728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 23 August 2014

බලය මිස නීතිය නැති රටක පාතාලය යථාර්ථයකි.

මේ රටේ පාතාලය පවතින ස්‌වරූපය රටට රහසක්‌ නොවේ. කුඩු ජාවාරම කෙරෙන ආකාරයත් රටට රහසක්‌ නොවේ. බලය මිස නීතිය නැති රටක පාතාලය යථාර්ථයකි. පාතාලය නමැති දැවැන්ත වෘක්‌ෂයේ මුදුන් මුල කැබිනට්‌ එකටත් ඇද තිබෙන ආකාරය මිනිසුන් දන්නේය. කුඩු ජාවාරමේ මහා සෙවනැලි පාර්ලිමේන්තු ගර්භයත් වසාගෙන තිබෙන අයුරු රටට පෙනෙන්නේය. එල්.ටී.ටී.ඊයෙන් පන්නාගත් නීති විරෝධී ගිනි අවි රැඳෙන්නේ ගමේ පච්ච සෝමෙලා අතේවත් කසිප්පු සිරාලා අතේවත් නොව, මේ අඳුරු සෙවනැලි යට රෝපණය වී අවාරෙට වැඩෙනා කටු පඳුරු වල බව ඕනෑම මෝඩයකුට වැටහෙන්නේය. 
මේ ඇත්ත කියන්නට මේ රටේ මිනිසුන් පොලිසියට රහසිගත දුරකථන ඇමතුම් දෙන්නට උවමනා නැත.

අනවසර ගිනිඅවි හිනා වෙවී බරදෙන ලෝකෙන් උතුම් රට!

දැන් මේ රටේ මිනිස්‌සුන්ට හුස්‌මක්‌ හැරපියා නිදහසේ නිදාගන්නට හැකිය. ඇයිද කියනවානම් අනවසර ගිනි අවි හා මත්කුඩු වැටලීම් සඳහා ඒකාබද්ධ මෙහෙයුමක්‌ අපේ පොලිසිය විසින් පටන් අරගෙන ඇති නිසාය. වාර්තා වන පරිදි මේ වනවිට නීති විරෝධී ගිනි අවි ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා ඔවුන් පිළිබඳ තොරතුරු රැස්‌ කිරීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් අසූ දෙනෙක්‌ යොදවා ඇත්තේය. මේ උදවිය ලයිෂන් සහිත තුවක්‌කු ඇති කට්‌ටිය ගැනත් සොයන්නේය. උණ්‌ඩ භාවිතය ගැන වාර්තා ගන්නේය. හොර ගිනි අවි හොයන්නේය.



ඒ මිහිරි ආරංචිය පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වමින් රටට කියන්නේ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක තුමාය. එතුමාට අනුව මෙහෙයුම පටන්ගන්නේ බස්‌නාහිර පළාතෙන් කොළඹ අපරාධ කොට්‌ඨාසය විසින් මෙහෙයුම දියත් කරන්නේය. මේ බිහිසුණු මෙහෙයුමේ ආරම්භක දිනය පසුගිය 18 වැනිදාය. එය ආරම්භ කිරීමට තීන්දු කරන්නේ පොලිස්‌ මූලස්‌ථානය විසින්ය. ඒ මේ තුවක්‌කු සංස්‌කෘතියට නැවතීමේ තිත තැබීම සඳහාය. දැන් නීති විරෝධී ගිනි අවි සහිත පුද්ගලයන් ගැන තොරතුරු පොලිසියට කියන ලෙස හේ ජනතාවට ආරාධනා කරන්නේය.

මාධ්‍ය සාකච්ඡාවක්‌ තබා ප්‍රකාශයට පත්කළ මේ මිහිරි ආරංචියෙන් වඩාත් කුල්මත් වී ඇත්තේ මේ රටේ හොර අවි දරන මිනීමරුවන් බව සැලය. මෙහෙයුම පිළිබඳ කල්තබා දැනුම් දුන් නිසා මේ නීති විරෝධී අවි දරන්නන් ඉදිරි දින කීපය තුළ අපේ පින්වත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකතුමාට පෙනෙන්නට පාර දෙපැත්තට වී ගිනි අවි තබාගෙන සිටින්නට නියමිතය. මේ මොහොත වනවිට මේ රටේ සිවිල් සමාජය තිගස්‌වා ඇති මාරක යථාර්ථයක්‌ ගැන අපට කතා කරන්නට සිදුවී ඇත්තේ පොලිසිය විසිනුත් මෙසේ රටට සොහොන් ලකුණු පෙන්වමින් ඇති මොහොතකය.

වසරක පමණ කාලයක සිට බස්‌නාහිර පළාතේ මිනීමැරුම් හා මහා පරිමාණ කොල්ලකෑම් විශාල වශයෙන් ඉහළ ගොස්‌ තිබුණේය. පසුගිය පෙබරවාරි 14 වැනිදා පෑලියගොඩ නාගරික මන්ත්‍රී අමිල සඳරුවන් වෙඩිතබා ඝාතනය කළේය. අතුරුගිරිය ප්‍රදේශයේ දෙපිරිසක්‌ අතර ඇතිවූ ආරවුලක්‌ නිසා තෙල් සංස්‌ථා සේවකයෙක්‌ කැලණියේදී වෙඩි තබා ඝාතනය කෙරිනි. ගම්පහ මල්වතු හිරිපිටියේදී හෙට්‌ටිආරච්චි නමැති ව්‍යාපාරිකයෙක්‌ වෙඩි තබා ඝාතනය කර මුදල් කොල්ලකෑමට උත්සාහ කර තිබිණි. මීට දින කීපයකට පෙර රත්මලාන ප්‍රදේශයේදී සැලූනයක කොණ්‌ඩය කපමින් සිටි තරුණයෙක්‌ වෙඩි තබා ඝාතනය කළේය. තමන් වෙඩිතබා මරා ඇත්තේ තමන්ට අවැසි පුද්ගලයා නොවන බවත් සිදුවී තිබුණේ අත්වැරදීමක්‌ බවත් මිනීමරුවන් දැනගෙන තිබුණේ තරුණයා මරා දැමූ පසුය. පසුගිය දෙමසකට නොඅඩු කාලය තුළ පමණක්‌ කොළඹ නගරය අවට ගිනි අවි සහිත මිනීමරුවෝ වෙඩි තැබීම් හතක්‌ සිද්ධ කළහ. ඉන් නවදෙනෙක්‌ මරුමුවට පත්වූහ. දෙදෙනෙක්‌ තුවාල ලැබූහ. මේ මිනීමැරුම් සඳහා යොදාගෙන තිබුණේ ටී 56 ගිනි අවිය.

බොහෝ තැන්වල සිදුවූ බැංකු කොල්ලකෑම්, මූල්‍ය ආයතන කොල්ලකෑම් සඳහා ටී 56, ටී 81, අත්බෝම්බ මෙන්ම පිස්‌තෝලද භාවිත කර තිබුණ බව හෙළිවුණේaය. මේ ගිනි අවි බස්‌නාහිර පළාතෙන් තුරන් කිරීම සඳහා පූQර්ව දැනුම් දීමක්‌ සහිතව පොලිස්‌ මෙහෙයුම් දියත් කරනු ලබන්නේ ජීවත් වීමට ටී 56 ක්‌ ප්‍රාර්ථනා කළයුතු ආකාරය ගැන සිවිල් මිනිසුන් කල්පනා කරමින් සිටින මොහොතකය.

හෙරොයින් ජාවාරම

කොළඹ නගරය ආශ්‍රිතව පසුගිය වකවානුව තුළ සිදුවූ මිනීමැරුම් ගණනාවකට මුල්වූයේ හෙරොයින් ජාවාරම බව පොලිස්‌ ආරංචි කියන්නේය. මෑතකදී සිදුවූ ප්‍රධානම පාතාල ගැටුම දෙමටගොඩ චමින්ද නමැති මිනීමරුවා හා උගේ ගෝල පිරිසත් බ්ලූමැන්ඩල් සංඛ නමැති මිනීමරු අපරාධකාරයාගේ පිරිසත් අතර සිදුවිය. මේ ගැටුමට මුල කුඩු ජාවාරමේ බලය සම්බන්ධ කාකොටා ගැනීම් බව පොලිසිය කීවේය. උහු එකිනෙකා මරා ගත්හ. ග්‍රෑන්ඩ් පාස්‌, මෝදර, බොරැල්ල, ප්‍රදේශ වල වෙඩිතබා මරා දැමීම් සුලභ විය. රටට පෙනුණු ආකාරයට වැඩිවන ගිනි අවි ගබඩා වී තිබුණේ පාතාල අවි ගබඩා වලය. කුඩු ජාවාරම්කාරයන් ළඟය.

පාතාලයට ගිනි අවි

මෑත කාලයේ බිහිවූ අපරාධකරුවෝ සියල්ලෝම පාහේ ගිනි අවි දැරූහ. ඒ නුදුරු අතීතයේ පවා අපරාධකාරයකුට ගිනි අවියක්‌ සොයා ගැනීම සරල කාරණාවක්‌ වූයේ නැත. එහෙත් ආසන්න වකවානුවේ සමාජ අපරාධකරුවන් විසින් ගිනි අවි භාවිත කිරීම සුලබ වන අයුරු නිරීක්‌ෂණය කළහැකි වූයේය.

දකුණේ ගිනි අවි සුලභ වීම සිදුවන්නේ එල්.ටී.ටී.ඊ ය හා කෙරුණ අවසන් යුද්ධයෙන් පසු බව නිරීක්‌ෂණය විය. උතුරේ අවසන් සටන සිදුවෙමින් ඇති මොහොතේ ත්‍රස්‌තවාදීන් විසින් භාවිත කළ ගිනි අවි විශාල ප්‍රමාණයක්‌ රහසේ කොළඹට පැමිණි බව බුද්ධි අංශ කීවේය. නැගෙනහිර මුදාහැරීමේ සටන අවස්‌ථාවේදීත් මේ ආකාරයෙන්ම රහසේ ගිනි අවි කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ගලාවිත් තිබිණි.

වාර්තා වන ආකාරයට මේ ගිනි අවි ගලා ගියේ පාතාල කල්ලි වලටය. මාලිගාවත්ත මුස්‌ලිම් පාතාලයටත්, දකුණේ පාතාල අපරාධකරුවන්ටත්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ මිනීමරුවන්ටත් මේ අවි ලැබුණ ආකාරය විටෙක හෙළිවුණේaය. සමහර අවස්‌ථාවලදී ගිනි අවි හා බෝම්බ පාතාල අපරාධකරුවන්ට විකුණා තිබුණේ උතුරේ මෙහෙයුම් වල නිරතව සිටි හමුදා සෙබළුන්ය. විටෙක මේ ජාවාරමේ ස්‌වරූපය පැහැදිලි කෙරෙන සාක්‌ෂිද ලැබිණි. සිදුවීම් කිහිපයකදී අපරාධකරුවන් අවිත් සමග අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. එම ආයුද එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තවාදීන් විසින් පාවිච්චි කළ ඒවා බව පරීක්‌ෂණ අවසානයේදී තහවුරු වුණේaය.

ප්‍රභල ලෙස අවි දැරූ ලෝකයේ බිහිසුණුම ත්‍රස්‌තවාදී කණ්‌ඩායමක්‌ හා කෙරෙන යුද්ධයක්‌ පවතින රටක නියතවම සිදුවිය හැකි නීති විරෝධී අවි ජාවාරම හඳුනා ගැනීමටවත් එම අවි සිවිල් සමාජය වෙත සම්ප්‍රේක්‌ෂණය වන ආකාරය විමසීමටවත් ඒ සම්බන්ධව තොරතුරු ලැබෙන මුල් අවස්‌ථාවන් වලදී රටේ නීතිය ආරක්‌ෂා කරන අංශ විධිමත්ව කටයුතු කළේ නැත. දැන් ඒ ගිනි අවි පත්තුවෙමින් තිබෙන්නේය. ඒ හඬින් අවදි වුවාක්‌ මෙන් අවි සංස්‌කෘතිය නැවැත්වීමටත් කුඩු ජාවාරම නැවැත්වීමටත් ඔවුහු මෙහෙයුම් ප්‍රකාශ කරන්නෝය. ජනතා සහය පතන්නෝය. පැය විසි හතරක්‌ යනවිට තොරතුරු පහළොවක්‌ ලැබී ඇති බවත් එක්‌ පුද්ගලයෙක්‌ අත්අඩංගුවට ගත් බවත් කියන්නෝය. ඒත් ඇත්තම කතාව එය නොවේ.

මේ රටේ පාතාලය පවතින ස්‌වරූපය රටට රහසක්‌ නොවේ. කුඩු ජාවාරම කෙරෙන ආකාරයත් රටට රහසක්‌ නොවේ. බලය මිස නීතිය නැති රටක පාතාලය යථාර්ථයකි. පාතාලය නමැති දැවැන්ත වෘක්‌ෂයේ මුදුන් මුල කැබිනට්‌ එකටත් ඇද තිබෙන ආකාරය මිනිසුන් දන්නේය. කුඩු ජාවාරමේ මහා සෙවනැලි පාර්ලිමේන්තු ගර්භයත් වසාගෙන තිබෙන අයුරු රටට පෙනෙන්නේය. එල්.ටී.ටී.ඊයෙන් පන්නාගත් නීති විරෝධී ගිනි අවි රැඳෙන්නේ ගමේ පච්ච සෝමෙලා අතේවත් කසිප්පු සිරාලා අතේවත් නොව, මේ අඳුරු සෙවනැලි යට රෝපණය වී අවාරෙට වැඩෙනා කටු පඳුරු වල බව ඕනෑම මෝඩයකුට වැටහෙන්නේය.

මේ ඇත්ත කියන්නට මේ රටේ මිනිසුන් පොලිසියට රහසිගත දුරකථන ඇමතුම් දෙන්නට උවමනා නැත. මේ නීති විරෝධී ගිනි අවි වලින් අති මහත් ප්‍රතිශතයක්‌ ඇත්තේ කා අතදැයි පොලිසිය නොදන්නේත් නැත. තමුන් අත්දකින යථාර්ථය හමුවේ අසරණ පොලිසියටත් කරන්නට දෙයක්‌ නැත. එසේ තිබියදී මරා දැමුණු මිනිස්‌සුන්ගේ ඥතිs වර්ගයා සැනසීමට මෙන් නැකත් ප්‍රකාශකර ගිනි අවි තුරන් කිරීමේ මෙහෙයුම් දියත් කිරීම ප්‍රකාශ කිරීම සඳහා පොලිසිය විකට මාධ්‍ය සංදර්ශන පවත්වන විට මේ රටේ සිහිබුද්ධියක්‌ ඇති මිනිස්‌සුන්ට දුක හිතෙන්නේය.

ජානක ලියනආරච්චි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බලය මිස නීතිය නැති රටක පාතාලය යථාර්ථයකි. Rating: 5 Reviewed By: Unknown