728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 31 December 2013

ලංකානිව්ස් ගැන...

මේ වන විට ලංකාවේ කුළුගැන්වී තිබෙන දේශපාලන අරගල  මෙන්ම සහසික ක්‍රියාද ,සුපිරි පෙළැන්තියේ වංචා, දූෂණ ඇතුළු බිහිසුණු  ක්‍රියාද  අනෙකුත් ආන්දෝළනාත්මක සිද්ධීන් ආදියද හුවා දක්වමින් අන්තර්ජාළය ඔස්සේ කාළීන වෙබ් අඩවි ගණනාවක්ම පවත්වාගෙන  යනු දක්නට ලැබේ.


මේ ඇතැම් වෙබ් අඩවි ක්‍රියාත්මකවන්නේ ලංකාවේ සිටය.ඒ එළිපිටම දේශපාලන අනුග්‍රහය සහ ආධාර ,උපකාර මතය.එම බොහෝ වෙබ් අඩවි දේශපාලන ඕනෑ එපාකම් මත ක්‍රියාත්මක වන ඒවා ලෙසට ප්‍රකටය.එහෙත් තවත් සමහර වෙබ් අඩවි ක්‍රියාත්මක කෙරෙනුයේ ශ්‍රී ලංකාවෙන් පිටත සිටය.කොටින්ම විදේශ රටවල සිටය.
ඒවා නම් දරා ඇත්තේ රාජ්‍ය විරෝධී අදහස් පළ කෙරෙන වෙබ් අඩවි ලෙසටය.කවුරුන් කෙසේ කීවද ශ්‍රී ලංකාවේ පක්‍ෂ ,විපක්‍ෂ දේශපාලන බළ අධිකාරිය සෘජුව මෙන්ම වක්‍රවද රටින් පිට විදෙස් ගතව සිට ක්‍රියාත්මක කෙරෙන වෙබ් අඩවි පසුපසද සිටිනු බව සැඟවිය නොහැකි රහසකී..
 එහෙත් දේශපාලන මෙහෙවිමකින් තොර, පක්ෂයක් ,පාටක් ,ලාබයක් ,තනතුරක් ,ආධාරයක් වැනි දෙයකින් තොරව පවත්වාගෙන යන වෙබ් අඩවිද නැත්තේම නොවේ .
www .lankanews .org එවන් එක වෙබ් අඩවියකට හොදම උදාහරණයකි .මෙම අපුර්ව වෙබ් අඩවිය අන්තර්ජාලය ඔස්සේ ඔබ හමුවට පැමිණෙනුයේ ප්‍රංශයේ පැරිස් නුවර සිටය .
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක දේශපාලන ලෝකයේ බල අරගල සහ නින්දිත කුහකකම්ද ,වෙනයම් දුරාචාරයන්ද ,ඉහළ යැයි කියාගන්නා පාදඩ පැලැන්තියේ අවිනීත සාහසික බිහිසුණු ක්‍රියාද,වංචා ,දුෂණ ආදියද අනාවරණය කිරීම යනු සියතින් මරණය කැදවා ගැනීමකි .
එනිසා ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍යවේදීහු තම සීමාව දැන ඉන් එහා යාමට අදහස් නොකරති .එනමුත් අනතුර හානිය දැන දැනත් සත්‍ය හෙළි කිරීම පරම යුතුකමක් කරගත්  මාධ්‍යවේදීන් ද නැතුවාම නොවේ .
www.lankanews .org වෙබ් අඩවියේ බර කරට ගෙන සිටිනුයේ දශක ගණනාවක් මාධ්‍ය ක්ෂේශ්ත්‍රය  පෙළහර පෑ බොහෝ අසුපිරූ  තැන් ඇති එයාගේ ,මෙයාගේ පදයට නොණැමෙන ,පක්‍ෂයක් පාටක් නැති සුමිත් ජයන්ත ඩයස් වැනි විශිෂ්ඨයෙකි.වරක් ඔහු රාජ්‍ය මාධ්‍යයේ සේවය කරද්දී මහජනයා වෙනුවෙන් සත්‍ය සොයා යාම නිසා ප්‍රබල දේශපාලන හස්තයන්ගෙන් ලේ හැලෙන තුරු දරුණු ශාරීරික අඩම්තේට්ටම් වලට ද  ලක් වූවෙකී.
 ජීවිතයට මරණ තර්ජන පිට තර්ජන තිබියදීත් මාධ්‍යකරුවෙකු වශයෙන් තමුන්ගේ ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටුකළ මාධ්‍ය වේදියෙකු වශයෙන් සුමිත් ජයන්ත ඩයස් ප්‍රකටය .ඔහු වැන්නෙකු මෙහෙ යවන
www .lankanews .org  වෙබ් අඩවිය  වෙබ් අඩවි අතර පෙරමුණටම පැමිණෙනු නිසැකය..

 බන්ධුල දිනපූර්ණ

මාධ්‍යවේදී
ස්ටොක්හෝම්
සවීඩනය


අපෙන්...
බන්ධුල දිනපුර්ණ  යනු  ශ්‍රී ලංකාවේ  ගවේශණාත්මක පුවත්පත් කලාවේ මූලිකයා  ලෙසින්  හැඳින්වීම වඩාත් නිවැරදිය.එදා  පාදඩ දේශපාළුවන්ගේ සිට දුරාචාරයෙන් රටම විනාශ කළ තක්කඩීන් ,මිනී මරුවන්  පසුපස හඹා යමින්  දිවයින  පුවත්පතින් කළාවූ ඒ අද්විතීය මාධ්‍ය මෙහෙවර කෙසේ නම් අමතක කළ හැක්කේද ...එවන්වූ සම්භාවනීය   ප්‍රවීණ   මාධ්‍යවේදියෙකු
වන නෙවිල් බන්ධුල දිනපුර්ණයන්  විසින් දැක්වූ අදහස් අපට මහත් අභිමානයෙක්මය...ඔබට ස්තූතියි  මිතුර

සුමිත් ජයන්ත ඩයස්
ලංකානිව්ස් සංස්කාරක


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ලංකානිව්ස් ගැන... Rating: 5 Reviewed By: Unknown