728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 7 August 2014

ඉතිහාසයේ කිසිම රජෙක් මා තරම් වෙහෙර විහාර හදා නෑ ...අපේ අග මැට්ටා…….

ඉතිසාහයේ කිසිම රජකෙනෙකු ඉදි නොකල තරමේ වෙහෙර විහාරස්ථාන ප‍්‍රමාණයක් තමන් අගමැති ලෙස සිටි කාලයේ ඉදිකල බව ඇගමැති දි.මු. ජයරත්න  පවසයි.

ඔහු මෙසේ පැවසුවේ කොලඹදී මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ මහතා එහිදී මෙසේද කීය.
‘අගමැතිකම මම භාරගත්තේ කෝට් එකක් දානවා වගේ. කෝට් එක ගලවන එක විතරයි. අදත් පුළුවන් හෙට රෑ වෙන කොටත් ගැලවෙන්න පුළුවන්. තනතුරු කියන එක සදාකාලික නෙවෙයි. ජීවිතෙත් නැහැනේ. ජිවිතේ සදාකාලික නොවන එකේ තනතුරු කොහොම කරන්නද? ඒ වාගේම බුද්ධ ශාසන අමාත්‍යාංශය බොහෝම ආදරයෙන් බොහෝම හැගීමකින් කළා. ඒ වුණාට ඒකත් ඕනෑම අවස්ථාවක අයින් කරලා කිසිම තනතුරක් නැතිව ඉන්න වුණත් මම සූදානම්.
අවුරුදු 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරණ වේලාවේ මේ ලංකාවේ කිසිම රජ කෙනෙක්ගේ කාලසීමාවේ ඉදිකලාට වඩා වැඩි ප‍්‍රමාණයක් පන්සල්, දාගැබ්, බෝධීන් වහන්සේලාගේ ප‍්‍රාකාර ඉදිකරලා තියෙනවා. ඒවා ගණන් ඇතිව ඉදිරිපත් කරන්න පුළුවන්. රජ කාලේ පොළොන්නරුව, අනුරාධපුර, දඹුල්ල වැනි රාජධානි තිබුණා. නමුත් අද එලෙස නොවේ මුළු රටේ අස්සක් මුල්ලක් නෑරම පන්සල්, විහාර, දේවාල සැදිලා තිබෙනවා. විශාල ප‍්‍රමාණයකට ආධාර කරලා තියෙනවා. ඒ වාගේම විශාල ප‍්‍රමාණයක් දාගැබ් හැදිලා තියෙනවා.
සමහර පුද්ගලයෝ සිවුරු පොරවාගෙන, තමුන්නාන්සේලා දාන්නේ චීවරධාරීන් කියලා. ඒ අය විශාල වශයෙන් වැරදි කරනවා. නොයෙක් වැරදි කරනවා. කළිසම් ඇදගෙන යනවා. මේ වාගේ තත්ත්වයක් සංඝ සමාජය කියලා පිටස්තර පිරිසක් කි‍්‍රයාත්මක වෙනවා. නියම හාමුදුරුවරු නෙවෙයි. ති‍්‍රපිටකය අනුව ජීවත් වන ස්වාමීන් වහන්සේලා නෙවෙයි. මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිවුරු දරාගත්ත පිරිසක් කි‍්‍රයාකාරන බව පේනවා. මෙය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් වෙන්නත් පුළුවන් අභ්‍යන්තර කුමන්ත‍්‍රණයක් වෙන්නත් පුළුවන්’
අගමැති ධූරයට හෝ බුද්ධ ශාසන ඇමති ධූරයට වෙනත් කෙනෙකු පත් කරනවාට තමාගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයි ද කී ජයරත්න මහතා තමාගේ කන් ඇසීමේ යම් ආබාධයක් තිබුණත් සම්පූර්ණයෙන් බිහිරි නැතැයි ද, ඇස් හොඳටම පෙනෙන බවද, ඕනෑම වැඩක් තනිවම කර ගැනීමේ හැකියාව තිබෙන බවද ප‍්‍රකාශ කළේය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඉතිහාසයේ කිසිම රජෙක් මා තරම් වෙහෙර විහාර හදා නෑ ...අපේ අග මැට්ටා……. Rating: 5 Reviewed By: Unknown