728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 26 December 2013

තව්සන්ඩ් ටෝක් සහ සෙන්ටිම් වර්ක්

තව්සන්ඩ් යනු දහස් ය සෙන්ටිම් යනු සතය/ යුරෝ සත හඳුන්වන්නේ සෙන්ටිම්ස් යනුවෙනි  
පසුගිය දින වකවානු ඔස්සේ අප වෙබ් අඩවියට පැමිණි ඔබ හට කිසියම් නොපැහැදිලි වූ යම් හෙළිදරව්වක් පිළිබඳව ඉඟියක් සනිටුහන් කරන ලදී .එහි පසුබිම ලුහුඩින් දැක්වීම අපගේ යුතුකමය ...පසුගිය නොවැම්බරයේදී ලංකාවේ සිට තමුන් විශාල ව්‍යාපාරිකයන්  ලෙසට තමුන්ම හඳුන්වා ගත් පිරිසක් ප්‍රංශයට .ගොඩ බැස්සේය ...ඒ ගොඩ බැස්සේ යුරෝ පඬුරු කාසි පොට්ටනි කිහිපයක්ද රැගෙනය ...

 ඉතාලියේදී යුරෝ 30 කට 5 දෙනෙකුට සිත් පුරා සප්පායම් වීමට හිතහොඳ අවන්හලක් ලැබීමේ ප්‍රීතිය වෙනුවෙන් එම ඉතාලි ජාතික හිමිකරු දෙපළ සමග ලංකාවේ කෝටිපති ව්‍යාපාරික යැයි තමුන්ම හඳුන්වා ගන්නා  අම්බළමක නඩේ ගත් සේයාරුවක්....( අඩු මුදලකට කෑම වේලක් යුරෝපයෙන් ලැබීම තරම් වූ  ලෝකෝත්තර සතුටක් අපේ පඬුරු කෝටිපතියන්ට ඇත්තේ කොහිද...? )


 මෙම පිරිස සමග ලංකාවේ සිට ඔවුන් සමග ආ මිනිස් පිදේනියක්ද සිටියේය ...මැය ඔවුන් ගෙන ආයේ ප්‍රංශයේ සිටින අයෙකුගේ පුතෙකුගේ සහකාරිය ලෙසිණි .මෙම උදව්ව සඳහා කළ ගුණ සැළකීමට ප්‍රංශයේ සිටි ඔවුන්ගේ හිතවතාද යුරෝපයේ සංචාරයක් ගෙන යාමට සුදානමින් සිටියේය ..... විවිධ ලෙසින් සංචාරක සහ ප්‍රවාහන සේවා සැපයුවද එකී පුද්ගලයා සතුව වලංගු රියදුරු බලපතක් නොවීම නිසා ...ඔහුට හිතවත් අයෙකු හට මොත්තයක් දමා තම අසනීප තත්වය මත වාහන පැදවීම දොස්තරවරුන් තහනම් කොට ඇතිබව පවසා ඔවුන්ගෙන් උදව් ගැනීම ඔහුගේ සිරීතකි ...නමුත් ඔහුට වාහන පැදවීම තහනම් කොට ඇත්තේ දොස්තරවරු නොව ප්‍රංශ පොලිසියයි ..එසේ වාහන පදවා අසුවුවහොත් හිර අඩිස්සියට ගන්න බවට ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ කිහිප දිනක් හිරබාරයේ තබා නිදහස් කිරිමෙනි.එම නිසා මොහුට රියදුරු බලපත්‍රයක් නොමැති බව නොදත් අය ඔහුගේ දොස්තර අවවාද රංගනයට හසුවිය. මෙවරද එය එසේම විය ...මින්පෙරෙද මිත්‍රත්වය නිසා එවැනි කිහිප වතාවක් ස්වේච්චාවෙන් කිසිදු මුදලක් නොගෙන උදව් කළ අප හිතවතෙකු ඊට නැවත අසුවිය (  මින් පෙරින්ද සුමාන එකහමාරක යුරෝපා චාරිකාවක්ද ඔහු සඳහා නොමිළයේ රිය පදවා දී ඇත.ඊට අමතරව කිහිප වතාවකම රියැදුරු ගාස්තුව නොලැබුනද හුදු මිත්‍රත්වය වෙනුවන් මෙම කපටි පුද්ගලයාට නොමිළයේ රිය පදවා දී උදව් කොට ඇත..)...කිසිදු මුදල් අපේක්ෂාවකින් තොරව මිත්‍රත්වයේ පදනම මත ඔය කියනා ලංකාවේ සිට පැමිණි පෙර ඔහු සඳහන් කළ (කෝටිපතීන් යැයි කියා ගන්නා උනුන්ම කටමෑත දොඩවන)  ඔහුගේ ( කෝටිපති   අම්බළමක නඩේ ) යුරෝපය වටා ගෙන යාමට  අප මිතුරා එකඟ විය ....දින 13 තිස්සේ ඔහු විසින් එම පිරිස මෙකි පුද්ගලයා ද සමග යුරෝපය වටා  ගෙනයයි .මෙසේ පිරිස ගෙනයන වාහනයේ කිලෝමීටර් ෆියුසය එකී සටකපට පවුලේම ප්‍රංශ හිතවතා ඉවත් කරයි ....එම පැමිණි පිරිස සිය පවුලේ ළඟ හිතවතුන් යැයි පවසා එසේ කිලෝමිටර සැඟවීම පිළිබඳව යම් දෙගඩියාවක් අප මිතුරාට ඇතිවුවද ඔහු එය නොපෙන්වයි ...නමුත් දින 13 ක දීර්ඝ සංචාරයකින් පසුව අප මිතුරා හට එම දිනවල එකී පුද්ගලයාගේ නිවසේ පවතී උපන්දින සාද ,වෙනත් උත්සව සඳහා ඇරයුම් ද නොකරයි , නමුත් පසුව නැවත ඕලන්දයේ චාරිකාවකට එන ලෙසට එම පුද්ගලයා කළ චාටු ඇරයුම නොපිළිගත් අප මිතුරා හට මෙම පුද්ගලයා කිසිදු දුරකථන ඇමතුමක් හෝ නොදෙයි ....තමුන්ට අවශ්‍ය වේලාවට පමණක් උදව් උපකාර ගන්නාවූ මෙම පුද්ගලයාගේ මිත්‍රත්වය පිලිබඳ සැකයක් අප මිතුරා හට මතුවෙමින් පැවතිණ....මේ අතර ලංකාවට යන අර පැමිණි සංචාරක නඩය විටින් විට දුරකථන මගින් අප මිතුරා අමතා ඔවුන්ගේ පවුලේ හිතවතාට බැණ වදින්නේ අම්ම මුත්තා ද නැතුවය ...එම හඬ පට ඔබගේ ද දැනගැනීම අරබයා මෙහි පළ කරමු .
 තව්සන්ඩ් ටෝක්ස්...

.එකට ආ  කෝටිපතියන්  එක එකා  කියන්නේ  විවිධ  කථාය ...මහා  පරිමාණයේ  ව‍්‍යාපාර හිමි බව  සහ ලොවපුරා  ඇවිද ඇති බවට කටමෑත  දොඩවන  මොවුන්  දුන් ගාණ ඇසූවිට ඇඹරී යයි...නිකරුණේ  සත පහක් වියදම්  නොකරන  මෙවන්  අය ...තමුන්   දුන්  ගාණ  නොකියන්නේ  ඇයි....???  සල්ලි  ගත් එකාද  තම දරු පවුල් කරා හෙණ ඉල්ලමින්  දස අතේ දිව්‍ රනු   පෙනේ  ...මුන් සියල්ලන්ම එකෙකුට එකෙක්  නොදෙවෙනි කම්බා  හොරු රංචුවකී...



තව්සන්ඩ් ටෝක්ස්...






අප මිතුරා වෙනුවෙන්ද මොහු ඔවුන්ගෙන් සල්ලි රැගෙන ඇති බව පැවසූ නිසා  ඔහුට සාධාරණ කේන්තියක් ඇතිවේ ...රියදුරු බලපත්‍රයක් ද ඔහුට ඇතිබව හඟවමින් එකී පුද්ගලයා කළ බොරුවේ පටන් ඔහු ගැන ඔහුගේම පැරණි මිතුරන් කියූ කෙරූ කථා ඇසීමෙන් ද ...මෙම පුද්ගලයාගෙන්  තමුන්ට අයවිය යුතු මුදල ඉල්ලා  ලිපියක් ද යවයි ,මන්ද දින 16 පුරාවට ඔහුට  ගත් දුරකථන ඇමතුම් වලින් ද ඔහු මග හැර සිටි නිසයි ..එයටද ඔහු පිළිතුරු නොදෙන නිසා දෙවන ලිපියද යවයි .එවිට එකී පුද්ගලයා පිළිතුරු එවන්නේ  සාතිශය  කෝපයකිනි ඒ වන විට අප මිතුරාගේ ජිවිතයට සමීප පුද්ගලයනටද  දුරකථන ඇමතුම් දෙමින්  විශාල අවුලක් කිරීමටද උත්සහ දරා ඇත .. ඔහුගේ ජිවිතයට පවා විවිධ එකී පුද්ගලයා විවිධ පුද්ගලයන් හා පවසමින් ,කටමැත දොඩවමින් තර්ජනය කොට ඇත .ඊට අමතරව මෙම වෙබ් අඩවිය නවත්වන ලෙසටද තර්ජනය කොට ඇත... අප වෙබ් අඩවිය  හැකිනම් ඔහු නොව ඕනෑම අයෙකුට  නැවැත්වීමට අප අභියෝග කරන්නෙමු .මාධ්‍ය ක්ෂේත්‍රයේ වපසරිය සහ  මාධ්‍ය නිදහස ගැන නොදන්නා පුත්තලම් බුරුවෙකු හෝ නුගත් අවලමෙකු  හැරුණකොට එවන් මෝඩ තර්ජන කරන්නේද ???  )  කෙසේ හෝ  පසුගිය දින වකවානු ඔස්සේම  ලංකාවෙන් පැමිණි එම පිරිස මොහුට ලබාදුන් මුදල කෙතරම්ද යනු අප මිතුරා සොයා බැලීය ...අඳෝමැයි ..(   කෝටිපතියන් යැයි  උනුන්ම  කියාගන්නාවූ ) කෝටිපතියන් ගසා ඇත්තේද පට්ට කෙබරය  ...තමන් රට රටවල ඇවිද ඇති බවට මහා පම්පෝරි ගැසූ  කෝටිපතියන්  යැයි  උනුන්ම  කියාගන්නාවූ  එම   පිරිසේ  මෙම යුරෝපයේ සංචාරය කළ මුළු දින වකවානු මාසයකට අසන්න කාලයේදී  ඔවුනට  ගමන් වෙනුවෙන්  යුරෝ 2100 ප්‍රමාණයක් පමණි ඔහු එකී  පුද්ගලයා හට ලබාදී  ඇත්තේ ...ඔවුන් කියූ බොරු බේගල් අප මිතුරා විසින් පටිගත කොට ඇත  , කෑම බීම සහ ඉඳුම් හිටුම්  සඳහා  විටෙක ඔවුන් වියදම් කළද  විටින් විට ඔවුනට කෑම බීම  පවා නොමිලයේ මිතුරන්ගෙන් ලැබී ඇත...රටරටවල ගොස් ඇතැයි  ,, තමුන් ලොකු කොටිපතියන් යැයි පුරසාරම් දොඩමින් කල් යැවූ මොවුන්  දැන් පවසා සිටින්නේ ..තමන් විසින් රැගෙන ආ ගැහැණු ළමයා  නැවත ලංකාවට රැගෙන යාමට දුන්නේ නම්  අර පුද්ගලයා  ඉල්ලු මුළු මුදල දෙන බවකී...පිරී  ,පිරී අතර ඇතිල්ලුණු තවත් සිදුවීමකි එය ....මෙම කෝටිපතියන්  4 දෙනෙකු යුරෝ 2100 වැනි  සොච්චම් මුදලකින්  කළ යුරෝපා  සංචාරයම  සම්පුරණ   ගිනස් වාර්තාවකි.....කෙසේවෙතත්    ලංකාවේ  සිට අයෙකු යුරෝපයට පැන්නීමට  ගන්න මුදල දැන් 18 ලක්ෂයක් වන බව පැවසේ   එම නිසා  මේ ප්‍රංශ රටේ සිටින    මහා සිංහල  වීරයාද දිනුම්ය .
ඔහුද  ලෝක ඇම්ඩෙකී .. එසේම  මොහුගේ මූළිකත්වයෙන්  මහා ජාති ආලයෙන් යැයි ප්‍රංශයේ අටවාගෙන ඇති  සංවිධාන තුළ ඇති  මුදල් ගණුදෙණුද ඇතැම් විට  පාර දෘෂ්‍ය නොවනු ඇත..මේ වන විට  ඒ  පිළිබඳ  තොරතුරුද ලැබෙමින්  පවතින  නිසා ඒ ගැන  වැඩි විස්තර සඳහන් කිරීමට අප ඉක්මන් නොවෙමු.... .සෙස්ස පස්සට තබමු...ඒ ගැන අප අවදියෙනි.....එම සියළු ඉතිහාසයද  දැන් අප සතුය......ඔහුගේ පුතාට සහකාරිය  අර කෝටිපති රැල විසින් මෙහාට ගෙනත් දී ඇත .එමෙන්ම ඔහුගේ සංචාරය සඳහා මිත්‍රත්වයේ සහ මානුෂික හැඟීමෙන් උදව් කළ අප මිතුරාට  ඇත්තේ    රැවටීමේ පසුතැවිමය  .    ඔවුනට  ගමන් වෙනුවෙන්  දීර්ඝ කාළයක්    පුරා දින 13 ක  කාලයක් ශ්‍රමය වැය කළ  රියදුරෙකුගේ සේවය සම්පුර්ණයෙන් නොමිළේය...විළි ලැජ්ජය...............එසේම අර කි පුද්ගලයා  අප අඩවියෙන් ඔහු ගැන ඇති තොරතුරු ඉවත් කරන ලෙසට දන්වා ඇත...මුන්  සියල්ලන්ම  කම්බා හොරුන්‍ ය...තොප්පිය  ගානට මිම්මට ඔහු දාගෙන ඇත .අප කිසිවෙකුගේ නමක් මෙහි සඳහන් නොකළෙමු ....නමුත් ඔහුගේ ඉල්ලීම පරිදි  අප මෙහි  එම ඉල්ලීම  ද සඳහන් කරන්නෙමු ....

පසුව ලියන්නෙමු
කොටිපතියන්ද අප දැක ඇත්තෙමු ,ඔවුන් කියවන්නේ නැත ..එදාවේල පිරිමසා ගැනීමට නොහැකිව දුක් විඳින අපේ දුප්පත් රටේ  ...මිනිසුන්ගේ හදිසි විපත් වලදී  අත දිග හැර වියදම් කරන  ,සිත් තෙත් වන  සැබෑ  මිනිසුන් ඇත්තේ  විදේශ රටවල සේවයේය ..ඔවුන් පම්පෝරි නොගසයි අවැසි තැන්වල කටත් උදව් පදව් කරයි ... එසේම සැබෑ පොහොසතුන් රුපියල් ශත ඉදිරියේ ඇඹරෙන්නේද නැත ...රටේ අහිංසකයන්ගේ රුපියල් ශත පඬුරු පොදිබැඳ    තුට්ටු දෙකට  ආතල්  ගන්නට  පිටරටවලට ගොස්  කියවන අය ඇත්තේ අපේ රටේය ....එවැනි තුට්ටු දෙකේ බේගල් අතහරිමින්  ලොවපුරා ඇවිද්දා යැයි පම්පෝරි ගසනවාට වඩා  ජිප්සීස් සුනිල්  ගෙන්ම ජිප්සීස් යන වචනයේ සැබෑ තේරුම දැනගැනීම වටී..මන්ද අප ජිප්සීස් ලෙසින් හඳුන්වන සංචාරක හිඟන්නන්  මේ රටවල බහුළ නිසයි ....පීරී  .පීරී  අතර පැවැති හබයේ සැබෑ වාර්තාව එසේ නිමවෙයි ............පිරුණු කළ ගෙඩි සෙලවුවද හඬක් නොඇසෙයි ....සත්‍යය එයයි.

ප්‍රවීන් අමුණුගම

පැරිසියේ සිට


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තව්සන්ඩ් ටෝක් සහ සෙන්ටිම් වර්ක් Rating: 5 Reviewed By: Unknown