728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 21 August 2014

නවි පිල්ලේ තම බලය ඉක්‌මවා ක්‍රියාකරනවා....

යුද අපරාධ පරීක්‍ෂණය නීති විරෝධියි...
ඉන්දිරා කළේ ඉතිහාසගත වරදක්‌

- ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමි සමඟ විශේෂ සාකච්ඡාව...


භාරතීය ජනතා පක්‍ෂයේ ප්‍රබලයකු වූ ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමි එසේ මෙසේ දේශපාලනඥයෙක්‌ නොවේ. ඔහු හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමඟ ද කොන්ග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි සමඟ ද ගැටුණේය.

ඊටත් වඩා ඔහු ගැටුණේ තමිල්නාඩුවේ කොටි හිතවාදීන් වූ නෙඩුමාරන්, වයිකෝ සහ සීමන් වැන්නවුන් සමඟය. සුබ්‍රමනියම් ස්‌වාමි ඉන්දීය රජයේ ස්‌ථාවරය හෙළි කිරීමෙන් මෙරට විද්වත් පාර්ශ්වවලට අතුල් පහරක්‌ එල්ල විය. හිටපු අධිකරණ ඇමැතිවරයකු වූ සුබ්‍රමනියම් ස්‌වාමි සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාව.


ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සමුළුවට ඔබ සහභාගි වීම වැළැක්‌වීම සඳහා තමිල්නාඩු කොටි ක්‍රියාකාරීන් අගමැති මෝදි වෙතින් ඉල්ලීම් කළා නේද?

පිළිතුර - ඡන්ද සියයක්‌වත් ගන්න බැරි ඔවුන්ට මගේ කටයුතු වළක්‌වන්න බැහැ. ආරක්‍ෂක සමුළුවට සහභාගි වන ලෙස අගමැති මෝදි හා භාරතීය ජනතා පක්‍ෂ නායකත්වය මට අවසර දුන්නා. එවැනි විටෙක තමිල්නාඩුවේ කොටි හිතවාදීන්ට කළ හැකි දෙයක්‌ නැහැ.

ප්‍රශ්නය - මානව හිමිකම් කොමසාරිස්‌a නවි පිල්ලේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ විමර්ශන මණ්‌ඩලයක්‌ ආරම්භ කර තිබෙනවා. එය ගැන ඔබේ අදහස කුමක්‌ද?


පිළිතුර - නවි පිල්ලේගේ පරීක්‍ෂණ මණ්‌ඩලය හා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ සම්මත කිරීමත් නීති විරෝධියි. එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ පවත්වන්න කවුද එයාට බලය දුන්නේ. එහෙම දෙයක්‌ එයාට කරන්න බැහැ. නවිපිල්ලේ ගත් ක්‍රියා මාර්ගය සම්පූර්ණයෙන් ම නීති විරෝධියි.

ප්‍රශ්නය - මෙරට ඇතැම් විද්වතුන් යෑයි හඳුන්වාගන්නා පාර්ශ්ව අගමැති මෝදිගේ රජය ශ්‍රී ලංකාව සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරනවායි පවසනවා. ද්‍රවිඩ සංධානයත් ඊට සම්බන්ධයි.

පිළිතුර - ඉන්දියාව වෙනුවෙන් කතා කරන්න ද්‍රවිඩ සංධානයට අයිතියක්‌ නැහැ. නවි පිල්ලේගේ පරීක්‍ෂණ කමිටුව මොන වාර්තාව හැදුවත් අපි ශ්‍රී ලංකාවට ඇඟිලි ගහන්න ඉඩදෙන්නේ නැහැ. ඇගේ පරීක්‍ෂණය හෝ පරීක්‍ෂණ වාර්තාව ගැන අපි තැකීමක්‌ දක්‌වන්නේ නැහැ.

ප්‍රශ්නය - චීනය මෙරට ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වීම ගැන ද්‍රවිඩ සංධානය විවිධ ප්‍රකාශ කරමින් එය ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ කියනවා.

පිළිතුර - අපේ ආරක්‍ෂාව අපි බලාගන්නම්. අපේ ආරක්‍ෂාව ගැන උපදෙස්‌ දෙන්න ද්‍රවිඩ සංධානය අවශ්‍ය නැහැ. චීනය සමඟ ශ්‍රී ලංකාව ගනුදෙනු කිරීම ගැන ඉන්දියාව තැකීමක්‌ කරන්නේත් නැහැ. මිත්‍ර රටවල් සමඟÊගනුදෙනු කිරීමට හා සබඳකම් පැවැත්වීමට ශ්‍රී ලංකාවට ඇති හිමිකම අපි පිළිගන්නවා. චීනය හා පාකිස්‌තානය සමඟ සබඳකම් පැවැත්වීම නතර කරන ලෙස ශ්‍රී ලංකාවට කියන්න අපට හිමිකමක්‌ නැහැ.

ප්‍රශ්නය - මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකිරීම නොබැඳි රටවලට කරන ඇඟිලි ගැසීමක්‌ යෑයි ඔබ කියන්නේද?

පිළිතුර - ඔව්· ඇය තම බලය ඉක්‌මවා ක්‍රියාකරනවා. බ්‍රිතාන්‍ය හමුදාව ජර්මනියට බෝම්බ දමා සිවිල් වැසියන් මැරුවා. ඇමරිකාව ජපානයේ නගරවලට පරමාණු බෝම්ම දමා සිවිල් වැසියන් මැරුවා. එසේ නම් ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නැඟීම වැරදියි.

ප්‍රශ්නය - ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ තමිල්නාඩුවට ඇතුළු වී ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ බවට වාර්තා වුණා.

පිළිතුර - එක්‌තරා රටක අන්තවාදීන් ශ්‍රී ලංකාව හරහා තමිල්නාඩුවට ඇතුළුවීමට සැලසුම් කළා. මේ ගැන ශ්‍රී ලංකා රජය නිසි ප්‍රතිචාරය දැක්‌වූවා. පසුගිය ඉන්දීය ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. එක වාර්ගික කණ්‌ඩායමකට පමණක්‌ උදව් කිරීමට ඉන්දියාව ඉදිරිපත් වන්නේ නැහැ.

ප්‍රශ්නය - සාක්‌ කලාපයේ රටවල යළි ත්‍රස්‌තවාදයක්‌ ඇති වුවොත් ඉන්දියාව ඊට එරෙහිව ක්‍රියාත්මක වෙනවාද?

පිළිතුර - ඔව්. සාක්‌ රටවල් ඉල්ලීමක්‌ කළහොත් අපේ පූර්ණ සහාය ලැබෙනවා.

ප්‍රශ්නය - හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි කොටින්ට සහාය වීම වරදක්‌ ලෙස ඔබ දකිනවාද?

පිළිතුර - ඔව්. එය ඉතිහාසගත වරදක්‌. එය නොකළ යුතුව තිබුණා.

ප්‍රශ්නය - භාරතීය ජනතා පක්‍ෂයේ ක්‍රමෝපාය කමිටුවේ සභාපති ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ වෙතින් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති තර්ජනය ගැන ඔබ කුමක්‌ සිතන්නේද?

පිළිතුර - ශ්‍රී ලංකාව නැති කළේ ත්‍රස්‌තවාදයයි. එවැනි විටෙක ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් විමර්ශන පවත්වා අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අපි කිසි දිනෙක ඉඩ තියෙන්නේ නැහැ.

ප්‍රශ්නය - ද්‍රවිඩ සංධානය ද පිල්ලේගේ කමිටුවට සහාය දක්‌වනවා?

පිළිතුර - කුමක්‌ කළත් ද්‍රවිඩ සංධානය ශ්‍රී ලංකාවේ නීතියට යටයි. ඔවුන් රජය යටතේ තමයි ක්‍රියා කළ යුත්තේ. පසුගියදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද්‍රවිඩ සංධාන නායක සම්බන්ධන්ට ඉන්දියාවට යැමට අවසර දුන්නා.

ප්‍රශ්නය - ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරු පිරිසක්‌ පිල්ලේගේ කමිටුවට තමිල්නාඩුවට එන්න කියලා පවසා තිබෙනවා.

පිළිතුර - ඒ අයට පුළුවන්ද වීසා දෙන්න. ඉන්දීය රජය ඊට ඉඩ දෙන්නේ නැහැ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නවි පිල්ලේ තම බලය ඉක්‌මවා ක්‍රියාකරනවා.... Rating: 5 Reviewed By: Unknown