728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 21 August 2014

නි. ඇමැතිට දඩ කොළය දුන් රාලහාමිට අල්ලස් නඩුවක්...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් වාහනයක් ධාවනය කිරීමේ වරදට නියෝජ්‍ය ඇමැතිවරයෙකුට දඩ පත්‍රිකාවක් නිකුත් කළ සුමින්ද සමන් ගුණසේන නැමැති ‍පොලිස් නිලධාරියා සහ තවත් නිලධාරියෙකුට අල්ලසක් ඇයද සිටීම හා ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (21) නඩු පවරනු ලැබිය.

 කළුතර යතුරු පැදි ඒකකයට අනුයුක්ත නිලධාරීන් ලෙස කටයුතු කරමින් සිටියදී 2009 මැයි 25 දා කළුතර කිතුලාව ප්‍රාදේශයේදී මත්පැන් සමග අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් නීති විරෝධී මත්පැන් ප්‍රමාණය අඩුකර සටහන් කිරීමට අල්ලස් වශයෙන් ‍පොලිස් කොස්තාපල් සුමින්ද සමන් සහ උප ‍පොලිස් පරීක්ෂක කුමාර බණ්ඩාර යන නිලධාරීන් රුපියල් 10,000ක මුදලක් ලබා ගත් බව චෝදනාවේ සඳහන් වේ.
 අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මෙම පැමිණිල්ල ගොනුකර තිබූ අතර එම කොමිෂන් සභාව  වෙනුවෙන් සහකාර නීති අධ්‍යක්ෂ තුෂාරි දයාරත්න නීතිඥවරිය පෙනී සිටියාය.
 නීතිඥ අනුර මැදගෙදර මහතා අධිකරණයට පවසා සිටියේ මෙම නඩුව කිසිදු නීතිමය කරුණු මත විභාගය වන්නක් නොව දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රථ ධාවනයේ යෙදුණු නියෝජ්‍ය ඇමැතිවරයාට දඩ කොළයක් නිකුත් කිරීමේ සිදුවීමේ දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නක් බවය.
විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 25,000 බැගින් මුදල් ඇප ද ලක්ෂ 5 බැගින් ශරීර ඇප 2ක් ද නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා මෙම නඩුව විභාගයට ගැනීම සැප්තැම්බර් පළමුවැනිදාට කල් තැබිය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නි. ඇමැතිට දඩ කොළය දුන් රාලහාමිට අල්ලස් නඩුවක්... Rating: 5 Reviewed By: Unknown