728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 18 August 2014

ශී‍්‍ර ලාංකන් ගුවන් සේවය හරහා ඉස්ලාම් උගුලට අසුවුණ....

ඊයේ පෙරේදා අපේ රටේ ගුවන් සේවයට වසර 100ක් පිරුණි. ඒ නිමිත්තෙන් රූපවාහිනී වැඩසටහනක් ප‍්‍රචාරය කෙරුණි. එහිදී ‘එයාර් සිලෝන්’ කාලයේ ගුවන්යානාවල රූපරාමු කීපයක්ද ප‍්‍රදර්ශනය කෙරුණි. ඒ අතරින් එක් ගුවන් යානයක ‘විහාර මහා දේවි’ යන නම සඳහන් කර තිබෙනවා දැක්කෙමි. ‘එයාර් ලංකා’ යුගයේ ගුවන් යානාවල අපේ රජවරුන්ගේ නම් කොටා තිබුණු බවත් ඇනකොන්ඩාට මතකය. සත්‍යයේ ගීත
ගැයූ නන්දා මාලිනී ‘මේ සිංහල අපගෙ රටයි සින්දුව කීම ප‍්‍රතික්ෂේප කරන මේ කාලයේ මෙබඳු ‘ජාතිවාදීන්ගේ’ නම් අපේ රටේ දේපළවලට යොදන්නට ඉදිරිපත් වන ‘පිස්සන්’ හොයාගන්නට ඉතා අසීරුය. මේ සටහන ඒ ගැන නොවේ. ‘එයාර් ලංකාවත්’ සමග සෝදා හැරිය ඊටත් වඩා වැදගත් දෙයක් ගැන කියන්නටයි.


මේ අපේ ගුවන් සේවය ඉස්ලාම්කරණය වෙන්නට පෙර තිබුණු ලාංඡනයයි.  ඕනෑම ආයතනයක වේවා භාණ්ඩයක වේවා සේවාවක වේවා ලාංඡනය ඉතා වැදගත් තැනක් ගනියි. බොහෝ විට ඉතා හොඳින් සැලසුම් කරන ලද ලාංඡනයක ආයතනයේ වේවා භාණ්ඩයේ වේවා සේවාවේ වේවා පවුරු පදනම් සියල්ල ඇතුළත් වේ. උදාහරණයක් ලෙද ජාතික කොඩි හැඳින්විය හැකිය. ජාතික කොඩියකින් එම රටේ දර්ශනය, දැක්ම මුළු ලොවටම නිහඬව ප‍්‍රදර්ශනය කෙරේ. මේ ආකාරයෙන් හැම ලාංඡනයකින්ම පාහේ ලෝකයට කියාපාන අර්ථකථනයක් තිබේ. 
එයාර් ලංකා ලාංඡනයේත් එබඳු මහා අර්ථකථනයක් තිබුණි. මෙහි ඇත්තේ කුරුල්ලෙක් බඳු රුවකි. එක් අතකින් එයින් පැරණි රාවණා යුගයේ තිබුණා යැයි කියන ගුවන් යානා පිළිබඳ ඉඟියක් කෙරේ. මෙහි වැදගත්කම එය නොවේ. කුරුලූ හිස බඳු කොටසේ ‘පිල්’ තුනක් පැහැදිලිව දැකගත හැකිය. එයින් නිරූපණය කෙරුණේ තෙරුවනයි. පියාපත් බඳු කොටසේ ‘පිල්’ පහකි. ඒ පන්සිල් හැඳින්වීම පිණිසය. මෙයින් අර්ථවත් කෙරුණේ කුමක්ද? ”අපි ලෝකයට තෙරුවනත් පන්සිලූත් බෙදමු”, ”බුදු දහම ලොව පුරා බෙදමු” එයාර් ලංකා ලාංඡනයෙන් පැවසුණු දැක්ම එයයි.

ථෙරවාදි බෞද්ධයකු බව කියාගන්නා නමුදු සිංහල බෞද්ධකම පිච්චියකට නොසලකන බවට ප‍්‍රචලිත චන්ද්‍රිකාගේ යුගයේදී එක්සත් අරාබි එමිර් ‘ඉස්ලාම්’ රාජ්‍යය, ‘එයාර් ලංකා’ ආයතනයේ කොටස් 40%ක් මිලදී ගෙන එය පූර්ණ ‘ප‍්‍රතිසංවිධානයකට’ ලක්කළේය. (පසුව ඔවුන්ගේ කොටස් ප‍්‍රමාණ්‍ය 43 ඉක්මවීය) එයාර් ලංකා නම ශ‍්‍රී ලාංකන් එයාර් ලයින්ස් බවට පරිවර්තනය විය. තෙරුවන සහ පංචශීලය රැගත් ලාංඡනය මකා තටු කැඩී පොළොවට කඩාවැටෙන කුරුල්ලෙකු සිහිපත් කරවන ලාංඡනයක් හඳුන්වාදෙන ලදී. එමන්ම ‘පාරාදීසයක සුවය’ රැගත් අපේ ගුවන් සේවයේ කීර්තිය විනාශ වී ගුවන් සේවය වළපල්ලට ගිය බවද දන්නෝ දනිති. අන්තිමේ ඉස්ලාම් මුදලාලිගෙන් ගුවන් සේවය බේරාගන්නට ඔවුන්ට විකිණූ කොටස් ආපසු ගන්නට සිදු විය. නමුත් අපේ ගුවන් සේවයෙන් ගිලිහුණු කීර්තිය නැවත දිනාගැනීමට තවමත් නොහැකිවී තිබේ. ලොව පුරා බෙදා හළ තෙරුවනේ සහ පංචශීලයේ පණිවිඩය ඇතුළත් දැක්මද අපේ ගුවන් සේවයෙන් හැලීගොස් තිබේ.
මෙබඳු කාරණා පිළිබඳව අපේ රටේ අදාළ අංශවල මොනම බලධාරියෙකුගේවත් අවධානය යොමුවී තිබේද යන්න නොදනිමි. ආගමික ආක‍්‍රමණ පිළිබඳ අපේ ඇත්තන් දැනගන්නා කාලය වන විට කරන්නට දෙයක් ඉතිරිවී නොතිබෙනු නොඅනුමානය.

ලබන වසරේදී අපේ ගුවන් සේවය වන්වර්ල්ඩ් ගුවන් සේවාව හා එක්වීමට නියමත බව මෑතකදී නිවේදනය කෙරුණි. එවිට තව මොනමොන දේ හැලෙනු ඇත්දැයි නොදනිමු. එමිරේට්ස් උගුලෙන් ගැලවී ඇති නිසා අලූත් කොන්ත‍්‍රාත්කාරයා සමග එක්වන විට පරණ ලාංඡනය නැවත එක්කිරීමට හැකිදැයි සොයාබලන මෙන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලමි.


ඇනකොන්ඩා බ්ලොග් අඩවියෙන්..
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ශී‍්‍ර ලාංකන් ගුවන් සේවය හරහා ඉස්ලාම් උගුලට අසුවුණ.... Rating: 5 Reviewed By: Unknown