728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 28 December 2013

මම නයිටිය පිටින් ඇවිත් ජනතාවට සේවය කළේ- / ගීතාගේ කුණුහරුප

බෙන්තර ඇල්පිටිය සංවර්ධන කමිටු රැස්වීමට සභාපතිවරයාගෙන් ගීතා කුමාරසිංහට මිට පෙර අවුරුදු 3ක් ආරාධනා කලත් මෙවර ආරාධනා නොකිරීම මත ඇය රැස්වීමට පැමිණි හෙයින් සභාවේ විශාල කාලගෝට්ටියක් ඇතිවූ අතර දෙපැත්තෙන් හුවමාරු වූ වචන අතර ගීතාට ගණිකාව ලෙස බැන වැදුණු බව වාර්තා වුනි. ගීතා කුමාරසිංහ හට ගණිකාව ලෙස ආමන්ත්‍රණය කිරීමත් සමග කෝපයට පත් ගීතා අජිත් ප්‍රසන්න වෙත බැණ වැදුනේ පොන්නයා කියමිනි.

එසේ බැන වැදීම බෙන්තර ඇල්පිටිය ජනතාවටම සිදුකල අපහාසයක් බව පවසමින් අජිත් ප්‍රසන්න ඇතුළු මන්ත්‍රීවරුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කලත් එය අතරමගදී නතර විනි. ගීතා කුණුහරුපයෙන් බැන වැදීම සම්බන්ධව පසුගියදා රුපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් පැවසුවේ මෙවැන්නකි. "දේශපාලඥ්යෝ නිතරම කුණුහරප කියනවා, කෑගහනවා. ඉස්සර මුල් දවස් වල මම බය වුණා. පස්සේ ටික ටික මමත් ඒව ඉගනගත්තා." ගීතා පවසන ලද අසැබි වදන සම්බන්ධයෙන් ගීතා හා අජිත් ප්‍රසන්න අදහස් දැක්වුවේ මෙලෙසිනි...


අජිත් ගීතා ඔබට පොන්නයෙක්  කියල කියන්න හේතුව....? පොන්නයෙක් කියන්න ඇත්තේ අදහස් දෙකකින්..පළමුවැනි අදහස තමයි දේශපාලනික වශයෙන් පොන්නයෙක් වීම. කොඳුනාරටියක් නැතිකම. ඔබ එහෙම කෙනෙක්ද? මම මර්වින් සිල්වා එක්ක අරගෙන පෙන්නුවා. ඊළඟට බන්දුල ගුණවර්ධනගේ මොලය පරික්ෂා කරන්න කිව්වා. ඊළඟට ලංකාවේ අකාර්යක්ෂතම ඇමති කුමාර වෙල්ගම කිව්වා.. දෙවැනි එක...? දරුවන් බිහි කරන්න හැකියාවක් නැති එක. ගීතා ඔබට එහෙනම් කිව්වේ දෙවෙනි අරමුණෙන්ද ? මම ගීතටම ඔය උත්තරේ දෙන්න එපයි. ගීතට දෙන්න විදියක් නැහැ. ගීතා එදා කමිටුවේ පාවිච්චි කල වචන ආසන සංවිධායකවරියක් පාවිච්චි කරන වචනද ? අජිත්ගේ මේක නෑනේ..මොකද්ද අර මාරාන්තික උපවාසේ අජිත්ට පොන්නයා කියන්න ඔයා කොහමද හරියට දැනගන්නේ ? ------ (දුරකථනය විසන්දි කරයි) ගීතා හා අජිත් ප්‍රසන්න බැන ගත් සංස්කරණය නොකළ වීඩියෝව පහතින් බලන්න

"ඇමතිතුමනි අරක කරලා දෙන්න" කියලා කිව්වම හැම ඇමතිකෙනෙක්ම මට කරලා දෙනවා

අනර්කලී ආකර්ෂා, නදීෂා හේමමාලි හා ගීතා කුමාරසිංහ මේ දවස් වල පුවත්පත් සාකච්ජා පවත්වමින් ඔවුන් දකුණු පලාත් සභාවට තරඟ වදින බව පවසමින් සිටී.
ගීතා කුමාරසිංහ තරඟවදින්නේ මහ ඇමති ධූරය සඳහාය. එබැවින් ඇය අනෙක් සාමාජිකයන් සමඟ දැනටමත් ගැටුම් ඇතිකරගන තිබේ.
කෙසේ වුවද ඇය විසින් ජනතාවට බොහෝ දෑ කර ඇති නිසා ඇයට උත්සව ආරාධනාද බොහෝ බව පවසයි. තම සේවයන් ගැන ඇය පවසන්නේ නයිට් ඩ්‍රස් එක පිටින් ඇවිත් පවා උදව් කර ඇති බවකි.
ඔබ දේශපාලනයට ආව දවසෙ ඉඳන් අපි දැක්කේ දේශපාලඥයන් හා ගැටෙනෙ එකමයි. ඇයි මෙහෙම රන්ඩු වෙන්නේ?
පාර්ලිමේන්තුවෙත් ඔය ඕනේ තරම් ගැටුම් ඇතිවෙන්නේ. දේශපාලනය කරනකොට ගැටුම් ඇතිවෙනවා.

ඇයි මේ හැම දෙනා එක්කම ගැටුම් ඇතිවෙන්නේ?
අවුරුදු 20ක් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් නැති ආසනයක් මේක. එතකොට සභාපහි හිතනවා මම තමයි ලොක්කා කියලා. ඒ ආධිපත්‍යය බිඳුණා මම ආවට පස්සේ. ඒකට හේතුව මගේ ජනප්‍රියතාවය. දුප්පත් මිනිස්සුන්ට හැකි තරම් මගේ ධනය වියදම් කරනවා. දුප්පත් මළ ගෙදරකට ගිහිල්ලා ගේ ඇතුලට ගිහින් කහට කෝප්පයක් බීලා කාටවත් පේන්නේ නැතිවෙන්න අර මිනිස්සුන්ගේ අතේ රුපියල් හාරදාහක් තියලා එනවා.

වයසක මනුස්සයෙක් ආවොත් පර්ස් එකේ තියන අන්තිම සතේ හරි දෙනවා. එතකොට ඩ්‍රයිවර් කියනවා "නෝනා රුපියල් පන්සීයක් තියාගන්න නැත්නම් අධිවේගයේ යන්න බැරි වෙයි" කියලා.

මම වැඩ කරද්දී අර අයගේ ආධිපත්‍යය බිඳුණා. යාගන්න බැරි තරම් උත්සව වලට මිනිස්සු මට කතා කරනවා. සිනමා නිළියක් විදිහට මේ තරම් ජනප්‍රිය වුන කෙනෙකුගේ මූණ බලාගන්න මිනිස්සු කැමති නැද්ද?

මම පෙට්‍රල් කඳුලක්වත් අරගන නෑ, මම ඉල්ලන්නේ ජනතාවගේ පොදු අවශ්‍යතාවයන් "අපේ ඇමතිතුමනි මේක කරලා දෙන්න, අපේ ඇමතිතුමනි අරක කරලා දෙන්න" කියලා කිව්වම හැම ඇමතිකෙනෙක්ම මට කරලා දෙනවා.

මෙවර පලාත් සභා මැතිවරණයට ඔබ ඉදිරිපත් වෙනවද?
මම ගාල්ල දිස්ත්‍රික්කය පුරා ගිහින් තියනවා. මාව හොයාගන මිනිස්ස්සු සමහරදාට කොළඹ එනවා බද්දේගමින්. එක දවසක් කට්ටියක් එනකොට පාන්දර හතරහාමාරයි. මම නයිට් ගවුම උඩින් හවුස්කෝට් එක දාගන ඇවිත් ඔෆිස් එකේ වාඩි වෙලා ඒ අයගේ වැඩ ටික කරලා දෙනවා.

ඔබ රැකියා කීයක් දීලා තියනවද?
මේ 24 වෙනිදා (අද) බෙන්තර ගාමිණී විද්යාලයේ මගේ රැකියා වෙලඳපොලක් තියනවා. ඒකට ලංකාවේ ඉන්න අංක එක ව්‍යාපාරිකයන් සීයක් සහභාගී වෙනවා. ඒ හැම එක්කෙනාටම මම කියලා තියෙන්නේ රැකියා පහ බැගින් දෙන්න කියලා. එහෙම බැලුවම මම දවසකට රස්සා පන්සීයක් දීලා තියනවා. ඒවා මගේ පෞද්ගලික දැන හැඳුනුම් මත කරන දෙයක්.









  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මම නයිටිය පිටින් ඇවිත් ජනතාවට සේවය කළේ- / ගීතාගේ කුණුහරුප Rating: 5 Reviewed By: Unknown