ඊයේ උදැසන මට ලැබුණු පුවතකි .ඊට පෙරදා රාත්‍රියේදී මුදුයන්සේ දයාවංශ හෙවත් දයාවන්ත හදිසියේ මියගිය බවයි ඒ ....ඔහු ඉපදුනේ හැදී වැඩුණේ තිස්සමහාරාමයේ උවද ඔහු ජිවිතයේ බොහෝ කළක් සිටියේ බත්තරමුල්ල ,පැලවත්ත ප්‍රදෙශයෙදියි ....
මට ඔහු හමුවියේ මගේ පාසල් අවදියේ දීමය ...එකල ඡායාරූප ශිල්පයේ ආධුනිකයෙකු වූ මා මා ගත් ඡායාරූප මුද්‍රණය කරගැනීමට බත්තරමුල්ලේ එවකට පිහිට තිබු සීගල් ඡායාරූප ශාලාවට යාම පුරුද්දක් වී තිබුණි .ඡායාරූප ගැනීම සහ මුද්‍රණය කිරීම භාරව සිටි ප්‍රධාන ඡායාරූප ශිල්පියා වුයේ දයාවංශය..මා ගත් ඡායාරූප පිළිබඳව ඔහු සතුටින් කතා කළේය .දැන් මෙන් එකල ඩිජිටල් cameras නොතිබූ නිසා ,ගන්නා ලද ඡායාරූප දැක ගත හැක්කේ එම දළ සේයා පටල මුද්‍රණය කොට බැලීමෙන් පමණි ..අනික වරකට ගතහැකි ඡායාරූප සංඛ්‍යාවද සීමිතය 12,24,36, ආදී වශයෙනි ...වෙළෙඳපොලේ දළ සේයා පටලයක් ඉතා ඉහල මිල නිසා මා දයාවංශ ගේ ස්ටුඩියෝවේ අලෙවි කළ කළුසුදු දළ සේයා පටල refills ගැනීමට මා පුරුදුව සිටියෙමි ..එකල මා විසින් ආරම්භ කර තිබු සිනේලංකා තරුණ සිනමා සංවිධානය සුදානම් කර තිබු විශේෂ උත්සව අවස්ථාවන් සඳහා නිළ ඡායාරූප ශිල්පියා වුයේ දයා ය .නමුත් පාසල් යන අවදියේ සිටි අපට මොහුගේ ගණන් හිලව් දරාගත නොහැකි වූ අවස්ථාවන් විය ...ඒ බව මා ඔහුට කෙළින්ම පවසන ලදුව ඉන්පසුව අප සංවිධානයට සහනදායි පිළිවෙතක් අනුගමනය කරන්නට විය . .
නමුත් මට මතක අයුරු එක්තරා වකවානුවක ඔහුව අපට සොයා ගත නොහැකි විය ...ඒ ඔහුගේ හැටිය .ඔහු ඊළඟට බොරැල්ලේ සෙන්ට්‍රල් ස්ටුඩියෝවේ සේවය කරන බැව් මට ආරංචි විය .නමුත් ඒ වනවිට අප සංවිධානයේ ම සිටි ,දැන් ප්‍රසිද්ධ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු වන ඩී ,කේ .ලැන්ටි විසින් අප සංවිධානයේ නිළ ඡායාරූප ශිල්පී පුරප්පාඩුව පිරිමසන ලදින් ...දයාවංශ ගේ අඩුව අපට ප්‍රශ්නයක් නොවීය.
ඉන්පසුව ඊට වසර ගණනාවකට පසුව මා හට ඔහු මුණ ගැසෙන්නේ බොරැල්ල බස් නැවතුම් පලේදියි ..එවිට මා ස්වාධීන රුපවාහිනී සේවයේ සහය වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙසින් සේවය කරමින් සිටි අවදියයි ...එදා මා ඔහු දකින විට සිටියේ හොඳහැටි මත්පැන් බි ,කිළිටු කමිසයක් ද ඇඟෙහි දවටාගෙනය ....මෙළෙස මින් ඉහතදී ඔහු එවන් කිළිටු කමිසයක් ඇඳ සිටිනු මා දැක නැත ...ඔහු සැමවිටම ඉතා ප්‍රියමනාප ලෙසින් ඇඳුම් ඇඳ සිටි අයෙකු විය .
මට ඔහුව මතක තිබු බැවින් කතාකිරීමට සිත් විය .
"දයාවංශ නේද ..? මොකද මේ කටගොන්නක් බීගෙන .මොකක් හරි ප්‍රශ්ණයක්ද..? මා ඇසීය...
එවිට ඔහුගේ පෞද්ගළික වූ ප්‍රශ්න රැසක් කීමට පටන් ගති . කෙනෙකුගේ දුක හමුවේ එම තැනැත්තාට පිටුපා යාමේ න්‍යායක් හෝ හැකියාවක් නොමැති මා එදින පටන් පුරා වසර ගණනාවක් එවකට මා ලැබූ සොච්චම් වැටුපෙන් හරි අඩක් ඔහුට ලබාදුණි. මේ බව අදටද ස්වාධීන රුපවාහිනියේ මාගේ පැරණි හිතවතුන් මෙනෙහි කරති . ඔහුට සේවය කිරීමට ඡායාරූප ශාලාවන් සොයා දුන්නෙමි ,නමුත් ඒ එකකවත් ඔහු මාස කිහිපයකට වඩා සේවය නොකළේය .එමෙන්ම මා ඒ පිළිබඳව ඔහුගෙන් නොඇසිය .මා ලංකාවේ සිටියදී
මා මාගේ උපන්දිනයදා නොකඩවා සිදුකෙරූ ලේ දන්දීමේ පින්කමට වසර ගණනාවක් ඔහු ස්වෙච්ඡාවෙන් සහභාගී විය .එපමනුකුදු නොව පසුගිය මහා භීෂණ සමයේදී මහ රෑ මාගේ යතුරු පැදියේ මා සමග විය .මහමග මරා දමා තිබු තරුණ මළසිරුරු ඔහු ඡායාරූපයට නැගිය ..අපද බේරුණු අවස්ථාවන් බොහෝය ....අද දින පුවත්පත් කලාවේ වැජඹෙන බොහෝ ඡායාරූප ශිල්පිනට වඩා දක්ෂකමින්,ජවයෙන් අනුන නිර්භීත අයෙකු විය ...බත්තරමුල්ල ,පැලවත්ත ප්‍රදේශයන්හි ඔහු නොදන්නෙක් නොමැති තරම්ය .
ඔහු බොහෝවිට දුප්පත් අයගේ ,නැතිබැරි අයගේ උත්සවයන් ,ළමුන්ගේ කොටහළු උත්සව නොමිළයේ ඡායාරූප ගතකොට ඔහුගේ වියදමෙන් ඇල්බම් සාදා දුන්නේය ..නමුත් මිතුරන්ගේ නම් මගුල් උත්සවයේ ඡායාරූප ලැබෙන්නේ ඔවුනට දරුවන් ලබුනටද පසුව යයි ..ඔහුගේ මිතුරන් පවසනු මට ඇසි තිබේ.
ගුණසිරි සිල්වාගේ ඡායාරූප ශාලාවේ ඔහු දිගු කළක් සේවය කළේය ...
මිතුරන් අතර හොඳ මිතුරෙක් විය ....ප්‍රදේශයේ දේශපාලුවන් ඔහුගෙන් සිය පෝස්ටර් ඡායාරූප නොගත්තේ නම් පුදුමයකි .මා විදේශගතවූ පසුව කිහිපවිටක්ම ඔහුට කථා කළේය වරක් ඔහු තවත් අය කිහිපදෙනෙක් හා සමග එක්වී කලා පුවත්පතක් ඇරඹීමට උත්සහ කළාද මතකය ....
කීමට බොහෝ දේ ඇත .මතකයේ බොහෝ දේ සිරවී ඇත ....යුගයක මතක තව යුගයක අමතකය ....එනමුදු මිතුර ඔබ මිතුදම නොඅමතකය ....මේ මොහොතේ බොහෝ සේවයක් කොට නිහඬව නික්ම ගිය තවත් අයෙකුගේ සිරුරක් මිහිබත් කරනු ඇත..
මේ ලියන මොහොතේ මා සමග දුරකථනයෙන් කතාකරමින් දයාගේ අවමංගල්‍ය උත්සවයේ නිමාව පිළිබඳව මා මිතුරු විජිත් ද සිල්වා ,සිරිතුංග පෙරේරා, නිලන්ත බණ්ඩාර ,උපුල් පුෂ්පකුමාර , විස්තර දැන්වීමද අගය කළ යුතුය .
සුමිත් ජයන්ත ඩයස්
අද ස්වාධීන රුපවාහිනී නිව්ස් අංශයේ සිටින හර්ෂ ධනංජය සිය ගමන ආරම්භ කරන්නේද දයාවංශ නිසාය ...මිට දශකයකට පෙරින් මහරගම ආපන ශාලාවකදී සිය කොණ්ඩය දණහිස තෙක් වවාගෙන සිටි තරබාරු පුද්ගලයෙකු මා සහ දයාවංශ සිටි මේසය ලඟට විත් ඔහු සහ මිතුරු වන්නේය .පසුව දයාවංශ මා හඳුන්වා දෙන්නේය ...එතනකුදු නොනැවතී ඔහුට අවස්ථාවක් දෙන ලෙස මගෙන් ඉල්ලා සිටියේය ...
පසුව හර්ෂ නමැති පුද්ගලයා හට නන් අයුරින් ,මුදලින් ,ඇඳුමින් ,නවාතැනින් පවා උපකාර කළ දයාවංශ ගේ අවසන් ගමන ට පවා මෙකි නරුමයා නොපැමිණි බව අපට වාර්තා විය .අයෙකුගේ අධ්‍යාපන තත්වයේ ඇති කිසිදු වැදගම්මක් නොමැත , මෙය මා සඳහන් කරනුයේ අනෙක් කිසිවෙකුට හෝ උපහාසයක් හෝ අපහාසයක් කරනු සඳහා නොවේ ....රාජ්‍ය ආයතනයක විධායක තනතුරක් දරන්නෙකු හට විශේෂයෙන් මාධ්‍ය ආයතනයක දී එය ඉතා වැදගත් නොවන්නේද ...???..අට වන ශ්‍රේණිය පවා නොසමත් මෙම පුද්ගලයා හට එසේ උපකාර කළ කිසිවෙකු අද ඔහු නොහඳුනයි ....මෙය මා හට ලියා තැබීමට සිත් වියේ අප සමාජයේ වැජබෙන මෙවන් පහත් පාදඩයන්ගේ නිරුවත හෙළිකළ යුතුම නිසාය ..
සුමිත්
0 comments:
Post a Comment