728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 12 August 2014

පිපෙන්නට පෙර මල් කැකුළක් මිලින විය...

අද දරුවෝ රූප පෙට්‌ටි ළඟ ඉඳගෙන පැය ගණන් ගතකරලා මනෝ ලෝකවල ජීවත් වෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික නාලිකාවල පෙන්වන හරසුන් දර්ශන වලින් අපේ දරුවෝ විනාශ වෙනවා. මේවා ගැන වගකීමක්‌ ඇති ඇස්‌ කන් තියෙන බලධරයෝ අන්ධයෝ වගේ බලාගෙන ඉන්නවා. සමාජය සංස්‌කෘතිය විනාශ වෙනවා. මේවායේ ග්‍රහණයට හසුවෙන්නේ අපේ දරුවෝ මෙහෙම ගියොත් අපේ ඉදිරි පරම්පරාවට යන කලදසාව ගැන අපිට හිතාගන්නවත් බැරිවෙයි.


දෙමාපියන් කොතෙක්‌ වත්පොහොසත් කමින් තර වුවද තම දරුවන් තරම් වටිනා වෙනත් වස්‌තුවක්‌ ඔවුනට නැත. තම දරුවන් හොඳින් හැදී වැඩී සමාජයේ යහපත් ලෙස ජීවත් වෙනවා දැකීම ඔවුන්ගේ පරම චේතනාවයි.

එහෙයින් දරුවන් යහමගට ගැනීම වෙනුවෙන් ඔවුන්ට අවවාද අනුශාසනා, තරවටු කිරීම් ආදිය කිරීමට ද දෙමාපියන් පෙළඹෙති.

එහෙත් වර්තමානය වන විට ඇතැම් දරුවන් තම දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් දෙන ඔවදන් නුරුස්‌සන තත්ත්වයට පත්ව ඇතැම් විට දිවි තොරකර ගැනීමට පවා පෙළඹෙන අවස්‌ථා තිබීම අතිශය ශෝචනීයය.

එවැනි දුක්‌බර සිද්ධියක්‌ පෙරේදා (10 වැනිදා) දෙමටගොඩ මිහිඳු සෙන්පුර මහල් නිවාස සංකීර්ණයෙන් අපට අසන්නට ලැබිණි.

දහහතර හැවිරිදි පාසල් සිසුවියක සිය පෙම්වතා සමග ගමන් කරමින් සිටියදී දැරියගේ පියා එය දැක දැරියට පහරක්‌ ගසා නිවසට යන ලෙසට දුන් උපදෙස්‌වලින් පසු දැරිය තමන් පදිංචි නිවාස සංකීර්ණයේ හත්වැනි මහලින් බිමට පැන සියදිවි හානිකර ගෙන ඇති බව එම ප්‍රවෘත්තියයි.

මියගිය දැරියට වැඩිමහල් සහෝදරයකු සහ මාස දෙකක්‌ පමණ වයසැති බාල සහෝදරයකු වෙයි. මියගිය දැරියගේ මව කතාකර ගැනීමටවත් නොහැකිව හඬා වැටෙමින් සිටින්නීය. දේහය නිවසට රැගෙන එනතෙක්‌ බොහෝ පිරිස බලාගත් අත බලාගෙන නිහැඬියාවෙන් සිටිති.

දැඩි ශෝකයෙන් සිටි දැරියගේ පියා වන සෙල්වදොරේ රාඡේන්ද්‍රන් මහතා (44) අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසීය,

"දරුවා ඉගෙන ගන්න හරිම දක්‍ෂයි. ඒවාගේම පාසලේ වොලිබෝල් නෙට්‌බෝල් වගේ ක්‍රීඩා වලටත් දක්‌ෂයි ඒ සඳහා එයා සහතිකපත් කුසලාන පවා ලබාගෙන තියෙනවා. දරුවා යන්නේ දෙමටගොඩ අනුරුද්ධ බාලිකා විද්‍යාලයටයි.

"පෙරේදා (10 වැනිදා) නිවාඩු දවසේ මා ජාවත්තේ රැකියාවට ගියා. මම ගස්‌ කැපීම වැනි එදිනෙදා වැඩ කර ජීවත් වෙන්න කීයක්‌ හරි හොයාගෙන එනවා. එදත් උදේ 9.00 ට විතර මවයි දැරියයි නිවසින් පිටත් වුණා. දුව ගියේ පල්ලියට යනවා කියලා.

මම දහවල් 1.30 ට විතර මාර්ග අංක 135 බස්‌ එකේ නැගල බොරැල්ලට එනකොට මම ගිය බස්‌ එකට ඉස්‌සරහ බස්‌ එකේ (178) පිටුපස ආසනයේ දරුවා එයා යාළු පිරිමි ළමයාත් එක්‌ක යනවා දැක්‌කා. මම දන්නවා බස්‌ දෙකම බොරැල්ල හන්දියේ නවත්වන බව.

බස්‌ දෙකම නැවැත්වූ විට මම හිටිය බස්‌ එකෙන් බැහැල ගිහින් දුව බස්‌ එකෙන් බස්‌සවාගෙන අවවාද කරලා පාරක්‌ ගහලා දුවත් එක්‌ක නැවත දෙමටගොඩට ඇවිත් දුවට රුපියල් 50 ක්‌ දීලා ත්‍රීවීල් එකෙන් ගෙදර යන්න කිව්වා.

මම දුවට කිව්වා ඔයා ගෙදර ගිහින් මුකුත් කියන්න එපා මම ගැහුවයි කිව්වොත් අම්මයි, ආච්චියි, අයියත් බණියි. ඔයා කියන්න එපා මම කියන්නෙත් නැහැ කියලා. මොකද දුව යාළුවෙලා හිටිය කොල්ලා මත්කුඩු පානයට ඇබ්බැහි වූ අයෙක්‌. ඒකයි අපි විරුද්ධ වුණේ. ඔහු ඉන්නෙත් අපේ නිවාස සංකීර්ණයේම නිවසකයි.

දුව දහවල් 2.00 ට විතර ගෙදර ඇවිල්ලා අම්මා එක්‌ක කතා කරලා බඩගිනියි බත් බෙදලා දෙන්න කියා ඉල්ලලා තියෙනවා. ඊට පස්‌සේ මාස දෙකක්‌ වයසැති මල්ලි එක්‌ක ටිකක්‌ ඉඳලා අම්මා බත් බෙදාගෙන කන්න කිව්වහම කුස්‌සියට ගිහින් තියෙනවා.

සාමාන්‍යයෙන් දුව කුස්‌සියට ගියවිට කුස්‌සියේ තියෙන පුටුව අරගෙන ජනේලය ළඟ තියලා ජනේලය උඩ ඉඳගෙන පුටුවට කකුල් දෙක තියාගෙන ඉන්නවා. පෙරේදාත් (10 වැනිදාත්) පුටුව ජනේලය ළඟ තියල තියෙනවා. ඒ නිසා දරුව ජනේලයෙන් බිමට පැන්නද? වැටුණද කියලා අපිටවත් හිතා ගන්න බැහැ.

දරුවට ජීවිතය නැතිකර ගන්න වුවමනාවක්‌ තිබුණා නම් දෙමටගොඩ කෝච්චි මාර්ගය අසලින් එනකොට කෝච්චියට පනින්න තිබුණා. ඒ වගේම ළමයා බිමට වැටෙන කොට තුවායක්‌ අතේ රැඳිලා තිබුණා. අපිට හිතෙනවා දරුවා ජනේලය උඩ ඉඳගෙන කල්පනා කර කර ඉන්න කොට වැටෙන්න යද්දී තුවාය අල්ලා ගත්තාද කියලත්.

දරුවා බිමට පනිනවා හෝ වැටෙනවා කවුරුත් දැකලා නැහැ. වැටුනට පස්‌සේ දරුවෙක්‌ වැටුණා කියලා ආරංචිවෙලා නිවාස සංකීර්ණයේ අය සමග එයාගේ අයියත් එතනට ගිහින් නංගි කියලා දැනගත්තහම නංගි බදාගෙන අයියත් සිහිය නැතිව වැටිලා තිබෙනවා. එයා ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඉඳලා අද (11 වැනිදා) ගෙදර එක්‌කන් ආවා.

දැරියට අත්වූ ශෝචනීය ඉරණම සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ එම නිවාස සංකීර්ණයේම පදිංචි නම හෙළිකිරීමට අකමැති අයෙක්‌ මෙසේ කීය, "අද දරුවන්ට අවවාදයක්‌ දෙන්න වැඩිහිටියෙක්‌ට බැරි තත්ත්වයක්‌ උදාවෙලා. සමහර පාසල් දරුවන්ට උපදෙස්‌ අවවාද දෙන්න ගියාම වැඩිහිටියෝ අපහසුතාවට පත්වෙනවා.

මේවා ගැන දෙමාපියන් වශයෙන් අපි කනගාටු වෙනවා. අද දරුවෝ රූප පෙට්‌ටි ළඟ ඉඳගෙන පැය ගණන් ගතකරලා මනෝ ලෝකවල ජීවත් වෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික නාලිකාවල පෙන්වන හරසුන් දර්ශන වලින් අපේ දරුවෝ විනාශ වෙනවා. මේවා ගැන වගකීමක්‌ ඇති ඇස්‌ කන් තියෙන බලධරයෝ අන්ධයෝ වගේ බලාගෙන ඉන්නවා. සමාජය සංස්‌කෘතිය විනාශ වෙනවා. මේවායේ ග්‍රහණයට හසුවෙන්නේ අපේ දරුවෝ මෙහෙම ගියොත් අපේ ඉදිරි පරම්පරාවට යන කලදසාව ගැන අපිට හිතාගන්නවත් බැරිවෙයි. ඒ වගේම දරුවෝ ඉන්න දෙමව්පියොත් තම වගකීම් වටහා ගෙන කටයුතු කරන්න ඕන. මේ සිද්ධියට මුහුණ දුන් දරුවාගේ පියාගේ ඇබ්බැහිවීමක්‌ මේ පවුලේ සමගියට බාධාවෙලා තිබුණා. ඒ නිසා දරුවන් උස්‌ මහත් වෙනකොට දෙමව්පියොත් තම වගකීම් ගැන සිතා ඔවුන්ට ආදර්ශයක්‌ ලබාගත හැකි ලෙස ජීවත් විය යුතුයි.
 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පිපෙන්නට පෙර මල් කැකුළක් මිලින විය... Rating: 5 Reviewed By: Unknown