728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 7 August 2014

ගුවන් යානයක අවසන් ගමන් ගිය මහාචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ ....

අධ්‍යාපනඥයකු, විදේශ තානාපතිවරයකු මෙන්ම කීර්තිමත් පඬිවරයකු ද වූ මහාචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ  පෙරේදා (6 වැනිදා)
අභාවප්‍රාප්ත විය. 1928 වසරේදී බද්දේගම අකුරටියේ උපත ලැබූ ඒ මහතා මියයන විට 86 වැනි වියෙහි පසුවිය. විශිෂ්ට කෘති 62 ක්‌ පමණ ලියා ඇති ගුරුගේ මහතා මහාවංශය ද ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත.


සර් ජෝන් කොතලාවල සහ ඩඩ්ලි සේනානායක යන මහත්වරුන් යටතේ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති ගුරුගේ මහතා බුද්ධ ශාසන හා සංස්‌කෘතික අමාත්‍යාංශවල ලේකම්වරයකු ලෙසත් ඊරියගොල්ල මහතාගේ සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙසත් කටයුතු කළේය. ඔහු අවසන් හුස්‌ම හෙළුවේ ගුවන්යානයක පියාසර කරමින් සිටි අතරතුරදීය.

එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස විදේශ සේවයට සම්බන්ධ වූ ගුරුගේ මහතා යුනෙස්‌කෝ තානාපති හා ප්‍රංශයේ සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. ඇමරිකාවේ වෙස්‌ට්‌ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූ ආනන්ද ගුරුගේ එහි බෞද්ධ හා හින්දු අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපතිවරයා ද වූ ආනන්ද ගුරුගේ ගේ අවසන් කටයුතු ඇමරිකාවේදී සිදුකිරීමට නියමිතය.

දීප්ති ප්‍රමිතා අධිකාරි 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ගුවන් යානයක අවසන් ගමන් ගිය මහාචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ .... Rating: 5 Reviewed By: Unknown