728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 15 August 2014

අප අතර ඉන්න සමහරු බැටළුහම පොරව ගත් හිවල්ලු...

අද අපේ රටේ ජනගහනය ලක්ෂ 200යි. මෝටර් සයිකල් ලක්ෂ 27ක් පාවිච්චි වෙනවා. ජනගහනය ලක්ෂ 200යි. එහෙත් ජංගම දුරකථන ලක්ෂ 210ක් භාවිතා වෙනවා. ත්‍රිරෝද රථ ලක්ෂ 10ක් තිබෙනවා. පිටරට රැකියාවල යෙදෙන අය ලක්ෂ 12ක්. ඔවුන් වාර්ෂිකව රුපියල් බිලියන 7ක් අපේ රටට ලබා දෙනවා


රජයට ප්‍රධාන ආදායම් මාර්ග සපයන දේශීය ආදායම්, රේගු හා සුරාබදු දෙපාර්තමේන්තු වලින් විශාල මුදලක් පිටතට ගලායාමක් සිදුවෙනවා. අයවැය සකස් වන මෙම අවස්ථාවේ එම ආදායම් මුදල් රජය පැත්තට සෘජුව හැරවීමට ක්‍රියාකිරීම එම ත්‍රිමුර්තියේ යුතුකම හා වගකීම බව පෙන්වාදීමට කැමැති යැයි මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමකවරුන්ගේ සංගමයේ 63 වෙනි සම්මේලනයේ දී ප්‍රකාශ කළේය.


මෙම අංශ තුන මගින් රජයට සැලකිය යුතු ආදායමක් ලැබෙන බව ඇත්තයි. නමුත් මෙම පිටතට ගලායාම ද නැවැත්විය යුතුයි. මෙම “මීගුහා” වැසිය යුතුයි. සහනදායක අයවැයකට යා හැක්කේ එවිට යැයි ද මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
කොළඹ නව නගර ශාලාවේ දී  (14) මෙම නි‍යෝජිත සම්මේලනය සංගමයේ සභාපති ඩබ්ලිව්. එල්. ඩී. විජේසේකර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි
.
අද රටට වැඩිම විදේශීය මුදල් ආදායමක් එනම් රුපියල් බිලියන 7ක් වාර්ෂිකව ලබා දෙන්නේ විදේශවල රැකියාවල නියුක්ත අයයි. රේගු, දේශීය ආදායම් හා සුරාබදු අංශවලින් රැස්කෙරෙන දඩ මුදල් හා බදු මුදල් මගින්ද සැලකිය යුතු දායකත්වයක් ලැබෙන බව කී ආචාර්ය අමුණුගම ජනතාවගේ අවශ්‍යතා සපුරාලන්න වියදම් දරන්න ඔරොත්තු දෙන ආදායමක් අවශ්‍ය යැයි ද කීය.

“ක්ෂේත්‍රවල රාජකාරි කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට ජනාධිපතිගේ සංකල්පයක් අනුව යතුරුපැදි ලබාදීගෙන යනවා. තව  පිරිසත් එම යතුරුපැදි ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා. ඉල්ලන්න ඔබටත් ලැබේවි. යතුරුපැදි පමණක් නොවෙයි පරිගණකයකුත් ඉල්ලන්න ණය පදනම යටතේ එයත් ලැබේවි. අද වේගවත්ව හා ඵලදායි ලෙස කටයුතු කරන්න නව තාක්ෂණය අවශ්‍යමයි” ද හෙතෙම කියා සිටියේය.
මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

අයවැය සකස් කරන විට බලන දෙයක් තමා හොඳ ආදායමක් ලබා ගැනීම. ජනතා අවශ්‍යතාවන් හැකි පමණින් හෝ ඉටුකරන්න නම් ශක්තිමත් ආදායමක් තිබිය යුතුයි. සුරාබදු දෙපාර්තමේන්තුව ද ඒ අතින් ලොකු හයියක් රජයට ලබා දෙනවා. ප්‍රමිතියක් නැති නීතිවිරෝධි මත්ද්‍රව්‍ය කසිප්පු වැනි බීම තවත් වැඩි වැඩියෙන් නිෂ්පාදනය වෙනවා. ඒවා මැඬලීමට ඔබ ගන්නා උත්සාහය අපි අගය කරනවා. එහිලා තවත් උනන්දු වන්නැයි මම ඉල්ලනවා. එම වැටලීම් තනියම සිදුකරනවාට වඩා පොලිසියත් සමඟ හවුල් වී කරන්න. එවිට වැඩි ප්‍රතිඵල ලබන්න පුළුවනි. වලංගු නීතිය අනුව වැඩ කරන්න. සුදු සිගරැට් නැති කිරීම ඔබ සැලකිය යුතු මට්ටමින් දැනටමත් සිදුකර තිබෙනවා. ඔබේ අංශයට තවත් සේවක සංඛ්‍යාවක් වැඩි කරන්නැයි කරන ඉල්ලීමටද ජනාධිපති අවධානය යොමු කරනු ඇත. අද අපේ රටේ ජනගහනය ලක්ෂ 200යි. මෝටර් සයිකල් ලක්ෂ 27ක් පාවිච්චි වෙනවා. ජනගහනය ලක්ෂ 200යි. එහෙත් ජංගම දුරකථන ලක්ෂ 210ක් භාවිතා වෙනවා. ත්‍රිරෝද රථ ලක්ෂ 10ක් තිබෙනවා. පිටරට රැකියාවල යෙදෙන අය ලක්ෂ 12ක්. ඔවුන් වාර්ෂිකව රුපියල් බිලියන 7ක් අපේ රටට ලබා දෙනවා
.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමින්ද කුලරත්න- රජයේ දෙපාර්තමේන්තුවලට වාර්ෂිකව රජය මගින් මුදල් වෙන් කෙරෙනවා. එහෙත් ඔබ අවශ්‍ය මුදලින් සෑහෙන ප්‍රමාණයක් රජයට ලබා දෙනවා. ගිය වර්ෂයේ දී ඔබ එක්කර දුන් මුදල රුපියල් බිලියන 66ක්. මේ වසරේදී මේ වනවිට රුපියල් බිලියන 22ක් ලබාදී තිබෙනවා. දඩ මුදල් හා බදු මුදල් මගිනුයි එම ආදායම් ලබාදී ඇත්තේ. ඔබේ ඉල්ලීම් කීපයක් තිබෙනවා. ඒවා ජනාධිපති වෙත යොමුකර සාකච්ඡාවකට අවස්ථාව ලබාදීමට කටයුතු සලස්වනවා. මතට තිත සංකල්පය දැන් ක්‍රියාත්මකයි. ඒ සඳහා ද ඔබ පිරිසගෙන් ලැබෙන දායකත්වය ඉහළයි.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්. එච්. පියදාස - ඔබ අද මනා පිරිපුන් ප්‍රසන්න පිරිසක් ලෙස පෙනී සිටිනවා. හැබැයි එය නිකම්ම ලැබුණු තත්ත්වයක් නොවෙයි. 2001 – 2004 සමයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ කාලයේ මෙම සතුට තිබුණේ නැහැ. එක සේවකයකු බඳවා නොගත් සතයකින් සේවක වැටුප් වැඩි නොකළ උන්නැහෙ අද කියනවා ස්වාධීන රාජ්‍ය සේවයක් ඇති කරනවලු. වැඩි වැටුප් ලබා දෙනවලු. ඔය සුරංගනා කතාවලට රැවටෙන අය අද නැහැ. රුපියල් 10කින් දෛනික වැටුප වැඩි කරන්නැයි ඉල්ලා 1980දී වැඩ වර්ජනය කළ ලක්ෂයක් දෙනා අස්කර දැම්ම රජයක්. එදා රාජ්‍ය සේවකයෝ කී දෙනාද සිටියේ. මහින්ද රාජපක්ෂ රජය යටතේ අද ලක්ෂ 13 ½ක් ඉන්නවා. එදා රුපියල් 7900 යේ වැටුප අද රුපියල් 21000 වී තිබෙනවා. මෙම රාජ්‍ය සේවය බිඳ වැටෙන්න දෙන්න බෑ. මෙවර අයවැයෙන් සියයට 25කින් වැටුප් වැඩි කරන්නැයි අපි ඉල්ලනවා. එයද සතුටුදායක ලෙස ඉටුවන බව විශ්වාසයි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය දැන් කලාවක් කරගෙන. කොළොන්නාව ප්‍රදේශය ඒ අතින් නම් දරා තිබෙනවා. මෙයින් අපේ තරුණ පරම්පරාව බේරාගත යුතුයි. ජනාධිපතිත් දරුවන් ඇති පියෙක්.  මේවාට ඉඩ දෙන්නේ නැහැ. මම නොබෝදා මරණ 10කට ගියා. එයින් 3ක්ම මත්ද්‍රව්‍යවලින් මිය ගිය අය. අප අතර ඉන්න සමහරු බැටළුහම පොරව ගත් හිවල්ලු.
සුරාබදු කොමසාරිස් ඩබ්ලිව්. විදානගේ, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සුමිත් විජේසිංහ, සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් ඩබ්ලිව්. එම්. රනුර නජිත්සිං, හිටපු සභාපති ඩබ්ලිව්. පී. බී. ගුණතිලක  ද අදහස් පළ කළහ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අප අතර ඉන්න සමහරු බැටළුහම පොරව ගත් හිවල්ලු... Rating: 5 Reviewed By: Unknown