728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 3 August 2014

ක්ලැරන්ස් විජේවර්ධන

සදාදරණීය ක්ලැරන්ස්

 රටටම අමතකවූ අමිල ගායකයා ගේ  උපන්දින සැමරුම නිමිත්තෙනි....

 
නමින් ක්ලැරන්ස් විජේවර්ධන  උපත ලබා තියෙන්නේ1943 අගෝස්තු 3 වන දින බදුල්ල දිස්ත්‍රික්කයේ අති රමණීය ප්‍රදේශයක් වන හපුතලේ දී.. පස් දෙනෙකුගෙන් සමන්විත් පවුලක වැඩිමලා වූ මොහු 1965 දී පමණ සංගීත ක්ෂේත්‍රයට පිවිස, ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට සමත් විය..


ඔහු පිළිබඳව වැඩි විස්තර පහත වෙබ් අඩවියෙන්...

http://lankahits.blogspot.fr/search?updated-max=2011-07-30T14:55:00-07:00&max-results=2

ඔහු ව්සින් රචනා කර ඇති ගීත සංඛ්‍යාව 1000 පමණ වුනත් අදටත් අප රසවිඳ ඇත්තේ ඉන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයකි.. ශාස්ත්‍රීය සංගීත් ක්ෂේත්‍රය තුල හඳුන්වන "වාගෙයතා" විශේෂ හැකියාව ඔහු සතු වේ.. එනම් ගීත රචනා කිරීම, තනු නිර්මාණය හා ගීත ගායනා කිරීමේ සුවිශේෂී ත්‍රිත්ත්ව හැකියාවයී..ශ්‍රී ලංකේය පොප් සංගීත් කණ්ඩායම් සඳහා ඉලෙක්ට්‍රොණික ගිටාරය හඳුන්වා දුන්නේ ඔහු ය.. හිදී ඒ වෙනුවෙන් පැමිණි චෝදනා සඳහා පිලිතුරු දුන්නේ ඉලෙක්ට්‍රොණික ගිටාරයෙන් බෙර පද වාදනය කර පෙන්වීමෙන් බව සඳහන් වේ.. [සුරඟන වෙස් වලා ගීතය].. එසේම ඩ්‍රම්ස් ෆූට් බ්‍රේක් ලංකාවට හඳුන්ව දුන්නේද ඔහු විසින් බව කියවේ.. [ගමෙන් ලියුම්ක් ඇවිල්ලා ගීතය].. එසේම ලංකාවේ පළමු කැසට් පටය වන මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ Any Time Anywhere කැසට් පටයේ සංගීත් අධ්‍යක්ෂක වරයාද වන්නේ මොහු මය.. එනම් ලංකවේ පළමු සංගීත අධ්‍යක්ෂක වරයා ඔහුය..ඔහු විසින්, සිකුරුලියා, චතුමධුර, අපේක්ෂා, හලෝ ශ්‍යාමා සහ චලිතරංගාලි, යන චිත්‍රපටි සඳහා සංගීත අධ්‍යක්ෂණය කර ඇති අතර කොළඹ සන්නිය, ජනක සහ මංජු, සිහසුන්, සිවුරඟ සේනා යන චිත්‍රපට සඳහා ගිත ගායනා කර ඇත.. එසේම, සීමා සහ නිදිකුම්බා මල් නමැති ටෙලිනාට්‍ය දෙක සඳහ ද සංගීත අධ්‍යක්ෂණය කර ඇත්තේ ඔහු විසිනි..ක්ලැරන්ස් ගේ ගිටාර් වාදනය කෙතරම් සුවිශේෂී එකක්ද යන වග තේරුම් ගන්නට කදිම දාහරණයක් වන්නේ "අතීතයේදී ගිටාර් වාදනය් ඉගෙන ගැනීමට එන තම සිසුන්ට, සංගීතඥ්ඥයන් කීවේ පළමුව Hotel California ගීතය් අසා එන බවයී.. නමුත් අද වනවිට එය වෙනස් වී ඇත්තේ ක්ලැරන්ස්ගේ සිංදුවක් අසා එන්න යැයි පැවසීමට තරම් ඇතැම් සංගීතඥ්ඥයන් පෙළඹී තිබීමයි.."ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අවුරුදු 30 පමණ කාලයක් අනුපමේය මෙහෙවරක් සිදුකල ඔහු තම ජීවිත්යේ සැඳැ කල ගතකර ඇත්තේ රෝගාතුර වීමෙනි.. හ්‍රී ලාංකීය ගයක ගායිකවන්ට ගීත ලියා දීමෙන්හ තනු නිර්මාණය කිරීමෙන් වුන්ගේ ඉදිරි මග සාර්ථක කර ගැනීමට ඔහු සුවිශේෂී කාර්ය භාරය්ක් සිදුකල නමුත්  ඔහු රෝගත්‍රව සිටි සමයේ ඔහුගේ දුක සැප බැලීමට් පැමිණ ඇත්තේ ඉන් අතලොස්ස්ක් පමණි.. රෝගාතුර වීමෙන් අනතුරුව 1996 දෙසැම්බර් 13 වන දින අප අතරින් සමුගන්නා ව්ට ඔහුගේ වයස අවුරුදු 53ක් වී ඇත..

ක්ලැරන්ස් විශිෂ්ට වුණාට ඔහුට සාධාරණයක් ඉටු වුණේ නැහැ...
ලාංකිකා පෙරේරා
ක්ලැරන්ස් විජේවර්ධන අප රටේ බිහිවුණු ඉතාමත් දක්ෂ නිර්මාණශීලි කලාකරුවෙක්. ක්ලැරන්ස් සංගීතය ගැන හදාරා නොතිබුණත් ඔහුට ගී ගායනයට, ගීත රචනයට සහ ගී තනු නිර්මාණයට පුදුම හැකියාවක්, දක්ෂතාවයක් තිබුණා.

70 දශකයේදී ක්ලැරන්ස් ‘මුන්ස්ටෝන්ස්’ සංගීත කණ්ඩායමෙන් ඉවත් වී ශානක පෙරේරා, විජිත් පීරිස් සහ ක්ලැරන්ස් එකතු වී ගෝල්ඩන් චයිම්ස් කියන සංගීත කණ්ඩායම ආරම්භ කළා.
ඉතින් ඒ දිනවල ඔහු අපේ නිවෙසේ නැවතිලා තමයි මේ වැඩ කටයුතු කළේ.
පසුව මමත් ඔවුන්ගේ සංගීත කණ්ඩායමේ ගායිකාවක් ලෙස කටයුතු කළා. ක්ලැරන්ස් විජේවර්ධන මට මුණ ගැසුණේ ඔය විදිහටයි.
ඔහු හරිම නිහතමානී පුද්ගලයෙක්, ඔහුගේ අතින් ලියැවුණු ‘රන් සීනු හැඩවී’ ගීතය මගේ විවාහ උත්සවයට මමත් ශානකත් වෙනුවෙනුයි නිර්මාණය කළේ.
ඔහු හොඳ නායකයෙක්. ක්ලැරන්ස් මෙරට සංගීතය නව මඟකට යොමු කළ කෙනෙක්. නමුත් ඒ කාලයේදී ඔහුගේ හැකියාවට දක්ෂතාවයට නිසි ඇගැයීමක් ලැබුණේ නැහැ.

සම්භාව්‍යයි කියන කට්ටිය ඔහුගේ නිර්මාණ පාගලා දැම්මා....
ඉන්ද්‍රානි පෙරේරා
මම ‘මූන්ස්ටොන්ස්’ කණ්ඩායමට සම්බන්ධ වුණේ 1969 දී මූන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායමට ගායිකාවක් සොයන කාලයේදී ඇනස්ලි තමයි ක්ලැරන්ස්ට මාව හඳුන්වා දුන්නේ. ක්ලැරන්ස් හා සම්බන්ධ වී කටයුතු කිරීම වාසනාවක්. ඔහු අපූර්වතම සංගීතඥයෙක්. හොඳ කටහඬක් ඇසූ විට ඒ හඬින් උපරීම ප්‍රයෝජන ගන්න තරම් විශිෂ්ට හැකියාවක් ඔහුට තිබුණා.
මා ඔවුන්ගේ වාදක කණ්ඩායමට එක්වන විට ක්ලැරන්ස් ‘දිල්හානි’ ගීතය නිර්මාණය කර තිබුණේ. මම ගායනා කළ පසු එය මගේ කටහඬට එම ගීතය උචිත නිසා එය පටිගත කළා. එදා මුන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායමට එක්වී ගායනා කළ මුල්ම ගීතය අදටත් ජනපි‍්‍රයයි. ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.
ඔහු නිර්මාණය කළ හැම තනුවකම ගායනා කළ හැම ගීයකම තිබෙන වටිනාකම උගතුන් දැනුයි වටහා ගන්නේ. ඔහුගේ නිර්මාණ ඉබේම ජනපි‍්‍රය වන්නට තරම් වාසනාවක් තිබුණා.
ඔහුගේ ගීත නිර්මාණවලට එකතු වුණ ගායක ගායිකාවනටත් විශාල ජනපි‍්‍රයත්වයක් ලැබුණා. ඔහු කොතරම් දක්ෂ නිර්මාණශීලි කලා කරුවකු වූවත් ‘සම්භාව්‍ය’ ගණයේ කියන පිරිස ක්ලැරන්ස් ගේ නිර්මාණ පාගලා දැම්මා කීවොත් එය වඩාත් නිවැරැදියි.
අර්ථයක් නොමැති නිර්මාණවලට පවා උගතුන් සම්මාන දෙන කාලයක ක්ලැරන්ස් විජේවර්ධන කලාකරුවා වෙනුවෙන් කිසිම ඇගැයීමක් නොකිරීම කනගාටුවට කරුණක්. ක්ලැරන්ස් තැටියකට ගීත දහයක් නිර්මාණය කළොත් ඔහු ගීත තැටියට යොදා ගන්නේ එයින් හතරක් විය හැකියි.
නමුත් අවසානයේදී ඔහු තෝරා ගත් ගීත හතරම එක සේ ජනපි‍්‍රය වෙනවා. ඔහුට එතරම් හොඳ ඥානයක් තිබුණා සංගීතය පිළිබඳ. නමුත් අවාසනාවකට ඔහු ජීවතුන් අතර සිටින විට කිසිම දිනෙක ඔහු කිසිම ඇගැයීමකට ලක් වුණේ නැහැ.

ඔහු වැනි සංගීතඥයෙක් ආයෙත් බිහි වන්නේ නැහැ
ශානක පෙරේරා
ක්ලැරන්ස් කියන දක්ෂතාවලින් පරිපූර්ණ නිහතමානි මිනිසා මට මුලින්ම හමු වුණේ මම මගේ සංගීත කණ්ඩායමත් (බීකන්ස්) සමඟ විවාහ උත්සවයකට සහභාගි වී සිටින විටයි. එදින ක්ලැරන්ස් සහ ඇනස්ලි මාලේවන ආරාධිතයන් වශයෙන් එම උත්සවයට පැමිණ සිටියා. ක්ලැරන්ස් එකල සම්බන්ධ වී සිටියේ “මූන්ස්ටෝන්ස්” සංගීත කණ්ඩායමටයි.
ඔවුන් භාවිත කළේ බොක්ස් ගීටාරය, නමුත් අපි සම්බන්ධ වෙලා හිටියේ බටහිර සංගීත කණ්ඩායමයි. මම වාදනය කළේ ඉලෙක්ට්‍රික් ගිටාරයයි. ඉතින් එදා උත්සවයට පැමිණි ක්ලැරන්ස්ට මෙය නැවුම් අත්දැකීමක් වුණා. එදා ඔවුන් අප සමඟ එක්වී ගීත ගැයුවා.
මට මතකයි ඔහු එදින එම උත්සවයෙන් පිටත් වී යන කොට ඇනස්ලිට පවසා තිබුණා “ඇනස්ලි අපි මේ කරන වැඩේ හරියන්නේ නෑ අපිත් මේ විදිහට තමයි කරන්න ඕනේ.” ඔහු එදා අදහස් කළේ බොක්ස් ගිටාරයෙන් මිදී ඉලෙක්ට්‍රොනික සංගීත රටාවට එක්විය යුතු බවයි. මේ කාලයේ තමයි ඔවුන් ‘කළු මාමේ’ ගීතය පටිගත කිරීම් ලෑස්ති කර තිබුණේ. ඔවුන්ගේ නිර්මාණයට මටත් සංගීතයෙන් දායක වන්නට ආරාධනා කළ නිසා මම ඊට එකඟ වුණා.
“කළු මාමේ” ගීතය ප්‍රචාරය වීමත් සමඟ එයට ලැබුණු ප්‍රතිචාර අපේ නිර්මාණයේ විවිධත්වය ක්ලැරන්ස්ට වටහලා දීමට ඉවහල් වුණා. ඉන් පසු මමත් ක්ලැරන්ස් සහ විජිත් එකතු වී බ්‍රේක් අවේ ෆ්‍රොම් ද මුන්ස්ටෝන්ස් නමින් සංගීත සංදර්ශනයක් පැවැත්වුණා. මෙම සංදර්ශනයෙන් පසු ‘සූරිය’ ගී තැටි අධිපති ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා බේක් අවේ ෆ්‍රොම් ද මූන්ස්ටෝන්ස් යන නම වෙනුවට ‘මහරාජා ෆයිව්’ යනුවෙන් අපේ සංගීත කණ්ඩායමේ නාමය වෙනස් කිරීමට යෝජනා කළත් ඒ නමට අප තිදෙනාගේ එතරම් පැහැදීමක් නොතිබුණු නිසා අවසානයේ ගෝල්ඩන් චයිම්ස් යන නම ඔහුම යෝජනා කළා. ක්ලැරන්ස්, විජිත් සහ මගේ එකතුවට ගෝල්ඩන් චයිම්ස් බිහි වුණේ එලෙසයි.
වසර තුනකට පසු ක්ලැරන්ස් අපේ සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණත් අදටත් එනමින් අපේ සංගීත කණ්ඩායම පවත්වාගෙන යනවා. ඇත්තටම ක්ලැරන්ස් වැනි ගායකයෙක්, සංගීතවේදියෙක් මේ ලංකාවේ නැවත බිහි වෙයි කියලා හිතන්න අමාරුයි.

කණ්ඩායමක් විදියට වරින්වර විසිරුණත් අපි දිගටම සමීපව හිටියා
ඇනස්ලි මාලේවන
1966 දී මූන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායමට ප්‍රධාන ගායකයෙක් සොයන කාලයේදී රත්නපුරේ විසු මාගේ මිත්‍රයකු මගිනුයි ක්ලැරන්ස් විජේවර්ධන නම් සොඳුරු මිනිසා මට මුණ ගැසුණේ. එකල ක්ලැරන්ස් යන නමින් ඔහුව කවුරුත් දැන සිටියේ නැහැ. කවුරුත් ඔහුට කතා කළේ විජේ කියලයි. මගේ මිත්‍රයා මාව හඳුන්වා දුන්නාම ඔහු මට ගීතයක් ගායනා කරන්න කිව්වා මා ඔහුට ගායනා කර පෙන්වූ පසු ඔහු මාව ඔහුගේ කණ්ඩායමට තෝරා ගත්තා.
ක්ලැරන්ස් එකල ගී ගැයුවේ නැහැ. නමුත් ඔහු නිර්මාණය කළ ගී ඔහු ගායනා කරන්න දුන්නේ එයට උචිත කටහඬ සොයලයි. එතැන් සිට මම මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ ප්‍රධාන ගායකයා වශයෙන් කටයුතු කළා.
අප දෙදෙනා ඉතාමත් සමීපයි. ‘දිලීප පොඩි පුතු’ ගීතය තමයි මූන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායමේ සිටියදී ක්ලැරන්ස් ගායනා කළ එකම ගීතය. එම ගීතය ගායනා කර ටික කලකට පසු ඔහු මූන්ස්ටෝන්ස් කණ්ඩායමෙන් ඉවත් වුණා. අපේ හිතවත්කම එලෙස තිබුණත්, ඉන් පසු ඔහු ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමට එක්වූ අතර මම දිගටම මූන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායමේ හිටියා.
දිනක් එක් පුද්ගලයෙක් මා ළඟට ඇවිත් කිව්වා මට මතකයි, “ඔයාගේ කණ්ඩායම මනමාලියක් නැති මගුල් ගෙයක් වගෙයි” කියලා. ඒ පුද්ගලයා ඒ දේම ක්ලැරන්ස්ටත් පවසා තිබුණා. ඔහු එසේ පවසා තිබුණේ අප දෙදෙනා නැවත එක්විය යුතුයි යන හැඟීමෙන්. ‘සුපර් ගෝල්ඩන් චයිම්ස්’ අප එකතු වී ආරම්භ කළේ එලෙසයි. 1977 මම කණ්ඩායමෙන් ඉවත් වුණත් ක්ලැරන්ස් දිගටම රැඳී සිටියා. ටික කලකට පසු ඔහු වෙනත් නිර්මාණවලට දායක වූ නිසා සංගීත කණ්ඩායම විසිරි ගියා.
අප දෙදෙනා ඉතා සමීපයි. ඔහු මිය ගිය පසු ඔහු ගැන කතා කරන්නට බොහෝ දෙනෙක් සිටියත් ඔහු ගේ අවසන් කාලේ හිටියේ අතළොස්සයි. ඔහු පොඩි දරුවෙක් වගේ. මගේ දරුවන් දෙදෙනාට ඔහු හරිම ආදරෙයි. මගේ දුවට නර්මදා කියලා නම දැම්මේත් ක්ලැරන්ස්. ක්ලැරන්ස් මිය ගිය දිනයේ පෙ. ව. 10.30 වන තෙක් ඔහු මා සමඟයි සිටියේ. ඔහු වැනි පුද්ගලයෙක් නැවතත් මට හමු නොවේවි.

අදටත් අපි රැඳී ඉන්නේ ක්ලැරන්ස් නිසයි
අනිල් භාරතී
ක්ලැරන්ස් විජේවර්ධන කියන අතිදක්ෂ නිර්මාණ කරුවා විසින් බිහි කළ හොඳ නිර්මාණ නිසයි රසිකයන් අද අපිව හඳුනා ගන්නේ, අප මෙතරම් කාලයක් රැඳී ඉන්නේ. 70 දශකයේ අග භාගයේදී තමයි මට ඔහු හමුවන්නේ.
ශානක පෙරේරා තමයි මාව ක්ලැරන්ස්ට හඳුන්වලා දුන්නේ. මම එකල බටහිර ගී ගායනා කරන ශිල්පියකු ලෙසයි කටයුතු කළේ.
ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමට සම්බන්ධ වී වසර කිහිපයකට පසුවයි ‘අද වෙයි හිරු දින’ ගීතය මම ගැයුවේ. ක්ලැරන්ස් හොඳ ගායකයෙක් මෙන්ම කණ්ඩායමක් මෙහෙයවන්න පුළුවන් විනීත ගුණ ගරුක කෙනෙක්.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ක්ලැරන්ස් විජේවර්ධන Rating: 5 Reviewed By: Unknown