728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 14 August 2014

චන්ද්‍රිකාගේ නොනැවතුණු නැටුම...

බලන් කඩතුරා හැර දෑසේ...
මුහුණ බොදවීද මුහුණ විවෘතවද බටහිර සංගීතයට මේ පාද සොළවන්නේ මේ රටේ එසේ මෙසේ චරිත දෙකක් නොවේ. මුහුණ බොදව ඇත්තේ මේ රටේ නූතන විහාර මහා දේවිය ලෙස 1994 පිදුම් ලද සිරිමාවෝ බන්ඩාරනායකගේ දියණිය චන්ද්‍රිකා බන්ඩාරනායකයන්ය. මුහුණ විවෘතව පාද සොලවන්නේ අන් අයෙක් නොව මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ ගෝඩ් ෆාදර් හෙවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යජෝති සරවනමුත්තුය.


නුඹ අසන පැණය මම දනිමි. ''එහි වරදක් තිබේද ?යන්නය. බැලූ බැල්මට එසේ නැත. නමුත් ගැඹුරින් විනිශ්චය කළ යුතුය.
පාක්‍යජෝති සරවනමුත්තු වනාහි සෘජුව ද්‍රවිඩ බෙදුම්වාදය වෙනුවෙන් මේ රටට අදත් එරෙහිව කටයුතු කරන චරිතයකි.සැබවින්ම මේ රටේ ද්‍රවිඩ ප්‍රජාව අදුරු අගාධයට තල්ලු කොට ඒ මතින් ඩොලර් පවුම් මිටි බදින මේ රටේ බෞමිකාඛන්ඩතාවයට විදෙස් අතපෙවීමට රුකුල් සපයන ඒ වෙනුවෙන් බෙදුම්වාදී යුරෝපාකර ද්‍රවිඩ ප්‍රජාවට අසත්‍ය තොරතුරු සපයන ඉහළ මානව හිමිකම් ආරක්ෂක වලල්ලකින් තමන්ගේ ශරීරය ආරක්ෂා කර ගන්නා චරිතයකි.නැසීගිය ප්‍රකට සිංහළ ජනප්‍රජාවද බොහෝ ගෞරව කළ විදේශ කටයුතු පිළිබද අමාත්‍ය ගරු ''ලක්ෂ්මන් කදිරගාමර් '' මැතිතුමා 2002 පවසා සිටියේ පාක්‍යජෝති සරවනමුත්තුලා ව්‍යවස්ථාපිත එල් ටි ටි ඊ මතයේ කොළඹ නියෝජනය රග දක්වන බවය.

දෙවැනි පුනරාගමනය ලෙස ''කොන්ඩය කැපූ චන්ද්‍රිකා '' දේශපාලන භූමිකා ගත වෙන්නේ විහාරමහා දේවී චරිතයට ඈදීමෙන් නොවේ. නියම සෝබෝන් මොළය විහිදුවා කද කොළඹ මොළය ජාත්‍යන්තර ස්වරූපයනි.පටන් ගත්ත තැනින්ම ගැහුවේ මේ පොළවේ සිංහළ බෞද්ධ උරුමය වෙනුවෙනි. ඒ ''සිංහළ බෞද්ධ අන්තවාදයක් ලංකාවේ ක්‍රියාත්මකයැයි කියාගෙනය. සාධාරණ සමාජයක් උදෙසා සෝභිත හිමියන්ගේ සිවුර ඉදිරියට දමමින් යන ගමනේදී චන්ද්‍රකා ඉටුකරන්නේ අනාගත විදේශ අමාත්‍ය භූමිකාව වේ.බළලා මල්ලෙන් එළියට පනිනවා නොව විසිවන්නේ එතැනදීය. බෙදුම්වාදය වෙනුවෙන් සක්‍රීයව පෙනී සිටින ද්‍රවිඩ සංධානය සධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටියි, ඒ වෙනුවෙන් ලංකාවේ අගතිය වෙනුවෙන් ඩොලර් වලට විකෙනෙන පාක්‍යජෝතිලා ඉහළ කොක්ටේල් පාටි වල චන්ද්‍රිකාගේ ඩාන්ස් පාට්නර් චරිතයට පණපොවන්න තරම් සමීපතමයන් වී සිටී.හෙට දවසේ ප්‍රබාකරන්ට අවියෙන් දිනා ගත නොහැකි නිජබිම පෑනෙන් ජයග්‍රහණය කරවීමට වෙරදරන කංඩායම් රටේ ජනතාවට නොපෙනෙන්න ඒහා බද්ධ වෙමින් පවතී. ප්‍රශ්ණය රනිල්ට මහින්දට සජිත්ට අනුරට වනාහි කාන්ඩ කිරීමට නොවේ. මේ දියත් වන්නේ අපට නොපෙනෙන සැගවුනු යථාර්ථය වේ. ජිනීවා සදහා රටට එරෙහිව හැමදාම සාක්ෂි ගොතන රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ ඉහළ කෙරුමන් ඉතා සූක්ෂමව මේ රටේ මීලග බලවේග හොදින් බිලිබාගෙන ඇති අයුරුය. චන්ද්‍රකාලාට සරවනමුත්තුලාට නටන්නට වගේම අවශ්‍යනම් මේ පොළවෙන එපිට ගොස් ජීවත් වීමට අවකාශ හදාගත හැක. වරස 2500 පුරා ලේ දහඩිය හළා නොබෙදුනු රටක් රැකගත් ස්වේදේශිකයන්ට එසේ නොහැක. අපට පෙන්වන සාධාරණත්වයට යටින් බොහෝ දේ ගලා බහින බව පමණක් මේවාගෙන් මනාව ඔප්පු වේ.


නුවන් මොණරවිළ

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: චන්ද්‍රිකාගේ නොනැවතුණු නැටුම... Rating: 5 Reviewed By: Unknown