728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 15 December 2013

දකුණේ හෙරොයින් ජාවාරම පිටුපස ඉතාලියේ සිටින රත්ගම විදුර ...

මෙරට සිට මැදපෙරදිගට හෙරොයින් බෙදා හැරීමේ ජාවාරම දකුණු පළාත ආශ්‍රිතව ක්‍රියාත්මක වන බවත් එය  මෙහෙයවන්නේ ඉතාලියේ සිටින දකුණේ පාතාල ප්‍රබලයකු වන රත්ගම විදුර බවටත් ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් කර ඇති විමර්ශනයකදී  අනාවරණය වී තිබේ.

එසේ මැදපෙරදිගට යැවීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා හෙරොයින් කිලෝ 10 ක් හික්කඩුව ප්‍රදේශයේ දී සැකකරුවන් තුන් දෙනෙකු සමග පසුගියදා අත් අඩංගුවට ගැනීමට ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ‍පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු  කණ්ඩායමක් සමත්ව ඇත.හික්‌කඩුව ප්‍රදේශයේ දී කෝටිපති කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු සහ තවත් පුද්ගලයකු හෙරොයින් මත්කුඩු කිලෝ දහයක්‌ද සමග අත්අඩංගුවට ගත් පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙරට මත්කුඩු ජාලයේ මහමොළකරුවන් කිහිපදෙනකු පිළිබඳව වැදගත්a තොරතුරු රැසක්‌ අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවේ පසුවන කෝටිපතින් දෙදෙනා සහ අනෙක්‌ පුද්ගලයා, හික්‌කඩුව, නාරිගම පදිංචි කේ. ඒ. ඔස්‌ටින්, වව්ලාගල පදිංචි එච්. එල්. දුෂාන්ත, හික්‌කඩුව නලාගස්‌දෙනියේ පදිංචි ඒ. එල්. ඡේ. අමර ජයලත් නමැත්තන් බවට හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කෝටිපතියෙකු සිටින බවත් ඔහු බස් රථ ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටින බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
රුපියල් ලක්ෂ අටසියයක පමණ වත්කමක් ඔහුගේ  පෙනෙන්නට ඇති අතර ඊට අමතරව නොපෙනෙන වත්කම් තිබෙන බවත් ‍පොලීසිය විශ්වාස  කරයි.
මුහුදු මාර්ග ඔස්සේ හෙරොයින්  දකුණු වෙරළ තීරයට රැගෙන විත් හික්කඩුවේ සඟවා බෙදාහැරීම් කරන බව අනාවරණය වී තිබේ.
ඉන්දියාවේ සිට වරකට ගෙන එන (හෙරොයින්) ප්‍රමාණය කිලෝ 500 ක් වන බව මතෛක් කරන ලද විමර්ශනවලින් හෙළි වී තිබේ.
මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දකුණේ සිටින දේශපාලනඥයන් ‍පොලීසියේ ඉහළ නිලධාරින් සමග හිතවත්කම් පවත්වමින්  මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පෙනී ගොස් තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ හොර රහසේ  කරගෙන ගිය මෙම ජාවාරම ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට පවා අනාවරණය කරගැනීමට හැකිවන්නේ නොවැම්බර් 5 දා මෙරට සිට හෙරොයින්  කිලෝ තිහක් රැගෙන ඩුබායි බලා යාමට සූදානමින්  කටුනායක ගුවන් තොටුපළට ඇතුළු වූ ලයිබිරියානු ජාතිකයකු ගුවන් තොටුපළ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ‍පොලිස්  මත්ද්‍රව්‍ය කාර්යංශයට භාරදීමෙන් පසු කළ විමර්ශනවලදී ඔහුට එම හෙරොයින් තොගය ලබා දී තිබුණේ පානදුරේ  පදිංචි කෝටිපතියෙකි.
එම පුද්ගලයා සිය අනියම් බිරිඳත් සමග රටින් පිටවීමට බණ්ඩාරනායක ගුවන් තොටුපළට යමින් සිටියදී මීගමුව ප්‍රදේශයේ දී ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් ඉකුත් සතියේදී අත්අඩංගුවට ගනු ලැබුණි.
ඔහුගෙන් දීර්ඝ ලෙස කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී මෙරට සිට මැද පෙරදිගට හෙරොයින්  ගෙන යන  ජාවාරම අනාවරණය වී තිබෙන අතර ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් ඉකුත් 13 දා රාත්‍රියේ හික්කඩුව ප්‍රදේශය ආශ්‍රිතව කළ වැටලීමේ දී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.මේ සෑම ජාවාරම්කරුවකුම ශ්‍රී ලංකාව මෙහෙයුම් කේන්ද්‍රස්‌ථානයක්‌ කර ගනිමින් දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ වෙත හෙරොයින් මත්කුඩු බෙදාහරින අය වන අතර ඔවුන් සියලු දෙනා මේ වන විට පැහැදිලිවම හඳුනාගෙන සිටින බව පොලිසිය සඳහන් කරයි.

මෙම ජාවාරම්කරුවන් ඉතාලියේ ප්‍රබල මාෆියා කල්ලියක්‌ සමඟ සබඳතා පවත්වමින් මත්කුඩු ජාවාරම කරගෙන යන බවද පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී ඇත. හෙළිදරව් වී ඇති අන්දමට වැදගතුන් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිමින් මත්කුඩු ජාවාරමේ යෙදෙන මෙම ප්‍රකෝටිපතියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය ඊයේ (15 වැනිදා) වන විට පුළුල් මෙහෙයුමක්‌ අරඹා තිබිණි.

මෙම ජාවාරම  පිටුපස සිටින සෙසු පිරිස කොටුකර ගැනීමට මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මකය.
‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි කමල් පෙරේරා මහතාගේ  මෙහෙයවීමෙන් ‍පොලිස්  මත්ද්‍රව්‍ය කාර්යංශයේ ‍පොලිස් පරීක්ෂක රංගජීව මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
ගයාන් කුමාර වීරසිංහ / අජිත් පුෂ්ප කුමාර


හික්‌කඩුවේදී ඇල්ලූ කුඩු මුදලාලිලාගෙන්
මෙරට කුඩු ජාවාරමේ මහ මොළ හෙළිවේ

ඉතාලියේ මාෆියා කල්ලියටත් සම්බන්ධයි

සමන් ගමගේ

පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙම සියලු තොරතුරු අනාවරණය කරගනු ලැබුවේ මීට මාසයකට පමණ ඉහතදී මත්කුඩු කිලෝ ග්‍රෑම් තිහක්‌ රැගෙන රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයකින් විදේශගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී රේගු අත්අඩංගුවට පත් වූ ලයිබීරියා, ජාතිකයකුගේ මුදල් පසුම්බියේ තිබී සොයාගත් විසිටින් කාඩ් එකක්‌ ඔස්‌සේ සිදුකළ විමර්ශනයකින් පසුවය.

හික්‌කඩුව ප්‍රදේශයේදී මත්කුඩු කිලෝ දහය සමගින් අත්අඩංගුවට ගත් කෝටිපතින් දෙදෙනා සතුව තිබී මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවි දෙකක්‌ සමඟ රුපියල් ලක්‍ෂ එකොළහක මුදලක්‌ද පොලිසිය සොයාගෙන ඇත.

මෙම කෝටිපතින් දෙදෙනා දකුණේ පාතාල ප්‍රබලයකුව සිට දැනට ඉතාලියට පැනගොස්‌ සිටින රත්ගම විදුර නමැත්තාගේ සමීප ගෝලයින් දෙදෙනකු වන අතර මින් එක්‌ අයකු මිනිස්‌ ඝාතන ගණනාවක සැකකරුවකු බවද පොලිසිය සඳහන් කරයි.

ඉතාලියට පැනගොස්‌ සිටින රත්ගම විදුර නමැත්තා මාර්ගයෙන් දැනට හඳුනාගෙන සිටින කෝටිපති කුඩු ජාවාරම්කරුවන් ඉතාලියේ මාෆියා කල්ලියට සම්බන්ධ වී සිටින බවද පොලිසිය කළ විමර්ශනවලින් හෙළිකරගෙන ඇත.

පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා ඇතුළු නිලධාරී කණ්‌ඩායමක්‌ මෙම මහා පරිමාණ කුඩු ජාවාරම හෙළිකර ගැනිමේ මෙහෙයුම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් කෝටිපතියන් දෙදෙනා ඇතුළු සැකකරුවන්ගෙන් රඳවා ගැනීමේ නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දකුණේ හෙරොයින් ජාවාරම පිටුපස ඉතාලියේ සිටින රත්ගම විදුර ... Rating: 5 Reviewed By: Unknown