728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 12 August 2014

අපි තානාපති කාර්යාලයට ගියාම හරකා බූරුවා....

ශ්‍රී ලංකාවේ සිට මැලේසියාවට ශ්‍රී ලාංකිකයන් යෑවීමේ මහා පරිමාණ මිනිස්‌ ජාවාරම වසන් කිරීම සඳහා ක්‌වාලාලම්පූරයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ බලධාරියෙක්‌ ක්‍රියාකර ඇතැයි අනාවරණය වේ.


මේ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසලදී අපට හමුවූ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයෝ කීපදෙනෙක්‌ පැවැසූහ.

කොළඹ නගරයේ ක්‍රියාත්මක වන ව්‍යාජ රැකියා ඒජන්සිකරුවන් කීපදෙනෙක්‌ මෙකී මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ වී ඇත.

මොවුන් විසින් ක්‌වාලාලම්පූර් නගරයේ අතරමං කර ඇති ශ්‍රී ලාංකිකයන් ගණන 2000 කට ආසන්නය.

මේ කිසිවෙක්‌ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ අවසරය ලබා මැලේසියාවට ගොස්‌ නැත.

මෙලෙස අතරමං වී ඇති ශ්‍රී ලාංකිකයන්ට රින්ග්ට්‌ 400 බැගින් දඩ මුදලක්‌ මැලේසියානු රජයට ගෙවීමට සිදුවී ඇත.

අපි තානාපති කාර්යාලයට ගියාම එහි නිලධාරියෙක්‌ හරකා බූරුවා කියා පරුෂ වචනයෙන් බැණ වදිනවා යයි එකී ශ්‍රී ලාංකිකයන් හෙළි කළේය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අපි තානාපති කාර්යාලයට ගියාම හරකා බූරුවා.... Rating: 5 Reviewed By: Unknown