728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 5 August 2014

උඹේ සාක්ෂිකරු මම මරුවා.. පුළුවන් නම් නවත්තපන්...


නවගත්තේගම නවෝද්‍යා පාසලේ දණගැස්වීමට ලක්වූ සුසිලා හේරත් ගුරුවරියට ලැබී ඇති තර්ජනාත්මක ලිපියක් සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත්  රෝහණ  පැවසුවේ අදාළ දණගැස්වීමේ සිද්ධියේ සාක්ෂිකරුවෙකු මියයාම පිළිබඳ පරීක්ෂණ ද අඛණ්ඩව කි‍්‍රයාත්මක වන බවයි.




" ගුරුවරියක් දණගැස්වීමේ සිද්ධිය සම්බන්ධ සාක්ෂිකරුවෙකු මිය ගියා පසුගිය දිනක... මියයාමෙන් පසුව පරීක්ෂණ ආරම්භකර තිබෙනවා... එම ගුරුවරියට යම් තර්ජනාත්මක ලිපියක් ලැබී ඇති බවට වාර්ථාවෙනවා..

ඒ ලිපිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසියට පැමිනිල්ලක් ලැබී තියනවා.. මේ සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත් කර තිබෙනවා...  "

මේ අතර ඉකුත් දා කොලොන්නාව උප නගරාධිපති සුරේෂ් කෝදාගොඩට පහරදීමේ සිද්ධියට සැකපිට පුද්ගලයින් පස්දෙනෙකු අද අත්අඩංගුවට ගැනුණා.

එම පහරදීමට කොලොන්නාව නගරාධිපති රවින්ද්‍ර උදයශාන්ත ගේ සම්බන්ධයක් ඇත්නම් ඔහුද අත්අඩංගුවට ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. 

" කොළොන්නාවේ උප නගරාධිපති වරයාට පහර දීම සම්බන්ධයෙන් මිරිහාන අපරාධ විමර්ශණ ඒකකය විශේෂ විමර්ශණයක් සිදු කළා... එම විමර්ශණයෙන් අනතුරුව සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා...

ඔවුන් අධිකරණයට නියමිතයි.. අදාල නගරාධිපති වරයා පහරදීමක් සිදුකර ඇත්දැයි දැනට සාක්ෂි සටහන් කරමින් පවතිනවා... ඔහු පහරදීමක් සිදු කර තිබේනම් ඔහුද අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා..  "

කොළඹ පිටත වටරවුම් පාර අධිවේගී මාර්ගයේ සපුගස්කන්ද ප‍්‍රදේශයේදී යකඩ තොගයක් නැති වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරුලපන පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.
අපගේ මතය-
මෙම දිනවල තවත් එක්තරා පුර්ව ප්‍රචාරක පටයක් ජනයා අතර ප්‍රචාරය වෙමින් පවතී.නමුත් කිසිදු වගක් විභාගයක් නොමැතිව ලත් සැනින් විසිරුවා හැරීමට පෙර සැබෑ මිනීමරුවෙකු මෙලෙස පුර්ව දැනුම් දීමක් කරන්නේ දැයි අප විමසා බැලීම වටි.....මෙය ඔහුගේ තරහකරුවන් ඔහුගේ නම යොදාගෙන ගෙන යන තවත් සටකපට ක්‍රියාවක් විය හැකිය.එසේම සාක්ෂිකරුගේ  මරණයද සමහර විට වෙනත් දඩයම් බල්ලන්ගේ ක්‍රියාවක් විය හැකිය.එම නිසා තීන්දු තීරණ ගැනීමට මේ මොහොතේ අප ඉක්මන් නොවිය යුතුය.මන්ද නීතිය පොලිසියට බාර දි ඇති නිසාය... යනු අපගේ මතයයි...

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: උඹේ සාක්ෂිකරු මම මරුවා.. පුළුවන් නම් නවත්තපන්... Rating: 5 Reviewed By: Unknown