728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 22 December 2013

අද ජනාධිපතිට උපදෙස් දෙන්නේ රටට ආදරය කරන අය නෙමෙයි

රටට ආදරය කරන පිරිස් එදා ජනාධිපතිවරයාට උපදෙස් දුන් නමුත්, අද ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නේ ජනාධිපතිටත්, රටටත් ආදරය කරන අය නොවන බව පැහැදිලි යැයි රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද නා හිමියෝ පැවසූහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
‘කැසිනෝ වලට මහා සංඝරත්නය විරුද්ධ නම්, ජනතාව විරුද්ධ නම් යුද්දයට ජනාධිපතිතුමා තීරණය කළා මෙන් කැසිනෝ වලටද තීරණයක් ගැනීමට සිදුවෙනවා. එය තමයි එතුමා කළ යුත්තේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කළාට ජනාධිපතිතුමාට වැරදි උපදෙස් දෙනවා නම් එය වැරදියි. දේශපාලනය නිසා නොවෙයි, අපි කියන්නේ රට විනාශවීමට දෙන්න බැහැ. ජනාධිපතිතුමාත් කැමති නැහැ රට විනාශ වෙනවාට.
මේ පිළිබද වහාම ජනාධිපතිතුමා තීරණයක් ගත යුතුයි. අපි ජනාධිපතිතුමාට ආශිර්වාද කරනවා. අපි එතුමාට කැමතියි. එතුමාට අපි ගරු කරනවා. කැසිනෝ වලට විශාල විරෝධයක් ඇති බවට රහසක් නොවෙයි. මහජන නියෝජිතයන් මෙයට වගකිව යුතුයි. ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නා මහජන නියෝජිතයන් ජනාධිපතිතුමාට තදින්ම කිව්වොත් ජනාධිපතිතුමා කැසිනෝ නතර කරනවා අනිවාර්යයි. ජනාධිපතිතුමා එය ඉවත් කළහොත් එතුමා සියලූ දෙනාගෙන් පිළිගැනීමට ලක් වෙනවා.
කැසිනෝ නතර කරන්නේ නැතිනම් මහා සංඝරත්නය හැටියට සියලූම ආගමික නායකයන් එකතුව විරුද්ධ වීමට සිදුවෙනවා.අල්ලස,දුෂණය,නාස්තිය නතර කළහොත් ජේම්ස් පැකර්ගෙන් ලැබෙන මුදල් වගේ සිය ගුණයක් ලංකාවට ඉතිරි කිරීමට පුළුවන්.
ලංකාවේ ජංගම දුරකථන සහ වාහන එක් අයෙකුට එකක් පරිදි ගැනීමට හැකි වන සේ නීති සකස් කළ යුතුයි. අනවශ්‍ය දේ විදෙස් රට වලින් ගෙන්වීම නතර කළ යුතුයි. රජයේ හොද කළමනාකරණයක් ඇතිව පාලනය කරනවානම් අපට හොද ගමනක් යා හැකියි.
කැසිනෝ ලංකාවට ගෙන්වුවහොත් ජනාධිපතිතුමාට විශාල අපකීර්තියක් වෙනවට රටට, ජාතියට, ජනතාවට ආදරය කරන ඔබතුමා කැසිනෝ සම්පූර්ණයෙන්ම රට තුළ නතර කර දෙන්න කියලා අපි මහා සංඝරත්නය හැටියට ඉල්ලා සිටිනවා’ යැයිද පැවසූහ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අද ජනාධිපතිට උපදෙස් දෙන්නේ රටට ආදරය කරන අය නෙමෙයි Rating: 5 Reviewed By: Unknown