728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 10 April 2014

"මේ රටේ මොකක්ද මරක්කලයන්ට තියෙන ප්‍රශ්නේ....?


"මේ රටේ මොකක්ද මරක්කලයන්ට තියෙන ප්‍රශ්නේ? අරෙහෙ කැළෑ කපනවා. එක සිංහලයෙකුට ගිහිල්ලා විල්පත්තුවේ පදිංචි වෙන්න දෙන්නේ නෑ. එක සිංහලයෙකුට ගිහිල්ලා සෙට්ටිකුලමේ පදිංචි වෙන්න දෙන්නේ නෑ. එදා එහේ සිංහල පවුල් 1213 ක් ජීවත් වුණා. මුස්ලීමුන් 73 යි එහේ 1975 දී ලියාපදිචි වෙලා හිටියේ. අද 6000 ක් ඉන්නවා! එක සිංහලයෙකුට යන්න දෙන්නේ නෑ. අනිත් පැත්තෙන් මඩු පල්ලිය කියලා එක කතෝලික සිංහලයෙකුට ගෙයක් හදා ගන්න දෙන්නේ නෑ. මේකද මුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය?"
- පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි මුස්ලීම් ලෙබ්බේලා අබියසදී.
 


වටරැක විජිතගේ මූලිකත්වයෙන් "ජාතික බල සේනාව" නම් වූ සංවිධානයක්‌ ඊයේ (09 වැනිදා) කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හෝටලයක කැඳවා තිබූ මාධ්‍ය හමුවකට බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා වැඩම කර ප්‍රශ්න කිරීමත් සමඟ උණුසුම්කාරී වාතාවරණයක්‌ උද්ගත විය.

වටරැක හිමියන් අන්‍ය ආගමික පූජකයන්ගේ අතකොළුවක්‌ වී සිදුකරන කටයුතු හේතුවෙන් සම්බුද්ධ ශාසනයට, බෞද්ධයින්ට, සිංහල ජාතියට මහත් හානියක්‌ වී ඇති බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා මෙහිදී වටරැක හිමියන්ට දැඩි දොaෂාරෝපණයක්‌ කළහ. ඒ හේතුවෙන් එම මාධ්‍ය හමුව ආරම්භ නොකරම අත්හිටුවීමට සිදුවිය.

රට තුළ හිස ඔසවන ජාතිවාදී සංවිධානවලට එරෙහිව එම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර ඒ සඳහා වටරැක හිමියන් ඇතුලු භික්‍ෂුන් වහන්සේලා කිහිපනමක්‌ද අන්‍ය ආගමික පූජකවරු කිහිපදෙනක්‌ද එක්‌ව සිටියහ.

මෙහිදී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඇතු`ථ හිමිවරුන් වටරැකගේ පාර්ශවයේ භික්‍ෂුන් වහන්සේලාගෙන් බෞද්ධ කරුණු පිළිබඳ විමසා සිටියද උන්වහන්සේලාට එම ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකිවී නිරුත්තර වී තිබේ.

උන්ගේ විහාරස්‌ථාන පිළිබඳව කළ විමසීමේදී ඊටද නිසි පිළිතුරු දීමට අපොහොසත් වීම විශේෂත්වයක්‌ විය.


තමන් සිදුකරන වැරදිවලට ජාතියෙන් සමාව ගතයුතු බව මෙහිදී බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා වටරැකට දන්වා සිටියහ.

එහිදී වටරැක
විජිත තමන්ගෙන් සිදුවූ වැරදිවලට සමාව ගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.

තමන් අන්‍ය ආගමික පූජකවරුන් සමඟ එක්‌වී සිදුකළ එම ක්‍රියාව තවදුරටත් සිදු නොකරන බව
වටරැක විජිතඑහිදී ප්‍රකාශ කළහ. තමන් වහන්සේ කිසිසේත් නැවත මෙවැනි කටයුතු නොකරන බවත් වටරැක විජිත බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලාට පොරොන්දු වූහ.

උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් පොලිසියද එහි පැමිණ තිබූ අතර
වටරැක විජිත ඇතුළු පිරිස පොලිස්‌ ආරක්‍ෂාව මධ්‍යයේ පිටව ගියහ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: "මේ රටේ මොකක්ද මරක්කලයන්ට තියෙන ප්‍රශ්නේ....? Rating: 5 Reviewed By: Unknown