728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 15 August 2014

දොස්තර මෙසේ කියයි...

වෛද්‍ය විරිච්චමුල්ල ගමගේ නිමල් නාගිත නැමැත්තා බම්බලපිටිය විශාකා පාරේ මහල් නිවාසයක හය වන මහලේ පවත්වාගෙන ගිය පෞද්ගලික රූපලාවණ්‍යාගාරයක් තුළ දී ඉකුත් 12වැනි දින ලබාදුන් එන්නතක් හේතුවෙන්රිජ්වේ ළමා රෝහලේ වෛද්‍ය පී. ඒ. ප්‍රියංගනී (49) මහත්මිය හදිසියේ මියගිය අතර මේවනවිටත් ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වමින් සිටී. මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් විවෘත තීන්දුවක් ලබා දී ශරීරයේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇත.  


මේ වෛද්‍යවරිය සිය ආමාශයේ හා මුහුණේ තෙල් මන්ද ඉවත් කිරීමට රූපලාවණ්‍යාගාරයට පැමි‚ බවත් එහිදී ඇයට (SESUREIME) නමැති ප්‍රතිජිවක එන්නතක් ලබා දුන් බවට අධිකරණයේ දී කරුණු අනාවරණය විය. එම ප්‍රතිජීවක ඖෂධය මියගිය වෛද්‍යවරියගේ ඉල්ලීම මත එන්නත් කළ බවත් සැකකාර වෛද්‍ය නිමල් ගමගේ මහතා ‍පොලිසිය හමුවේ පවසා ඇත.ඇයගේ මුහුණෙහි කම්මුල් දෙක දෙපැත්තෙහි රැළි සහ සිදුරු කිහිපයක් තිබූ බවත් ඒවා ඉවත් කිරීමට ඇය පැමිණි බවත්, උදරයේ ඇති මේදය සිරින්ජරයක් හරහා පිටතට ගෙන පසුව එය මුහුණට එන්නත් කිරීම සැත්කම මගින් කිරීමට තිබූ බව වෛද්‍යවරයා සඳහන් කර ඇත.

තමන් කිසිදු විටෙක මෙවැනි ශල්‍යකර්මයකදී ප්‍රතිජීවක ඖෂධ ලබා නොදෙන බවත් එහෙත් වෛද්‍යවරියගේ ඉල්ලීම මත එය ලබා දුන් බවත් එහෙතම වැඩිදුරටත් සඳහන් කර ඇත.ඒ අනුව තමා විසින් එම ප්‍රතිජීවක ඖෂධයෙන් මිලිලීටර් 10ක් ගෙන වෛද්‍යවරියගේ ගෙලෙහි දකුණු ප්‍රදේශයට එන්නත් කළ බවත් මිලිලීටර් 2ක් පමණ ඇයට එන්නත් කරනවාත් සමග කැස්ස සෑදී අමාරු වුණු බවත් ඔහු හෙළි කර තිබේ.

ඉන් අනතුරුව ඈ රෝහල්ගත කිරීමට ගිලන් රථයකට පැමිණෙන ලෙස දැන්වුවත් එය පැය භාගයක් ප්‍රමාද වී ඇති බවද වෛද්‍යවරයා දන්වා ඇත. ගිලන් රථය පමාවී පැමිණෙන විටත් ඇය මියගොස් සිට ඇත. පසුව ඇය මෙලෙස මියගිය බවට බම්බලපිටිය ‍පොලිසියට දන්වා ඇත්තේ සැකකාර වෛද්‍යවරයා විසිනි. ඒ පණිවුඩය අනුව ‍පොලිසිය එම ස්ථානයට යන විටත් ඇගේ සිරුර ඇඳෙහි තිබි ඇත. කෙසේ වෙතත් ඇයගේ තත්ත්වය වෙනස් වන වේලාවේ වෛද්‍යවරයකු වෙත යොමු කළා නම් ඇගේ ජීවිතය බේරාගන්නට තිබූ බව ‍පොලිසිය සඳහන් කරයි.

මෙම ශල්‍යකර්මය සඳහා මියගිය වෛද්‍යවරිය විසින් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇත. එම ලක්ෂයෙන් රුපියල් 10,000ක මුදලක් මීට පෙර වෛද්‍යවරයාගේ බැංකු ගිණුමට බැර කර ඇති අතර ඉතිරි රු. 90,000ක මුදල පසුගිය 12 වනදා ඇය මුදලින් ගෙනවිත් ඇත. සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ එම මුදලද ‍පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම වෛද්‍යවරයා විසින් අදාළ රූපලාවණ්‍යාගාරය විවෘත කර ඇත්තේ 2009 වසරේදීය. එදා සිට මේ දක්වා ශල්‍යකර්ම 14,000ක ප්‍රමාණයක් සිදුකර ඇති බව ඔහු පවසා ඇත. විශේෂයෙන් නළු නිළියන්, ඇමැති බිරින්දෑවරු, අමාත්‍යාංශ ‍ලේකම්වරු, වෛද්‍යවරු ඇතුළු ප්‍රභූ පිරිස් රැසක් තමාගෙන් ප්‍රතිකාර ගත් බව ඔහු ප්‍රකාශ කර ඇත.

1976 වසරේදී වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ සැකකාර නිමල් ගමගේ මහතා 1981 වසරේදී වෛද්‍යවරයකු වී ඇත. පසුව 1982 වසරේදී මීගමුව රෝහ‍ලේ සේවය කර ඇති ඔහු නැවත 1983 සිට 1984 දක්වා පානදුර රෝහ‍ලේ සේවය කර තිබේ. ඉන් පසුව 1984 වර්ෂයේදී කැලිෆෝනියාවට ගොස් ඇති මොහු එහිදී රූපලාවණ්‍ය ශල්‍යකර්ම පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා 2009 වසරේදී මෙරටට පැමිණ ඉහත කී රූපලාවණ්‍ය ශල්‍යාගාරය විවෘත කර ඇත.මෙම වෛද්‍යවරයාට අදාළ සියලූ‍ උපාධි සහතික සහ ඩිප්ලෝමා සහතික තිබූ බව ‍පොලිසිය සඳහන් කරයි.

සැකකාර වෛද්‍යවරයා ළඟ සේවය කළ හෙදියන් සිව්දෙනා හෙද සුදුසුකම් සපුරා නොමැති බවට ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.එම හෙදියන් සිව්දෙනා අතරින් දෙදෙනකු අපොස උසස් පෙළ විභාගයට පවා මුහුණ දී නොමැති බවට ද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඔවුන් වයස අවුරුදු 18, 19 සහ 23 හැවිරිදි වියෙහි පසුවන බව ද පොලිසිය පවසයි. මහරගම පිහිටි පෞද්ගලික හෙද පුහුණු ආයතනයකින් මෙම හෙදියන් පිරිස බම්බලපිටියේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත බඳවා ගෙන තිබේ.එසේම අධිකරණ වෛද්‍යවරයා මෙම හෙදියන් පිරිස කැඳවා යම් යම් ඖෂධ පෙන්වා ඇති අතර, ඔවුන් මෙම ඖෂධ නාම පවා නොදත් බව ද හෙළිවී ඇත.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දොස්තර මෙසේ කියයි... Rating: 5 Reviewed By: Unknown