හෙරොයින් මත්කුඩු පැකට් තුනක් සන්තකයේ තබා ගෙන සිටි නීතීඥවරයෙකු අනුරාධපුර නගරයේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර අධිකරණයේ නීතීඥවරයෙකු ලෙස සේවය කරන තිස්තුන් හැවිරිදි මෙම සැකකාර නීතීඥවරයා මත්කුඩු වලට ඇබ්බැහිවී සිටින බවට ලද තොරතුරක් මත මසකට වැඩි කාලයක් ඔහු ගැන විමසිල්ලෙන් සිට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සතුව හෙරොයින් පැකට් වල මත්කුඩු මිලිග්‍රෑම් හැටක් හමුවූ බව පොලීසිය ප්‍රකාශ කලේය.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර නීතීඥවරයා හෙට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
0 comments:
Post a Comment