728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 23 August 2014

තමිල්නාඩුව ගණන් ගන්න එපා....පොලිස්‌ බලතල ලංකාවට මොකටද...?


මා ආරක්‍ෂක සමුළුවට පැමිණි යුරෝපා නියෝජිතයන්ගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා. කොටි සිදු කළ යුද අපරාධ ගැන ඔබලා විමර්ශනයක්‌ නොකරන්නේ මන්ද කියලා. දෙවැනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යය, ජර්මනියේ ඩෙස්ටන් නගරයට බෝම්බ දැම්මා. එහි නාසි ජර්මානු සෙබළුන් හිටියේ නැහැ. ඇමරිකාව ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට න්‍යෂ්ටික බෝම්බ දැම්මා. සිවිල් වැසියන් විශාල ලෙස මළා.


භාරතීය ජනතා පක්‍ෂයේ ප්‍රබලයකු වූ ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමි තමිල්නාඩු කොටි හිතවාදින්ගේ විරෝධතා නොතකා කොළඹ පැවැති ආරක්‍ෂක සමුළුවට සහභාගී විය. ඉන්දීය ජනතා පක්‍ෂයේ නායකයා මෙන්ම ආන්දෝලනාත්මක චරිතයක්‌ වූ සුබ්‍රමනියම් ස්‌වාමි කිවයුතු දේ සෘජුවම කියා සිටියේය. ඔහු මෙරටට පැමිණීම ද්‍රවිඩ සංධානයේ නොසතුටට හේතු වී ඇත. කොටි විරෝධියකු වූ සුබ්‍රමනියම් ස්‌වාමි මෙරටදී කළ ඇතැම් ප්‍රකාශ නිසා මෝදි රජය සම්බන්ධව විවිධ ප්‍රකාශ කළ විද්වතුන් යෑයි හඳුන්වාගත් පාර්ශවයන්ටද බරපතළ පහරක්‌ එල්ල විය.

තමිල්නාඩුවේ කොටි හිතවාදීන් වූ සීමන්, වයිකෝ සහ නෙඩුමාරන් වැන්නවුන් නගන හඬ ගැන තැකීමක්‌ නොකළ සුබ්‍රමනියම් ස්‌වාමි දිවයින ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකට එකඟ විය. එහිදී අප නැගූ ප්‍රශ්න සහ ඔහු ඊට ප්‍රතිචාරය දැක්‌ වූයේ මෙසේයි.

ප්‍රශ්නය - ද්‍රවිඩ සංධානය 13 වැනි සංශෝධනයත් සමග පොලිස්‌ බලතල ඉල්ලා සිටිනවා. ඔවුන්ට පොලිස්‌ බලතල දිය යුතු යෑයි ඔබ හිතනවාද?

පිළිතුර - නවදිල්ලියට පොලිස්‌ බලතල දීලා නැහැ. තවත් ප්‍රාන්ත දෙකකට එවැනි බලතල ලැබිලා නැහැ. මා අධිකරණ ඇමැතිව සිටි සමයේ කොටි සංවිධානයට තොරතුරු සැපයූ ප්‍රාන්තයක්‌ ගැන හෙළි වුණා. මා එය විසුරුවා හැරි. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට පොලිස්‌ බලතල ලබාදීමේ යහපත් වාතාවරණයක්‌ නැහැ.

ප්‍රශ්නය - නවිපිල්ලේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බව කියමින් පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ පත්කර තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධව ඇය අනුගමනය කළ ක්‍රියාදාමය ගැන ඉන්දියාවේ ප්‍රතිචාරය කුමක්‌ද?

පිළිතුර - ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ යෝජනාව නීති විරෝධීයි. ඇගේ පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ නීතිවිරෝධීයි. එවන් විමර්ශනයක්‌ කිරීමට එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ අනුමැතිය ලැබිය යුතුයි. නවි පිල්ලේට එවැනි අනුමැතියක්‌ නැහැ. මේ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇය අනුගමනය කළ පිළිවෙතට ඉන්දියාව මුළුමනින්ම විරුද්ධයි. අපි ඇගේ පරීක්‍ෂණ මණ්‌ඩලයට හෝ පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාවට කිසිසේත් සහය දක්‌වන්නේ නැහැ.

ප්‍රශ්නය - උතුරු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරු 33 ක්‌ නවිපිල්ලේට හදිසි සන්දේශයක්‌ යවමින් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා තමිල්නාඩුව වෙත පරීක්‍ෂණ මණ්‌ඩලය එවන්නැයි ඉල්ලා තිබෙනවා. මේ සඳහා ඉන්දීය රජය ඉඩ දෙන්නේද?

පිළිතුර - ද්‍රවිඩ සංධානය කව්ද කියා හිතන්නේද? ඔවුන්ට නවිපිල්ලේගේ පරීක්‍ෂණ මණ්‌ඩලය ඉන්දියාවට එවන්නැයි ඉල්ලීමට ඇති හිමිකම කුමක්‌ද? එවන් කිසිදු පරීක්‍ෂක මණ්‌ඩලයකට ඉන්දියාවට ඒමට ඉඩක්‌ නැහැ. මෝදි රජය ඊට ඉඩ දෙන්නේ නැහැ.

ප්‍රශ්නය - රජය උතුරේ සහජීවන ක්‍රියාමාර්ග ගන්න අවස්‌ථාවේ ද්‍රවිඩ සංධානය ඊට බාධා පමුණුවනවා. ඔබ ද්‍රවිඩ සංධානයේ ක්‍රියාපිළිවෙත ගැන නිරීක්‍ෂණය කරන්නේ කෙසේද?

පිළිතුරු - විවිධ අන්තවාදීන් සහජීවන පිළිවෙතට බාධා කරනවා. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ එදා කොටි සමයේ පැවැති තත්ත්වය යළි ගෙන ඒමටය. ද්‍රවිඩ ජනතාව මේ අන්තවාදීන්ට කැමැත්තක්‌ නැහැ. අන්තවාදීන් පසුබිමේ සිටින්නේ ජාත්‍යන්තරයේ සිටින බෙදුම්වාදීන්.

ප්‍රශ්නය - චීනය සමග ශ්‍රී ලංකාව සබඳතා පැවැත්වීම නිසා ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල වී ඇති බවට ද්‍රවිඩ සංධානය නගන චෝදනාව ගැන කියන්නේ කුමක්‌ද?

පිළිතුර - චීන හමුදා කඳවුරු ශ්‍රී ලංකාවේ නැහැ. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌, ඉන්දියාවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌. ඕනෑම රටක්‌ සමග සබඳතා ඇති කර ගැනීමට දෙරටට හැකියාවක්‌ තිබෙනවා. චීනය ඉදි කළ හම්බන්තොට වරාය ගැනත් කිවයුතුයි. හම්බන්තොට වරාය ඉදිකිරීම භාරගන්නැයි ශ්‍රී ලංකා රජය අගමැති මන්මෝහන් සිංට කිව්වා. එහෙත් කොන්ග්‍රස්‌ පක්‍ෂයේ හවුල්කාර පක්‍ෂ ඊට විරෝධය පා එය කඩාකප්පල් කර දැම්මා.

ඒ වගේම චීනය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වීම නිසා ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල වෙනවා යෑයි ද්‍රවිඩ සංධානය පැවසීම විහිළුවක්‌. ඔවුන් ඉන්දියාව ගැන එලෙස කියන්නේ කෙසේද? ඉන්දියාව ගැන හඬ නැගීමට ද්‍රවිඩ සංවිධානයට බැහැ.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සමුළුවට ඔබ සහභාගි වූයේ කුමන පදනමකින්ද යෑයි තමිල්නාඩු කොන්ග්‍රසයේ නායක ඥණදේසිකරන් ප්‍රශ්න කර තිබෙනවා. ඔබගේ ශ්‍රී ලංකා සංචාරය ඉන්දීය රජය අනුමත කළාද?

පිළිතුර - අගමැති නරේන්ද්‍ර මෝදි හා භාරතීය ජනතා පක්‍ෂය මට ඊට අවසර දුන්නා. මම පසුගිය වසරේ අගමැති මන්මෝහන් සිං සිssටින විටත් ශ්‍රී ලංකාවට පැමිණියා. තමිල්නාඩු කොන්ග්‍රස්‌ පක්‍ෂයේ නායක ඥණදේසිකරන්ට ඡන්දෙන් බලයට එන්නටත් බැහැ. ඔය වගේ පිරිස නගන ප්‍රශ්නවලට මා ප්‍රතිචාර දක්‌වන්නේ කුමකටද?

ඔව්· ජාතික ආරක්‍ෂක උපදේශක ලබන නොවැම්බරයේ එනවා. අගමැති මෝදි නව වසරේ මුල් භාගයේ පැමිණෙනවා.

ප්‍රශ්නය - තමිල්නාඩු කොටි හිතවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ චෝදනා නගනවා?
පිළිතුර - තමිල්නාඩුව ගණන් ගන්න එපා. කොටින්ගේ ඊළම් බැංකුවෙන් සල්ලි ගත්ත අය තමිල්නාඩුවේ සිටිනවා. එම තොරතුරු හෙළි වූ දාට ඔවුන් අත්අඩංගුවට පත්වෙයි.
ප්‍රශ්නය - වන්නි මෙහෙයුම තුළ ද සිවිල් වැසියන් මියගිය බව කියමින් ශ්‍රී ලංකාවට චෝදනා එල්ලකරනවා. ජාත්‍යන්තර ප්‍රජාව දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කරන බව ඔබ පිළිගන්නවාද?

පිළිතුර - ඔව්· මා ආරක්‍ෂක සමුළුවට පැමිණි යුරෝපා නියෝජිතයන්ගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා. කොටි සිදු කළ යුද අපරාධ ගැන ඔබලා විමර්ශනයක්‌ නොකරන්නේ මන්ද කියලා. දෙවැනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යය, ජර්මනියේ ෙඩ්‍රස්‌ඩන් නගරයට බෝම්බ දැම්මා. එහි නාසිs ජර්මානු සෙබළුන් හිටියේ නැහැ. ඇමරිකාව ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට න්‍යෂ්ටික බෝම්බ දැම්මා. සිවිල් වැසියන් විශාල ලෙස මළා.

එම තත්ත්වය මත ශ්‍රී ලංකාවට පමණක්‌ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ලකිරීම සාධාරණ නැහැ.

ප්‍රශ්නය - තමිල්නාඩු දේශපාලකයන් ශ්‍රී ලංකා රජයට විටින් විට එල්ල කරන තර්ජන ගැන ඔබ දරන මතය කුමක්‌ද?

පිළිතුර - ඒ අයට කළ හැකි දෙයක්‌ නෑ. ශ්‍රී ලංකාවට හානියක්‌ කිරීමට ඉන්දීය රජය ඉඩ දෙන්නේ නැහැ.

මේ සංශෝධනය දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. පළාත් සභා ක්‍රමය එහි ප්‍රතිඵලයයි.

ප්‍රශ්නය - අගමැති මෝදි දිව්රුම් දීමේ උත්සවයට යැම සඳහා පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ට ඇරයුම් කළත් එය ප්‍රතික්‍ෂේප වුණා. එම ප්‍රතික්‍ෂේප කිරීම අයහපත් ක්‍රියාවක්‌ යෑයි ඔබ සිතන්නේද?

පිළිතුර - 

ඔව්. විග්නේශ්වරන් කුමන මානසික තත්ත්වයකින් සිටින්නේද කියා මට සිතන්නට බැහැ. 

ප්‍රශ්නය - කොන්ග්‍රස්‌ පක්‍ෂය සිටියදී තමිල්නාඩුව විවිධ බලපෑම් කළා. එවන් තත්ත්වයක්‌ ඔබලාටත් ඇති වුවොත්.

පිළිතුර - 

අපි බහුතර ආසන සංඛ්‍යාවක්‌ ඇති පක්‍ෂයක්‌. ප්‍රාන්තවල බලපෑම්වලට කිසිසේත් යටත්වන්නේ නැහැ.

කීර්ති වර්ණකුලසූරිය
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තමිල්නාඩුව ගණන් ගන්න එපා....පොලිස්‌ බලතල ලංකාවට මොකටද...? Rating: 5 Reviewed By: Unknown