728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 8 December 2013

ඔබ එම ‍පොතට විරුද්ධ වන්නේ මොන කාරණා නිසාද?

තිස්සගේ කලින් විවාහයන්ට සම්බන්ධ අතිශයින් පෞද්ගලික කාරණා මෙසේ පළ කිරීමෙන් ඔහුගේ චරිතයට විශාල හානියක් විය හැකිව තිබුණා...
අසංකා මොණරවිල


 තිස්ස අබේසේකරයන් පිළිබඳව අජිත් ගලප්පත්ති ලියූ ‘තිස්ස...තිස්ස’ ග්‍රන්ථය පසුගියදා පැවති තිස්ස අබේසේකර උපහාර උළෙ‍ලේදී නිකුත් කිරීමට නියමිතව තිබුණත් එය සිදු වූයේ නැහැ.  එයට හේතුව ඔබ ඊට විරෝධය පළ කිරීම බවත් පැවසෙනවා? මේ කතාව ඇත්තද?
මා එය පළ කිරීම නතර කර නැහැ. සිදුවූ දේ ‍පොත හරියටම කියවා බලා සංස්කරණය කර ගැනීමට නොහැකිවීමයි. ‍පොත හරි විදියට සකස් කර ගැනීමට තිබූ කාලවේලාව මදි නිසා බව මම කිව්වා.  එම ‍පොත නුදුරු අනාගතයේදී ප්‍රකාශ කරන බව එදා උත්සවයේදී දන්වන ලෙසත් අපි ඉල්ලා සිටියා. මට අවශ්‍ය වුණේ අජිත්ට එන්න කියල එහි අවශ්‍ය කරන දේවල් ඉතුරු කරල අනවශ්‍ය දේවල් කපා හැරල හරි විදිහට ‘කොෆි ටේබල්’ ‍පොතක් විදියට මෙය එළිදක්වන්නයි. ඒ නිසා මම මෙය සංස්කරණය කිරීමට විද්වතෙකුට බාර දෙනවා. ඒ නිසා මෙම ‍පොත එළිදැක්වීම නතරවී නැහැ. එය ඉදිරියේදී  අජිත් ගලප්පත්තිගේ ‍පොතක් ලෙසම නිකුත් වේවි.
http://www.pinimuthu.com/2013/09/blog-post_8181.html#more
 මෙම කෘතිය රචනා කිරීමේ යෝජනාව මුලින්ම ඉදිරිපත් වුණේ අජිත්ගේ පැත්තෙන්ද? ඔබලාගේ පැත්තෙන්ද?

මෙය ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය (ටෙලිනිස) ට අවශ්‍ය වුණ දෙයක්. තිස්ස අබේසේකරයන් වෙනුවෙන් යම්කිසි දෙයක් කළ යුතුයි කියා තීරණය කළාට පසු ඒ අය හිතුවා ‍පොතක් කිරීමට

 ‍පොත ලිවීම අජිත්ට බාර දීමට තීරණය කළේ ටෙලිනිසයද?

ඒගොල්ල මුලින්ම තීරණය කළා කොෆි ටේබල් ‍පොතක් කරනවා කියලා. මම දන්න විදියට  ඒ ගොල්ල මේ සඳහා කර්තෘවරු කීප දෙනෙකුගේම නම් යෝජනා කළා.

 කවුද ඒ අය?

මම හිතන්නේ එක් අයෙක් නුවන් නයනජිත්

 ටෙලිනිස තුළ මේ කාර්යය භාරව කටයුතු කළේ කවුද?
එහි සභාපති වන සුරේෂ්  අබේසේකර. මගේ ගෙදරට ඇවිල්ල ඒ ගැන කතා කළේ ඩග්ලස් සිරිවර්ධනයි, සුරේෂුයි.

 ඔබ ඒ අයට කැමැත්ත පළ කළාද?

මම එතනදී කිව්ව තිස්ස අබේසේකර ගැන ‍පොතක් ලියන්ඩ කාටවත් දෙන්න කැමැති නැති බව.

ඒ කියන්නේ එය ඔබ විසින් ලිවියයුතු යැයි කියා කල්පනා කළාද?

මට හෝ දරුවෙකුට ලියන්ඩ දෙන්ඩ පුළුවන් කියලා හිතුවා. තව ලියන්ඩ පුළුවන් දුවෙක් ඉන්නවා. එයාට හරි ලියන්ඩ දෙන්ඩ පුළුවන් කියල මම කල්පනා කළා. ඒ කෙසේ වෙතත් කාටවත් තිස්ස අබේසේකර ගැන ලියන්ඩ බෑ මගෙන් විමසලා බලන්නේ නැතුව. ඔහුගේ ජීවිතයේ වැඩිම කාලපරිච්ජේදයක් ඔහු සමග ජීවත් වුණු පුද්ගලයා මමයි.

ඒ කොයි තරම් කාලයක්ද?

අවුරුදු 30ක්. ඒක ‍පොඩි කාලයක් නමෛයි. අවුරුදු 69ක් ජීවත් වුණු එයාගේ ජීවිත කාලෙන් අවුරුදු විසි ගණනක් හිටියා මව්පියන් එක්ක.  පළමුවෙනි බිරිඳත් එක්ක හිටිය තව අවුරුදු ගණනක්. දෙවැනි බිරිඳත් එක්ක තවත් අවුරුදු ගණනක් හිටියා. එයාගේ ජීවිතේ මේ කාලපරිච්ජේද තුන හැර ඉතිරි අවුරුදු තිහම ගත කළේ මාත් එක්ක.

අජිත් ගලප්පත්ති ‍පොත ලිවීමේ කටයුත්තට සම්බන්ධ වුණේ කොහොමද?

සුමිත්‍රා පීරිස් ගැන  අජිත් ‍පොතක් ලියා තිබුණා. ඒ නිසා මේ අය අජිත් සුදුසුයි කියා තෝරාගත්තා.

අජිත්ට ‍පොත ලිවීම බාර දීමට ඔබත් කැමති වුණාද?

මම කිව්වා අජිත්ව එවන්න කතා කර ගැනීමට කියා. ඔහු සමග කතා කළ විට මම ඔහු තුළින් දැක්කා තිස්ස අබේසේකර වන්දනාවේ යන තැනැත්තෙක්ව. ඒ නිසා මම හිතුව අජිත් අතින් කවදාවත් තිස්ස අබේසේකරට අසාධාරණයක් වෙන එකක් නැහැ කියලා. ඉන්පසු ඔහු නිතර ඇවිත් කතාබහ කළා. ‍පොත ලිවීම සඳහා මගේ උපරිම සහයෝගය ලබා දුන්නා. ‍පොත්පත් පින්තූර වගේම හමුවිය යුතු පුද්ගලයන්ගේ නම් ලැයිස්තු පවා  ලියා දුන්නා.
ඒ හමුවිය යුතු පිරිස අතරින් කලින් බිරින්දෑවරු දෙදෙනාවත් හමුවන ලෙස ඔබ කිව්වාද?
ඔව් මම කිව්වා.  බිරියන් විතරක් නොවෙයි, ඒ විවාහවල දරුවන්වත් හමුවෙන්න කියා  කිව්වා.
එතකොට ප්‍රශ්නයක් පැන නැගුණේ කොතනදීද?
ප්‍රශ්නය ආවේ ‍පොත මුද්‍රණය කරන්න දුන්නටත් පස්සේ
මුද්‍රණයට කලින් අත් පිටපත ඔබට පෙන්නුවේ නැද්ද?
නැහැ කිසිම දෙයක් පෙන්නුවෙ නැහැ. නමුත් අජිත් ‍පොරොන්දු වුණා ‍පොත මුද්‍රණයට කලින් මට පෙන්වන බවට. ඔහු මට කිව්වා “අක්ක  අනුමත නොකරන දෙයක් අපි කිසි විටක පළ කරන්නේ නැහැ” කියල.
නමුත් ඔහු කියා තිබුණා ඔබ විසින් ‍පොත සංස්කරණයට ලක් කළ බව?
දවස් දෙකකින් ‍පොතක් සංස්කරණය කරන්න පුළුවන්ද?
මෙහි තේරුම ඔබට ‍පොත පෙන්වූ බව නේද?
එයා ‍පොත ගෙනත් දුන්නේ නැහැ. මම පුතාව ඇරල මුද්‍රණාලයෙන්  පිටපත ගෙන්වා ගත්තා.
මොකක්ද ඒ තුළ ඔබ දුටු බරපතළ වැරැද්ද?
‍පොතේ මුල් පිටකවරෙ තියෙන්නේ තිස්ස අබේසේකර ඔළුවෙන් හිටගෙන ඉන්න ආකාරයක්.
එයට හේතුව ලෙස ඔවුන් මොකද කිව්වේ?
තිස්ස අබේසේකර අමුතු චරිතයක්. එයා හැම තිස්සේම ඔළුවෙන් හිට ගන්නවා. ඒකයි එහෙම කළේ කියල අජිත් පිළිතුරු දී තිබෙනවා. තිස්ස අබේසේකර ඔළුවෙන් හිට ගන්න කැමැති මනුස්සයෙක් වුණාට අපිට බැහැ කකුල් දෙක උස්සල ඒ මනුස්සයව ඔළුවෙන් හිටවන්ඩ. මේ ‍පොත සම්බන්ධව ඔබ මගෙන් විතරක් අහන්ඩ එපා. තිස්ස අබේසේකරගෙ ගෝලයෝ ඉන්නවා. ඒ අයගෙනුත් අහන්න.  ඒ වගේම සුදත් රෝහණ, සෝමවීර සේනානායක, සතිස්චන්ද්‍ර එදිරිසිංහ යන අයගෙනුත් අහන්න. ඔවුන් ටෙලිනිසෙත් සාමාජිකයින්. මේ ‍පොත එළියට පැමිණීමට විරුද්ධත්වය දැක්වීම මගේ තනි තීරණයක් නොවෙයි.
ඔබ නම් කියූ තිදෙනා ඔය පිටපත දුටුවාද?
එහෙන් මෙහෙන් දැකල තියෙනවා. සෝමවීර සේනානායක කියල තියෙනවා මේ ‍පොතේ පිටු දෙක දෙක ගෙනත් දෙන්න කියවල බලල අනුමැතිය දෙන්න කියලා. ඒත් වෙලා නැහැ.
ඔබ එම ‍පොතට විරුද්ධ වන්නේ මොන වගේ කාරණා නිසාද?
 තිස්ස අබේසේකරගේ විවාහ ජීවිත සම්බන්ධ අතිශයින් පෞද්ගලික දේවල් මේ ‍පොතේ තියෙනවා. එයින් සිදුවන්නේ තිස්ස අබේසේකරගේ චරිතයට විශාල හානියක්. ඔහුගේ කලින් බිරිඳක වන සුවිනීතා කියා ඇතැයි ‍පොතේ සඳහන් වන දේවල් පිළිබඳව සුවිනීතාට වුණත් නඩුමගට බැසිය හැකියි කියා මා හිතනවා. ඒ හැර ඔහු එකම දේ නැවත නැවත කියමින් ‍පොතේ පිටු ගණන වැඩි කර තිබෙනවා.
අජිත් ගලප්පත්ති පවසන්නේ යම් චරිතයක් ගැන පරිපූර්ණව කතා කිරීමේදී එහි සුදු පැත්ත පමණක් කතා කිරීමෙන් නොනැවතී කළු පැත්ත ගැනත් කතා කළ යුතු බවයි?
ප්‍රසිද්ධ අප්‍රසිද්ධ ඕනෑම කෙනෙකුගේ චරිතයක කළු පැති තිබෙන්න පුළුවන්. යම් වටිනා පුද්ගලයෙකුගේ චරිතාපදානය ලියා අප ඔහුට ගෞරව කරනවා යන්නෙන් අදහස් කරන්නේ ඔහු විසින් තමා අවට සමාජයට හෝ යම් ක්‍ෂේත්‍රයකට සිදුවුණු සේවය ගැන පෙන්වා දීමයි. ඒ අනුව තිස්ස අබේසේකරගෙන් සිනමාවට, සාහිත්‍යයට සහ කවියට වුණු සේවය ගැන කොයිතරම් කතා කළ යුතු දේ තිබෙනවාද? ඒ හැරුණු කල කෙනෙකුගේ ජීවිතය සම්බන්ධ අතිශයින්ම පෞද්ගලික දේවල් ඔහු මියගියාට පසු අපට කතා කරන්න අයිතියක් නැහැ. මොකද ඔහු ගැන කියන කතා ඇත්තද නැත්තද කියල පිළිතුරු දෙන්න ඔහු නැති නිසා. දැන් මම ඒ මනුස්සයාගේ ගෞරවය නැතිවන දෙයක් කිව්වොත් එයට පිළිතුරු දෙන්නෙ කොහොමද? විවාහ ජීවිතය වැනි පෞද්ගලික සබඳතාවයක් ගැන කියන කාරණාවලදී වැරදි දේවල් කියැවෙන්න පුළුවන්.
ඒ අනුව ඔබ විසින් එදින මෙම කෘතිය එළිදැක්වීම නතර කරනු ලැබුවේ එයින් තිස්ස අබේසේකරගේ ගෞරවයට හානියක් වන බැවින්ද?
ඔව් ඒ හැරුණු කල වෙන කිසිම අරමුණකින් නොවෙයි.
ඔබ සිතන ආකාරයට ඔහුට නිසි ගෞරවය පුද කළ යුත්තේ කොයි ආකාරයටද?
මූලික වශයෙන් අගෞරව නොකර සිටීමෙන්. අනෙක් කාරණය තමයි. කවුරුන් හෝ ඔහුට ගෞරව පිණිස කරනු ලබන දෙයකින් සිදුවන්නේ ඔහුගේ බිරිඳටත් දරුවන්ටත් හිත් වේදනාවක් නම් එය එම කලාකරුවාට කළ ගෞරවයක් වන්නේ කොහොමද?
තිස්ස ප්‍රේමසිරි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඔබ එම ‍පොතට විරුද්ධ වන්නේ මොන කාරණා නිසාද? Rating: 5 Reviewed By: Unknown