728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 28 December 2013

කැසිනෝ ෂෝක්. මාත් ගැහුවා - එස්‌.බී

කැසිනෝ ඉතා හොඳ දෙයක් බව පවසා ළකුණු දමාගැනීමේ තරඟයක් මේ වනවිට ඇමති මණ්ඩලයේ පවතී. 
2012 වසරේ ඇමති සංශෝදනයෙන් හොඳ ඇමතිකම් ලැබුනේද අගවිනිසුරුවරියට වැඩිපුරම ප්‍රහාරයන් එල්ල කරන ලද ඇමතිවරුන්ටයි.

ඒ නිසා මේ දිනවල මාධ්‍ය මඟින් බොහෝ ඇමතිවරු පවසන්නේ කැසිනෝ ලංකාවට ගෙන්වීමෙන් ලැබෙන වාසි ය.

මීට මාස කිහිපයකට පෙර ඇමරිකාවට ගිය එස්.බී දිසානායක අමාත්‍යවරයා ඇමරිකාවේ කැසිනෝ පුරයේදී කැසිනෝ ක්‍රීඩා කල බවත් එය ඉතා හොඳ සූදුවක් බවත් පවසනවා.

"කැසිනෝ ක්‍රීඩාව ගැන එක එක උදවිය එක එක කතා කිව්වත් එය හොඳ සූදුවක්‌. අපේ මිනිස්‌සු කැසිනෝ ක්‍රීඩාවට හුඟාක්‌ කලබල වෙලා. ඔවුන් එක එක මත ඉදිරිපත් කරනවා.

මම ඇමරිකාවේදී කැසිනෝ ගැහුවේ වරකට ඩොලර් දෙක ගණනේ. හැබැයි කැසිනෝ එකේ වැඩ කරන කෙල්ලෝ මට කිව්වා ඩොලර් එකසිය හතළිහ ගණනේ ඔට්‌ටු දාන්න කියලා. ඒ ගැටවලට මම අහුවුණේ නැහැ.

කැසිනෝ සූදු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේත් පවත්වාගෙන යන එක හොඳයි. විදේශිකයන් අප රටට ඇවිල්ලා රුපියල් කෝටි ගණන් මුදල් මේ සඳහා වියදම් කරනවා. ඒක කොච්චර හොඳ වැඩක්‌ද? අපේ ශ්‍රී ලාංකිකයෝ වුණත් ඒකට ගියාදෙන්.

කැසිනෝවලට විරුද්ධව එක එක උදවිය කියන කතා, අදහස්‌ උදහස්‌වලටත් අපි තැනක්‌ දෙන්න ඕනෑ. ශ්‍රී ලංකාවේ උදවියට පමණක්‌ කැසිනෝ තහනම් කිරීමේ වරදක්‌ නැහැ.
"


එස්. බී ට දෙවන නොවන ලෙස අදහස් පල කර ඇති විමල් වීරවංශ මහතා ජාත්‍යාලයෙන් ඔද වැඩී මාධ්‍යය වෙත ප්‍රකාශ කොට තිබුනේ කැසිනෝ විදේශිකයන් ඉලක්ක කොටගෙන පවත්වාගෙන යාමේ ගැටළුවක් නොමැති බවත්, ගැටලුව ඇත්තේ කැසිනෝ වල නොව එයට බදු සහන ලබා දීම පිළිබඳව බවය. 

කැසිනෝ අලුත් ව්‍යාපෘතියට බලපත්‍ර ලබාදීම විශාල ගැටළුවක් නොවන බවට පෙන්වීමට මේ දිනවල උත්සාහ කරන ආර්ථික නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මහතා කැසිනෝ පිලිබඳ පවසා තිබුනේ මෙවැන්නක්.  

"වාලුකාරාමය ඉස්සරහ තියෙනවනම් මහානාම එක ඉස්සරහ තියෙනවනම් ඒක ඩී ආර් විජේවර්ධන මාවතට ආවම තියෙන සංස්කෘතික විනාශය මොකක්ද?"

මේ අතර ආන්දෝලනයට පත් කැසිනෝ ව්‍යපෘති සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මන්දැයි බොදු බල සේනා සංවිධානයෙන් විමසා තිබු අතර වම සංවිධානයේ දිලන්ත විතානගේ මහතා ප්‍රකාශකොට තිබුනේකැසිනෝ වලට තම සංවිධානය විරුද්ධ බවත්, නමුත් මෙම අවස්ථාවේ වඩා වැදගත් වන්නේ කැසිනෝ නොව හලාල් අර්බුදය බවයි.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කැසිනෝ ෂෝක්. මාත් ගැහුවා - එස්‌.බී Rating: 5 Reviewed By: Unknown