728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 8 December 2013

මේ දෙරණේ “චතුර”ලාගේ ගොන් පාට්

සමාජ සේවක නළුවෙකු පින්කමකට යද්දී මෙවන් අනතුරකින් මළ විට ඒ ගැන බිඳුවක් හෝ සඳහන් නොකර  පණ්ඩිතකම් පෙන්වන්නට බනින්නේ ගොන් පාට් දැමීම මේ දෙරණේ සම්ප්‍රදාය වී ඇති නිසා දැයි සිතේ.
මයික්‍රෆෝනය ගත් විට තමන්ට වඩා ජගතෙකු නැතියි සිතන්නා සැමදා ආධුනිකයෙකි. 
 ආනන්ද පද්මසිරි


 පසුගියදා හදිසි අනතුරකින් මියගිය සුප්‍රකට හොලිවුඩ් නළු ‍පෝල් වෝකර්ගේ මරණය ලොව පුරා සිනමා රසික ජනතාව මෙන්ම අසරණ ආබාධිත රෝගී ජනතාව බලවත් කම්පනයට පත් කරවන්නක් විය. ලෝකයේ ලොකුම අසරණ සරණ සංවිධානය පිහිටුවා තම ආදායමෙන් සියයට හැටක් එමගින් ආසියාවේ හා අප්‍රිකාවේ අසරණ ජනයාට සරණවීමට වෙන් කර තිබූ මේ උදාර සමාජ සේවකයා මියගියේද පුණ්‍යාධාර වැඩසටහනකට  සහභාගි වීමට මිතුරෙකු සමග මෝටර් රථයෙන් යද්දී රිය පාරෙන් ඉවතට පැන ගසක වැදී ගිනිගැනීම නිසාය.
වෝකර්ගේ මරණයට පසු දින පුවත්පත් එය වාර්තා කර ඇති අන්දම කියවූ මේ දෙරණේ චතුර, රූපවාහිනී නිවේදකයකු තම චතුරකම පෙන්වන්නටදෝ වෝකර්ගේ මරණය ගැන ගොන් පාට් දැමීම කනගාටුදායකය. වෝකර් චිත්‍රපටවල රගපෑ වේගවත් රථ ධාවන ජවනිකා පෙළක් පෙන්නූ ඔහු කීවේ චිත්‍රපටවලදී කරන දේවල් සැබෑ ජීවිතයේදී කරන්නට ගිය විට මෙවැනි දේ සිදුවන බවත් එසේ නොකළා නම් මෙවැනි දෙයින් වැළකිය හැකි බවත්ය. රඟපෑම හා සැබෑව අපේ චතුරලාට වඩා හොඳින් දැන සිටි බැවින් ‍පෝල් වෝකර් නම් සිනමාවේ කළ දේ මහපාරේ කරන්නට සූදානම් වන මෝඩකයකු යැයි සිතිය නොහැකිය.
නියමිත වේලාවට යාම ගැන සිතා රථයේ වේගය වැඩි කළාද, නොඑසේ නම් හදිසි කාර්මික දෝෂයක් නිසා වේග පාලනය නොවී රිය පාරෙන් ඉවතට පැන්නාද කියා “චතුරලා” දන්නවාද? අනෙක් අතට රිය පැදවූයේ වෝකර්ම බවට චතුරලාට සහතික දුන්නේ දෙවියන් වහන්සේ විසින්ද? ලංකාවේ කලාකරුවන්ට ආදර්ශයක් ගත හැකි විශිෂ්ට
සමාජ සේවක නළුවෙකු පින්කමකට යද්දී මෙවන් අනතුරකින් මළ විට ඒ ගැන බිඳුවක් හෝ සඳහන් නොකර  පණ්ඩිතකම් පෙන්වන්නට බනින්නේ ගොන් පාට් දැමීම මේ දෙරණේ සම්ප්‍රදාය වී ඇති නිසා දැයි සිතේ.
මයික්‍රෆෝනය ගත් විට තමන්ට වඩා ජගතෙකු නැතියි සිතන්නා සැමදා ආධුනිකයෙකි. සීමාවටත් එහා ගොස් දේශපාලකයන්ට, කලාකරුවන්ට හා විවිධ පුද්ගලයන්ට අපහසාත්මකව කිණ්ඩි දමන මෙවන් චතුරලා උපහාසයේ හා අපහාසයේ වෙනස ප්‍රේමකීර්ති ද අල්විස් හෝ පාලිත පෙරේරා වැනි
විශිෂ්ඨ සන්නිවේදකයන්ගෙන් උගත යුතුය. එසේ බැරි නම් මේ දෙරණේම මෙ වර්තමානයේ සිටින සංඛ අමර්ජිත් පෙරේරා වැනි ප්‍රවීණ නිවේදකයකුගෙන් හෝ එය ඉගෙන ගන්නේ නම් ඇඟට ගුණය. මන්ද යත් මේ යන හැටියට උපහාසය නොදන්නා චතුරලාගෙන් අපහාසය ලබන්නන්ගේ ඉවසීමේ සීමා බිඳී යා හැකි බැවිනි.
ආනන්ද පද්මසිරි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මේ දෙරණේ “චතුර”ලාගේ ගොන් පාට් Rating: 5 Reviewed By: Unknown