728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 13 August 2014

ගණිකාවන් 14ක් වෙනුවෙන් කරුණු දක්වන්න අධිකරණ නියෝගයෙන් තොරව ආවේ ඇයි....?

නො. 39/2, මුහුදු පාර, බම්බලපිටිය යන ස්ථානයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානයක් වටලා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 14 දෙනකු බම්බලපිටිය ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 07 වැනි දා රාත්‍රී 8.45ට පමණය. 



දැනට පැවැත්වෙන අ.‍පො.ස. උසස් පෙළ විභාගයෙහි අක්‍රමිකතාවන් ඇතිවීම වළක්වා විභාගය සාර්ථකව පවත්වාගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් 5ක් විභාග දෙපාර්තමේන්තුව යොදවා තිබේ.
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට, විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන රාත්‍රී කාලයේ දී පරීක්ෂා කිරීමට, විභාග දෙපාර්තමේන්තුවෙන් යැවෙන පැමිණිලි පරීක්ෂා කිරීමට, යම් ගැටලුවක් ඇතිවේ නම් ඒවා කඩිනමින් විසඳීමට මෙන්ම විභාග සම්බන්ධයෙන් වාර්තාවන සිද්ධීන් පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවට වාර්තා කිරීම සඳහා මෙම විමර්ශන කණ්ඩායම් යොදවා තිබේ.
අධිකරණ නියෝගයකින් තොරව අධිකරණයේ පෙනී සිටින්නේ ඇයිදැයි   කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන්  ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේය.
මෙහි දී ආයුර්වේද කොමසාරිස්වරයා නියෝජනය කළ එහි නීති නිලධාරී නීතිඥ සුසන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ විත්තිකාර පාර්ශ්වයේ ඉල්ලීම මත අධිකරණයට සහායවීම සඳහා අධිකරණයට පැමිණි බවය. තම පාර්ශ්වය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අධිකරණයට පැමිණෙන ලෙස තමන් ඉල්ලීමක් කළ බව මෙහි දී සැකකාරියන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා වැඩිදුරටත් පැවසීය.
නො. 39/2, මුහුදු පාර, බම්බලපිටිය යන ස්ථානයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානයක් වටලා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 14 දෙනකු බම්බලපිටිය ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 07 වැනි දා රාත්‍රී 8.45ට පමණය. බම්බලපිටිය ‍පොලිසියේ ස්ථානාධිපති කමල් පෙරේරාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇති බවත් එහි කළමනාකරු ද මෙහි දී අත්අඩංගුවට ගත් බවත් ‍පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව නො. 227/9, ඇඹරලුව, උතුරු වැලිවේරිය පදිංචි කොස්හේන ගමගේ සඳරුවන් ලංකා කුමාර ගමගේ නමැත්තා අධිකරණය මගින් ලබන 21 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි.
මෙම සැකකාරියන් අතර තායි ජාතික තරුණියන් දෙදෙනකු ද ඇතුළත් වූ අතර ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකාරියන් 14 දෙනාට රුපියල් 50,000 බැගින් ශරීර ඇපමත ඇප ලබාදීමට නියෝග කළේය.
එහෙත් අධිකරණය මගින් පිළිගත හැකි ග්‍රාම සේවා සහතිකය සහිත ඇපකරුවන් නොමැතිවීම නිසා සැකකාරියන් රක්ෂිත බන්ධනාගාරයට පත් වූ අතර ඇප තබාගත නොහැකිව මෙම සැකකාරියන් අධිකරණය තුළ හඬාවැටෙනු දක්නට ලැබිණි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ගණිකාවන් 14ක් වෙනුවෙන් කරුණු දක්වන්න අධිකරණ නියෝගයෙන් තොරව ආවේ ඇයි....? Rating: 5 Reviewed By: Unknown