728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 6 December 2013

මෑත කාලයේ ඇති බරපතළම අභියෝගය කැසිනෝ සූදුවයි...

 මාඳුළුවාවේ සෝභිත හිමි
අපට මෑත කාලයේදී එල්ල වූ බරපතළම අභියෝගය කැසිනෝ සූදුව බවත් ඊට එරෙහිව පක්‍ෂ, පාට නොබලා සියලු දෙනාම විරුද්ධ විය යුතු යෑයි කෝට්‌ටේ ශ්‍රී නාග විහරාධිපති මාඳුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ.


උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කැසිනෝ විරෝධී ඒකාබද්ධ සංවිධානයේ ප්‍රථම මහජන සම්මන්ත්‍රණය පෙරේදා (05 වැනිදා කොළඹ මහජන පුස්‌තකාලයේදී පැවැති අවස්‌ථාවේදී ය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ මෙසේද පැවැසූහ.

මෙම ව්‍යාපාරයට අප සියලුම දේශපාලන පක්‍ෂවලට, ආගම්වලට, ජාතීන්වලට මැති ඇමැතිවරුන්ටත් ආරාධනා කළා. මේක ජාතික ප්‍රශ්නයක්‌. ආගමක්‌ ජාතියක්‌ නෑ. මේ රටට විපතක්‌ වෙනවා නම් අපි හැමෝම එක්‌විය යුතුයි. ඒ නිසයි අපි සියලු දෙනාටම ආරාධනා කළේ. මේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ව්‍යවස්‌ථාදායකය, අධිකරණය අකර්මන්‍ය වෙලා. නීතිය ගරා වැටිලා.

අද මුළු රටම අපරාධවලින් දූෂණ වලින් පිරිලා. රට අද කුඩු මධ්‍යස්‌ථානයක්‌ වෙලා. අපට මෑත කාලයේ එල්ල වූ බරපතළම අභියෝගය කැසිනෝ සූදුවයි. කැසිනෝ මහරජා ලංකාවට ඇවිත් දේශනයක්‌ පවත්වලා ගියා. අද වෙනකොට කැසිනෝ වලට එරෙහිව මහා නායක හිමිපාණන් වහන්සේලා ජනාධිපතිවරයාට ලිපියක්‌ පවා යොමු කොට තිබෙනවා විරෝධය පළ කරලා. ඒ වගේම අගරදගුරුතුමාත් කැසිනෝවලට විරෝධය පළ කළා.

මේ කැසිනෝ සූදුව කොළඹ විතරක්‌ නෙවෙයි දැන් කටානටත් පැතිර යනවාලු. කැසිනෝ කලාපත් පිහිටුවන්න යනවා. ඊට බහුතරයක්‌ විරුද්ධයි. එජාපයත් විරුද්ධයි. අනෙකුත් දේශපාලන පක්‍ෂ, ජාතික හෙළ උරුමය පවා විරුද්ධයි. පාඨලී චම්පික, උදය ගම්මන්පිල ඇමැතිවරුත් කැසිනෝ වලට විරුද්ධයි. නවීන් දිසානායක ඇමැතිවරයාත් විරුද්ධයි. මෙයට පක්‍ෂ, පාට නොබලා විරුද්ධ විය යුතුයි.

බුදුරජාණන් වහන්සේ සූදුව තදින්ම ප්‍රතික්‍ෂේප කළා. සුරාව, සූදුව නිසා මිනිස්‌සු උන්මත්තකයන් බවට පත් වෙනවා. මේ කැසිනෝව රටේ ක්‍රියාත්මක කරන්න නම් ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන්න ආණ්‌ඩුවට සිදු වෙනවා. ව්‍යවස්‌ථාවේ සඳහන් වෙනවානේ බුදු දහම ආරක්‍ෂා කිරීම හා ප්‍රචලිත කිරීම ගැන..

කැසිනෝවට බදු සහනත් ලබා දී තිබෙනවා. ඒත් අපි බදු බරින් මිරිකිලා. ඒ විතරක්‌ නෙමෙයි අපේ මුදල් කොල්ලකාලා. අපේ ගමේ ගෑනු ළමයින් ගණිකාවන් බවට පත් කරන්න යන මේ කැසිනෝ ව්‍යාපාරයට අපි කවුරුත් විරුද්ධ විය යුතුයි.

එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා -

කැසිනෝ විරෝධී සංවිධායක්‌ ඇති කොට ගිහි පැවිදි සියලු දෙනා ඒ වෙනුවෙන් ඒකරාශී කිරීම පිළිබඳව අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිමියන් වෙත මා පළමුව ස්‌තුතිවන්ත වෙනවා. මෙතැනට වැඩම කළ මහා සංඝරත්නය දුටු විට සෝභිත ස්‌වාමීන් වහන්සේ පළමු කඩඉම ජයගෙන තිබෙන බව පැහැදිලියි.

අද මේ ශාලාව පිරී ඉතිරී යන අයුරින් මහා සංඝරත්නය වැඩ සිටිනවා. එමෙන්ම කතෝලික පූජකතුමන්ලාත්, දේශපාලන හා සිවිල් සංවිධාන නියෝජිතයන් ද විශාල පිරිසක්‌ සහභාගි වී සිටිනවා. ඒ අනුව අප මේ මොහොතේ සිට ඉදිරියට යැම සඳහා ක්‍රියා කළ යුතුයි.

මේ රට විටින් විට විදේශිකයන් යටත් කර ගත්තා. අපේ පන්සල් විනාශ කළා. පුස්‌කොළ පොත්, සාහිත්‍ය පොත් ගිනි තැබුවා. මඩු බිම් පවරා ගත්තා. දේශප්‍රේමීන් සමූල වශයෙන් ඝාතනය කළා. එහෙත් ඒ සෑම දේකින්ම ආපසු නැගී සිටීමේ ශක්‌තියක්‌ අපේ ජාතියට තිබුණා.

කෙතරම් හිරිහැර කළත්, ඔවුන් අපේ මනස විකෘති කිරීමට නම් ක්‍රියා කළේ නැහැ.

රටට නිදහස ලැබී වසර 65 ක්‌ ගත වන මේ අවස්‌ථාවේ ජනතාවගේ මනස විකෘති කරමින් මානසික ශක්‌තිය හීන කිරීමට ක්‍රියා කරන අතර මේ රට සම්පූර්ණයෙන් නැති කිරීමටත් කටයුතු කරනවා.

මනස විකෘති කිරීමේ ක්‍රියාවලිය ආණ්‌ඩුව හීන් සීරුවේ සිදු කරමින් සිටිනවා. කැසිනෝ කලාප ඇති කරන බව ආණ්‌ඩුව මීට පෙර ප්‍රකාශ කළේ නැහැ. එක්‌ කැසිනෝ හලක්‌ ආරම්භ කරන බව පසුව ප්‍රකාශ කළා. ඉන් පසුව පාර්ලිමේන්තුවට රෙගුලාසි දෙකක්‌ ඉදිරිපත් කරමින් කොළඹ නගරයේ කැසිනෝහල් දෙකක්‌ ආරම්භ කරන බව ප්‍රකාශ කළත් දැන් කැසිනෝ ශාලා 3 ක්‌ ආරම්භ කිරීමට ආණ්‌ඩුව සූදානම් වනවා.

ඒ වගේම කටාන ප්‍රදේශයේ 'කටාන සිsටි' නමින් තවත් කැසිනෝ ශාලා 5 ක්‌ ආරම්භ කිරීමටත්, කටුනායක ප්‍රදේශයේ තවත් කැසිනෝහලක්‌ ආරම්භ කිරීමට උත්සාහ කරනවා.

කොළඹ සිට අධිවේගී මාර්ගයක්‌ ආරම්භ කරනවා නම් එහි කෙළවර කැසිනෝ හලක්‌ ආරම්භ කිරීම ආණ්‌ඩුවේ ප්‍රතිපත්තියයි. එමගින් කොළඹ සිට පැයක්‌ ඇතුළත කැසිනෝහලට යැමට පහසුකම් සැලසෙනවා.

කැසිනෝ ව්‍යාපාරයට එරෙහිව අප ආරම්භ කළ මේ ව්‍යාපාරය ගමට ගෙන ගොස්‌ මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කර පෙළගැස්‌සවීමට කටයුතු කළ යුතුයි. මීට එරෙහිව කටයුතු කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය සෑම විටම සූදානමින් සිටිනවා. මේ අවස්‌ථාවට පැමිණි සහ නොපැමිණි සියලුම බලවේග ඊට සූදානම් බව කිව යුතුයි. එම නිසා කැසිනෝ චක්‍රය පරාජයට පත් කොට ධර්ම චක්‍රය ජයග්‍රහණය කරවීම සඳහා ඇප කැප වී ක්‍රියා කිරීම අප සියලු දෙනාගේම වගකීම සහ යුතුකම වෙනවා.

ගිරාඹේ ආනන්ද අනුනායක හිමි -

2600 සම්බුද්ධ ජයන්තියෙන් බුදුÊදහමට මොනවද ලැබුණේ. සම්බුද්ධ ජයන්තියෙන් පසුව තමයි මේ රටේ ස්‌ත්‍රී දූෂණ, ළමා අපචාර, බාර් සංකල්පය, විශාල වශයෙන් වැඩි වුණේ. ඒ විතරක්‌ නෙවෙයි දැන් කැසිනෝ සූදුවත් රටේ ආරම්භ කරලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා -

මෙම කැසිනෝ සූදුවට විරුද්ධවීම කාලීන අවශ්‍යතාවක්‌. දැන් තමන්ගේ අනන්‍යතාව අතහැර දමා රට වෙනුවෙන් එකතු විය යුතුයි. කැසිනෝව ගැන මේ රටේ ජනතාවත් තවම හරියට දන්නේ නෑ. දේශපාලන වශයෙන් ප්‍රශ්න ඇතිවේවි. කැසිනෝකරුවන්ට ආණ්‌ඩු පෙරළන්න පුළුවන් වේවි. මේ පිළිබඳව අපි හොඳ අවබෝධයකින් සිටිය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදි පක්‍ෂයේ නායක ජෙනරාල් සරත් ෙµdන්සේකා මහතා -

ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්‌ තිබුණ අප වැනි රටකට මේ කැසිනෝ ව්‍යාපාරය දරා ගත හැකිද කියලා හිතාගන්න බෑ. අපේ සාම්ප්‍රදායයන්, සිරිත් විරිත් සමඟ මේ කැසිනෝව කොතරම් රටට ගැලපෙයිද කියලා හිතාගන්න අමාරුයි. මේ රජය හිතන්නේ කැසිනෝ හරහා රට සංවර්ධනය කරන්න පුළුවන් කියලා. ඒත් එය මහින්ද චින්තනයේ නම් තිබුණේ නැහැ. අද රටේ සංවර්ධනයක්‌ ගැන කතා කළාට එහෙම දෙයක්‌ නැහැ.

මෙම අවස්‌ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, තිස්‌ස අත්තනායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල, තලතා අතුකෝරල, රංජිත් මද්දුම බණ්‌ඩාර, හර්ෂ ද සිල්වා, රුවන් විජයවර්ධන, එරාන් වික්‍රමරත්න, අනෝමා ගමගේ, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ඇතුළු පිරිසක්‌ ද මහා සංඝරත්නය විශාල පිරිසක්‌ ද සහභාගි වූහ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මෑත කාලයේ ඇති බරපතළම අභියෝගය කැසිනෝ සූදුවයි... Rating: 5 Reviewed By: Unknown