728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 8 December 2013

අසංකා විරුද්ධ වුණත් මං පොත පළ කරනවා

. ඒ කියන්නේ ඔබ කොහොමහරි පොත පළ කරනවා.
ඔව්. මොකද, මේක මගේ බුද්ධිමය දේපළක්. අසංකා විරුද්ධ වුණත් මං පළ කරනවා.
අජිත් ගලප්පත්ති

පසුගියදා පැවැති තිස්ස අබේසේකර අභිනන්දන උලෙළේදී නිකුත් කිරීමට සැලසුම් කළ අජිත් ගලප්පත්ති ‘තිස්ස... තිස්ස’ යන නමින් ලියු ආචාර්ය තිස්ස අබේසේකරගේ ජීවිත අපදාන කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි නොදැක්විණි. ඊට හේතුව කුමක් ද? මේ; ඒ සම්බන්ධ අජිත් ගලප්පත්ති සමඟ කළ විශේෂ කතාබහකි.
. තිස්ස අභිනන්දන උලෙළේදී ඔබ ලියු තිස්සගේ ජීවිත කතා පොත පළ නොවුණේ ඇයි...?
තිස්ස අබේසේකරගේ චරිතාපදානය මට ලියන්න කියලා ආරාධනා කළේ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය. (ටෙලිනිස) තිස්ස කියන්නේ ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදුණු දැවැන්ත චරිතයක්. ඒ නිසාම මෙය භාරධූර කාර්යයක්. කෙසේ වෙතත් මං මේ අභියෝගය භාර ගත්තා. මම යෝජනාවලියක් ඉදිරිපත් කළා. තිස්සගේ ජීවිතය කොටස් 4 කට බෙදලා ඒ අනුව ජීවිත කතාව ලියන්න මං සැලසුම් කළා.
. මොනව ද ඒ කොටස් හතර?
(1) ඔහුගේ ජීවිතය (2) කලා නිර්මාණ ජීවිතය (3) ශාස්ත්‍රීය හා මතවාදී ජීවිතය (4) වෘත්තිය හා සේවා ජීවිතය යනාදි වශයෙන්. මේ යෝජනාවලියට ටෙලිනිස එකඟ වුණා. ඊට පස්සේ අපි ගිවිසුමකට එළඹුණා.
. ඔය පසුබිමනේ. මං අහන්නේ එදා පොත එළි නොදැක්වුණේ ඇයි?
සුළු සුළු සංශෝධන කීපයකට යටත්ව ටෙලිනිස විධායක සභාව අනුමත කළ පිටපත මුද්‍රණයට දෙන්න ඔන්න මෙන්න කියා තිබියදී තිස්සගේ බිරිඳ අසංකා අබේසේකර මුද්‍රණාලයට ඇවිත් පිටපත රැගෙන ගිහින් කියවලා මේ පොත පළ කළොත් නඩු දානවා කියලා තර්ජනය කරලා තියෙනවා.
. එතකොට මොකද්ද ප්‍රශ්නෙ?
මේ පොතේ තිස්සගේ කලින් විවාහයන් ගැනත් තිස්සගේ මුල් දරුවන් තිදෙනා ගැනත් කියැවෙනවා. මේක ජීවිත කතාවක්නේ. ඒ විස්තර නැතුව මේක සම්පූර්ණ වෙන්නේ නැහැනේ. අසංකා ඒ විස්තර ඇතුළත් පිටු 55 කින් යුතු පරිච්ඡේද 8 ක්ම කපලා දාලා. අවසානයේදී ටෙලිනිස තීරණය කළා, පොත පළ නොකරන්න. අසම්පූර්ණ පොතක් පළ කිරීම තේරුමක් නැති නිසා මමත් ඒ තීරණයට එකඟ වුණා.
. අසංකාට ඒ විදියට මැදිහත් වෙලා පොත කප්පාදු කරන්න අයිතියක් නැද්ද?
පොතේ කර්තෘ මම. බුද්ධිමය දේපළ මගේ. ප්‍රකාශකයා ටෙලිනිස. අනික මෙහි යෝජනාවලිය අසංකා කියෙව්වා. ඇය ඉදිරිපිටමයි ගිවිසුම් අත්සන් කළේ. මේක තිස්ස අබේසේකර හා අසංකා මොනරවිලගේ පවුල් ජීවිතය ගැන විතරක් කියැවෙන චරිත කතාවක් නෙමෙයි.
තිස්ස මීට ඉහත දෙවතාවක් විවාහ වී ඇති බවත් එයින් ඔහුට දරුවන් තිදෙනෙක් සිටින බවත් මුළු රටම දන්න කරුණක්.
තිස්ස තමාගේ ‘අයාලේ ගිය සිතක සටහන්’ පොත පිළිගන්වලා තියෙන්නේ තමන්ගේ දරුවන් පස්දෙනාටයි. මේවා හංගන්න දේවල් නෙමේ. තිස්සගේ ජීවිතයේ සුදු පැත්ත විතරක් ලියන්න මට ඕනැ වුණේ නැහැ.
. අපි ඔබේ පොත කියවල නැහැනේ. ඇත්තටම මෙහි තිස්සගේ චරිතයට හානිවෙන දේවල් තියෙනව ද?
අවංකවම කිව්වොත් මං මේ පොත ලිව්වේ ස්වයං වාරණයක් ඇතුවයි. තිස්සගේ පෙර විවාහවල දරුවන් කියපු කතා සියල්ල මං ලිව්වෙ නැහැ. ඒ වගේම ලියපු දේවලුත් දැඩි සංයමයකින් යුතුවයි ලීවේ. මා ඉතා වගකීමෙන් කියනවා, මේ පිටපතේ තිස්සගේ චරිතයට හානි වන කිසිම දෙයක් නැහැ.
. මොකද්ද දැන් ටෙලිනිසේ ස්ථාවරය?
ඔවුන් උත්සවයේදී කිව්වා, මේ පොත පළ කරනවා කියලා. මොකද මගෙත් යුතුකමක් තිබෙනවා, ගිවිසුම නිසා මේ පොත එවුන් එක්ක පළ කරන්න. මං කියන්නේ පොතේ අත්පිටපත ස්වාධීන මණ්ඩලයකට කියවන්න දීලා ඊට පස්සේ ඔවුන්ගේ අනුමැතිය ඇතිව පොත පළ කරන්න කියලයි. ඒකට මං එකඟයි. ගෙවල්වල ඉන්න ගැහැනුන්ගෙයි, දරුවන්ගෙයි, වැඩකාරියන්ගෙයි ඕනැඑපාකම් අනුව පොත් පළ කරන්න මං සූදානම් නැහැ. ඒක මං අවධාරණයෙන්ම කියනවා.
. ඒ කියන්නේ ඔබ කොහොමහරි පොත පළ කරනවා.
ඔව්. මොකද, මේක මගේ බුද්ධිමය දේපළක්. අසංකා විරුද්ධ වුණත් මං පළ කරනවා.
. නඩු දැම්මොත්?
උසාවි ගෙනියන්න තරම් කාරණාවක් මේකේ නැහැ. එහෙම වුණොත් මං ඒකට මුහුණ දෙනවා.
. පොත ලිව්වයින් පස්සේ ඔබට තිස්සව පේන්නේ කොහොම ද?
මට තිස්ස වීරයෙකුත් නෙමෙයි; දුෂ්ටයකුත් නෙමෙයි. තිස්ස ද්විත්ව චරිතයක්. ඔහු ඇතුළේ තිස්සලා ගණනාවක් ජීවත්වුණා. ඒ චරිතත් එක්ක ඔහු අරගල කළා. තම පියා එක්ක, භාර්යාවන් එක්ක දරුවන් එක්ක විතරක් නෙමෙයි ඔහු තමන් එක්කමත් අරගල කළා. කලාව හා දේශපාලනය සම්බන්ධයෙනුත් එහෙමයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අසංකා විරුද්ධ වුණත් මං පොත පළ කරනවා Rating: 5 Reviewed By: Unknown