728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 28 December 2013

මම කතා කළොත් දුමින්දට බොහෝ දේවල් අමතක වෙන නිසා මම ඉඳගන්නවා ...තිලංග සුමතිපාල

විදේශ ආයෝජන දෙකක් කරලියට පැමිණීමත් සමග කැසිනෝ පනත නීතිගත කිරීම රට තුල ආන්දෝලනාත්මක කතාබහක් ඇතිකළ අතර එයට විරුද්ධවූ පාර්ශවයන්ගෙන් රජයේ මන්ත්‍රීවරුන් පෙරළා විමසුවේ "කැසිනෝ හොඳ නැත්නම් රේස් ඔට්ටු හොඳ වුයේ කෙසේද " යන්නයි.


ඒ අනුව දුමින්ද සිල්වාගේ සොහොයුරු රෙනෝ ද සිල්වාට අයත් හිරු ටීවී ඔස්සේ පසුගිය දින කිහිපයේ තිලංග සුමතිපාලට අයත් රේස් ව්‍යාපාර විවේචනය කරමින් පුවත් පළකරන්නට විය. ජනතාව සුදුවට යොමුවීම තුලින් ඇතිවූ සමාජ ව්‍යවසනය දැකීමෙන් ඉපදුනු පහන් සංවේගයෙන් යුතුව හිරු පුවත් තුලින් පෙන්වා දුන්නේ සූදුවට යොමුවුවන් අඹුදරුවන්ගේ බඩගින්නද නොතකා සූදු ව්‍යාපාරයට ඇදී යන බවත් එය කැසිනෝ හා සමානම ගැටළුවක් බවය.

දුමින්ද සිල්වා හා තිලංග සුමතිපාල ඔවුන්ට අයත් මාධ්‍ය ජාලයන් හරහා එකිනෙකාට විරුද්ධව පුවත් පළකරන අතර "රේස් බයි රේස්" සඳහා හිරු පළකල පුවතද එවැන්නකි.
 ඔවුන්ගේ එම විරසකය මාධ්‍යය ඔස්සේ දැකගත හැකි එක ප්‍රධාන උදාහරණයක් පහත වේ. මේ පසුගියදා අය වැය සැකසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ගැනීමේදී සිදුවූ පුවතක් මාධ්‍යය ආයතන දෙකක් වාර්තා කල ආකාරය වේ.

අද දෙරණ
අයවැය සැකසීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගේ අදහස් ලබා ගැනිමේ සාකච්ඡාවක් පසුගියදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනාධිපතිවරයා මෙහිදී මන්ත‍්‍රිවරුන්ට අදහස් ඉදිරිපත් කරන්න කියද්දී තිලංග සුමතිපාලත් , ආර්. දුමින්ද සිල්වාත් එකවර නැගිට්ටා.

“යාළුවෝ දෙන්නාගෙන් කවුද ඉස්සරලා කතා කරන්නේ”


ජනාධිපති එහෙම අහද්දී ඉඳගන්න හදපු තිලංග සුමතිපාල අපූරු කතාවක් කිව්වා. “සර් මම කතා කළොත් දුමින්ද කතා කරන්න හිතාගෙන හිටපු දේ අමතක වෙන්න පුළුවන්. එයාට බොහෝ දේවල් අමතක වෙන නිසා මම ඉඳගන්නවා” තිලංගගේ කතාවට ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉලඇදෙන්න හිනාවුණේ, භාරත ඝාතන සිදුවීම මතක නොමැති බවට, දුමින්ද අධිකරණය හමුවේ කළ ප‍්‍රකාශය සිහි වු නිසයි

______________________________________________________________________
හිරු පුවත්
නව අයවැය සකස් කිරීම උදෙසා විවධ පාර්ෂවයන්ගෙන් දත්ත එක්රැස් කිරීමට සාකච්ඡා වට ගණනාවක් පසු ගිය දිනවල අරලිය ගහ මන්දිරයේදී පැවැත්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.ඒ අනුව පසුගිය 22වැනිදා පැවැත්වූයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරුන්ගේ රැස්වීමයි. 

එහිදී,රටේ වියදම් වෙන්කළ යුතු අකාරය පිළිබඳ විවධ කෂේත්‍ර මට්ටමින් වෙන වෙනම අවධානයට ලක්කරමින් සිටින අත‍රේ අපූරු සිද්ධියක් වාර්ථා වුනා. කොළඹ දිස්ත්‍රික්කයේ තොරතුරු පිළිබඳ ජනාධිපතිතුමා විමසා සිටිය අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් එකවර නැගී සිටියා. ඒ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන ආර්. දුමින්ද සිල්වා මහතා සහ තිලංග සුමතිපාල මහතායි.

දෙදෙනා දෙසම එකවර බැලූ ජනාධිපතිවරයා “ඔව් දුමින්ද කියන්න....” යැයි පැවසුවා.

කිසිවක් නොවූවා සේ හෙමිහිට වාඩිවුනු තිලංග මන්ත්‍රීතුමාගේ හැකිලුණු මුහුණ දුටු පැමිණ සිටි අනෙකුත් මන්ත්‍රී වරුන්ගේ මුවගට සිනහවක් නැගුනේ නිතැතින්මයි....

______________________________________________________________________

මේ අතර පසුගියදා දුමින්ද සිල්වාට සෙත්පතා දවටගහ පල්ලි විශේෂ දේව මෙහෙයක්ද පැවතුන අතර එහිදී එක්රැස්වූ මුස්ලිම් බැතිමතුන් විසින් දුමින්ද සිල්වාට සෙත් පතන ලදී. එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න 







අපගේ ස්තූතිය 33000 සහෝදර වෙබ් අඩවියට සහ අන්දරේ වෙබ් අඩවියට....
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මම කතා කළොත් දුමින්දට බොහෝ දේවල් අමතක වෙන නිසා මම ඉඳගන්නවා ...තිලංග සුමතිපාල Rating: 5 Reviewed By: Unknown