Sunday 29, Dec 2024

728x90 AdSpace

tv
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 18 December 2013

Anonymous මූලධර්මවාදී "ජිහාඩ්" සංවිධානයට මහා පරිමාණයෙන් අරමුදල් රැස්‌කිරීමේ ජාවාරමක්‌



කොළඹ වරාය වෙන්දේසියට ඇතුළු වී සිටින මුස්‌ලිම් පාතාල කල්ලියක්‌ වරාය භූමිය පුරා තම අණසක පතුරවමින් වෙන්දේසි භාණ්‌ඩ තමන් සතු කරගෙන නැවත වෙන්දේසි දමා මූලධර්මවාදී "ජිහාඩ්" සංවිධානයට මහා පරිමාණයෙන් අරමුදල් රැස්‌කිරීමේ ජාවාරමක්‌ ආරම්භ කර තිබේ.



වරායේ වෙන්දේසියේ පාතාල හොල්මන් ...
මෙහිදී මෙම පාතාල කල්ලි සාමාජිකයන් වෙන්දේසියට ඉදිරිපත් වන අනෙකුත් වෙළෙඳුන්ට තර්ජන එල්ල කර පලවා හරිමින් වරාය සැපයුම් අංශයේ එක්‌තරා උසස්‌ නිලධාරියකුට අල්ලස්‌ ලබා දෙමින් මෙම ජාවාරම කරගෙන යන බව වරාය සේවකයෝ සඳහන් කරති.

කලකට ඉහත කොළඹ මුස්‌ලිම් පාතාලයේ රජ කළ "කුඩු නූර්"ගේ සමීප සගයන් වූ පාතාල ප්‍රබලයන් දෙදෙනකු මෙම කල්ලිය මෙහෙයවන බවද සඳහන් වේ.

මෙම පාතාල ප්‍රබලයන් දෙදෙනා කුඩු නූර් ජීවත්ව සිටි කාලයේ වරාය වෙන්දේයෙන් කුඩු නූර්ට කප්පම් නොදීමේ සිද්ධියක්‌ මුල්කර ගනිමින් වෙන්දේසියට ඉදිරිපත් වූ වෙළෙන්දකු නූර්ගේ වධකාගාරයකට පැහැරගෙන ගොස්‌ නිරුවත් කර අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියකට ද සම්බන්ධය.

මෙකී පාතාල කල්ලිය මීට දෙසතියකට පමණ ඉහතදී වෙළෙඳුන්ට බලපෑම් කර වරාය වෙන්දේසියෙන් අයථා ලෙස ලබා ගත් හාල්මැස්‌සන් කන්ටේනරයක්‌ පිටතට ගෙන යැමට සූදානම් වෙද්දී රේගු අංශ මගින් එය අත්හිටුවා තිබිණි.

එම සිද්ධියෙන් උරණ වූ මෙම පාතාල කල්ලිය මෙහෙයවන ප්‍රබලයන් දෙදෙනා පසුගිය දිනක වරාය සැපයුම් අංශයේ කාර්යාලයක්‌ ඉදිරිපිටට පැමිණ හාල්මැස්‌සන් කන්ටේනරය ලබා ගැනීම සඳහා එහි නිලධාරියකුට අල්ලස්‌ වශයෙන් ලබා දුන් රුපියල් ලක්‍ෂ එකහමාරක මුදලක්‌ ඉල්ලා විශාල කලබැගෑනියක්‌ ද කර ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මූලධර්මවාදී "ජිහාඩ්" සංවිධානයට මහා පරිමාණයෙන් අරමුදල් රැස්‌කිරීමේ ජාවාරමක්‌ Rating: 5 Reviewed By: Unknown