගේ කාලයෙත් කැසිනෝ තිබ්බා- ලංකාවට කැසිනෝ ඕනේ- උඩුවේ ධම්මාලෝක හිමි

බුද්ධ කාලයේදීද සූදූ ක්‍රීඩා තිබූ බැවින් කැසිනෝ වලට තමන් විරුද්ධ නොවන බව උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා.


සංචාරකයන්ගේ අභිමාර්ථ ඉටු කිරීමෙන් රටේ සංවර්ධනයක් අපේක්ෂා කරන්නේ නම්, එයින් විදේශ විනිමය අපේක්ෂා කරන්නේ නම් කැසිනෝ වැනි සංචාරක ව්‍යාපෘති රටට අවශ්‍ය බවයි උන්වහන්සේ පවසන්නේ

එමෙන්ම ලෝකය හා එක්ව ගමන් කිරීමේදී මෙරට වැසියන් හුදෙකලා ගමනක නිරත විය නොහැකි බැවින් රටවල් අතර සාමූහිකත්වය වර්ධනය සඳහා ශ්‍රී ලාංකිකයන්ට සහභාගිවීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම අහුරා කැසිනෝ රටේ ආරම්භ කිරීමට ඉඩදියයුතු බවත් උන්වහන්සේ පවසනවා.

"දැන් බලන්න සිංගප්පූරුව වගේ රටවල කැසිනෝ ව්‍යාප්ත වූ ආකාරය. අන්න ඒ නිසා මෙම කැසිනෝ සම්බන්ධ කරුණු ක‍්‍රියාත්මක විය යුත්තේ ශ‍්‍රී ලාංකිකයන්ට යාමට අපහසු වන පරිදි නීති සකස් කරලයි. අපේ රටේ මිනිස්සුන්ට යන්න බැරිවෙන්න යම් ප‍්‍රමිතිකරණයකට කැසිනෝ එනවා නම් එහි වරදක් නෑ. මොකද අපට විදේශිකයන්ට ඒ දේවල් තහනම් කරන්න බෑ.

අනික සංචාරකයන්ගේ අභිමථාර්ත ඉටුකිරීම තුලින් මේ රටේ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම් එවැනි දේ රටට අවශ්‍යයි. මොකද ලෝකෙ වෙනස් වන විට අපිට එක තැන ඉන්න බෑ. ඒ නිසා අපි ඒ අවශ්‍ය ආකාරයට හැඩ ගැසිය යුතුයි.

මගේ විරුද්ධත්වය තියෙන්නෙ මේ කැසිනෝ සඳහා ශ‍්‍රී ලාංකිකයන් යාම මතයි. බුදු දහමට අනුව එය අපට අනුමත කරන්න බෑ. එනිසා පැහැදිලිව කිව යුතුයි කැසිනෝවලට මගේ විරුද්ධත්වයක් නෑ කියන කාරණය. හැබැයි ඒවා නියත වශයෙන්ම ශ‍්‍රී ලාංකිකයන්ට තහනම් විය යුතුයි
"


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බුදුන්ගේ කාලයෙත් කැසිනෝ තිබ්බා- ලංකාවට කැසිනෝ ඕනේ- උඩුවේ ධම්මාලෝක හිමි Rating: 5 Reviewed By: Unknown