Thursday 13, Mar 2025

728x90 AdSpace

tv
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday, 16 December 2013

Anonymous රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්

ජිනීවාහිදී ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරය ඉලක්ක කර ගනිමින් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්  ශ්‍රී ලංකා රජය විසින් දියත් කර ඇත. 



ශ්‍රී ලංකාවට එරෙහිව ඇතැම් රටවල් නගන යුද අපරාධ චෝදනාවලට පිළිතුරු ලබා දීම මෙම මෙහෙයුමේ අරමුණ වී ඇති අතර ඒ අනුව යුද්ධයේ  අවසන් සමයේ දී මෙන්ම ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්  කටයුතු කළ ආකාරය පැහැදිලි කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය විශේෂ සැලසුම් සකස් කර ඇත.
යුද්ධයේ අවසන් සමය තුළ හමුදාව ක්‍රියා කළ ආකාරය දැක්වෙන වීඩියෝ පට පෙළක් ද මෙහිදී සකස් කර ඇති අතර මෙම වීඩියෝ පට දැනටමත් විදේශයන්හි පිහිටි සියලු ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික  කාර්යාල වෙත යවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ‍ලේකම් කරුණාතිලක අමුණුගම මහතා සඳහන් කළේය. මෙහිදී විශේෂයෙන් බටහිර රටවල් ඉලක්ක කරගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම වීඩියෝ පට ආරක්ෂක අමාත්‍යංශයේ  අධීක්ෂණය යටතේ නිපදවා ඇත.
පැතුම් වික්‍රමරත්න
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් Rating: 5 Reviewed By: Unknown