ආදරය යනු කුමක් ද? අපට එය විමසා බැලිය හැකි ද?
“විමසා බැලීම” යන වචනය භාවිත කිරීමෙහි දී ඔබ විසින් එය යොදා ගනු ලබන්නේ බුද්ධිමත් විමසා බැලීමක් වශයෙන් ද? එසේ නැතහොත් වචනයට අදාළ වූ විමසා බැලීමක් සහ අප ගැන ම හෙළි කැරෙන කැටපතක් ලෙස වචනය ඇසුරින් දැකීමක් වශයෙන් ද...?
මා බලාපොරොත්තු වනුයේ පසු ව කී කාරණයට අදාළවයි.
එනම්, වචනය යනු කැටපතකි; මෙහි දී මනුෂ්‍යයකු වශයෙන් මා නිරීක්ෂණය කරනුයේ මා ගැන ම යි. එහෙයින් ඔබ විසින් යොදා ගැනුණු “විමසා බැලීම” යන වචනයෙන් සැබැවින් ම අර්ථවත් වනුයේ, වචනයේ කැටපතින් මා ගැන ම නිරීක්ෂණය කිරීම යි.
එවිට එය හුදු වචනයක් නො ව, අප සාකච්ඡා කරන කාරණය ම වන අතර, එය බුද්ධිමය හෝ පිළිගත් මතවාද අනුව හෝ කැරෙන විමසා බැලීමක් ද නොවනු ඇත.
එසේ ම “විමසා බැලීම” යනුවෙන් අදහස් වනුයේ, මනස වඩාත් කල්පනාකාරී ව තියුණු වීම යි. එසේ නොමැති ව අසල්වැසියා ගේ ආදරය දිනා ගන්නේ කෙසේ දැයි වැනි හුදෙක් කිසියම් මුදුන් පමුණුවා ගැනීමේ ආසාවක හසුවීම නො වේ.
එහෙයින් මා කල්පනා කරන්නේ ‘ආදරය’ යන වචනයෙහි අර්ථය හා අභිප‍්‍රාය සෝදිසි කර බලන විට එහි දුෂ්කරතාව සම්බන්ධයෙන් කෙනකු වඩාත් කල්පනාකාරී ව සිටිය යුතු බව යි. කුමක් නිසා ද යත්, මේ වචනය එතරම් ම නොපැහැදිලි ලෙස භාවිත කර ඇති බැවිනි; දෙවියන්ගේ ආදරය, මගේ බිරිය ගේ ආදරය, මගේ දේපළවලට ඇති ආදරය, කියැවීමට හා චිත‍්‍රපට බැලීමට ඇති ආදරය යනාදි වශයෙන් එය බෙහෙවින් දූෂිත ව ඇති බැවිනි.
එසේ ම අපට ඇති දුෂ්කරතාවලින් එකක් වනුයේ, නූතන අධ්‍යාපනය වඩාත් ගැඹුරෙන් කල්පනා කරනු පිණිස පිටිවහලක් නො වී ම ය. අපි විශේෂඥයෝ වෙමින් සිටිමු. - එනම්, විශේෂඥ වෛද්‍යවරයා, විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා හා විශේෂ දැනුමක් ඇති භෞතික විද්‍යාඥයා යනාදි වශයෙනි. අනතුරු ව එලෙස විශේෂඥ වූ පුද්ගලයා තර්ජනයක් බවට ද පත් වෙයි.
උගත් අඥානයා.
අප මීට පෙර ද කියා ඇති පරිදි අධ්‍යාපනය යනු මිනිස් මනස වැදගත් වන බව දැකීම ය; ජීවත්වීම යනුවෙන් අදහස් වනුයේ කුමක් දැයි අනාවරණය කර ගනු වස් උනන්දුවීම ය; ඒ සඳහා දිරිමත් කිරීම ය.
හුදෙක් විශේෂඥයකු බවට පත් වන සැටි උගැන්වීම නො වේ. ඉදින් ඒ සියල්ල අවබෝධ වී තිබේ නම්, ආදරය යනුවෙන් වැටහෙනුයේ කුමක් ද? ආදරය යනු ආස්වාදය ද? ආදරය යනු ආසාවෙහි ප‍්‍රකාශනයක් ද? ලිංගිකාසාව මුදුන් පත් කර ගැනීම ද? නැතහොත් ආසාවක කෙළවරක් හඹා ගෙන යෑම ද? පවුලක් හෝ කාන්තාවක හෝ පුරුෂයකු හෝ මගේ යයි මමත්වයෙන් ගැනීම ද? ආදරය යනු වැඩි දියුණු කළ හැකි දෙයක් ද? මා තුළ ආදරය නොමැති නම්,
මට එය ඇති කර ගත හැකි ද? මගේ අසල්වැසියාට ආදරය කරන්නේ කෙසේ දැයි වටහා ගනු වස් මා කල්පනා කරන්නේ එහෙයිනි; ඒ සඳහා අවශ්‍ය වන හැම දෙයක් ම මම කරමි.
දෙවියන් යනු කවරකු දැයි මම නො දනිමි. එහෙත් ඔහුට ආදරය කරන ලෙස මට කියා තිබේ. එහෙයින් ලෞකික වූ එනම්, ලිංගිකාස්වාදය වැනි වෙනත් දේවලට ඇති මගේ ආස්වාදයන්, දෙවියන් නමින් හැඳින්වෙන උත්තරීතර තත්ත්වයක් වෙතට මම පවරමි.
එසේ නම්, ආදරය හා බැඳුණු ආස්වාදය කුමක් ද? සතුට යනු කුමක් ද? සතුට හා බැඳී ඇති අවිඥානික වූ හැඟීම කුමක් ද? මා සතුට හඳුනා ගන්නා මොහොතෙහි ම එය අතුරුදහන් වෙයි. එසේ නම් සතුට හා ප‍්‍රමෝදය වශයෙන් ආස්වාදයට ඇති සබැඳියාව කුමක් ද? අප එය වටහා ගන්නා තුරු ආදරය යනු කුමක් දැයි අපට අවබෝධ කර ගත නො හැකි ය.
මේ සම්බන්ධයෙන් සිදු වනුයේ කුමක් දැයි බලන්න. ආදරය හඳුනා ගැනෙනුයේ ලිංගික හැඟීමත් සමඟ ය. - ආදරය ඇති වනුයේ ද ලිංගික හැඟීමෙන් යුතු ආදරයක් වශයෙනි.
වචනවලින් ම කැරෙන ගොඩ නැඟීමක්. ආදරය නිර්මාණය කිරීමක්. නිර්මාණය කැරෙන ආදරයක්.
එය නම් මහා බියකරු දෙයක්. ආදරය ලෙසින් ආදරය නිර්මාණය කිරීමක්. ඇත්ත වශයෙන් ම එය මා තුළ ඇති කරන්නේ තිගැස්සීමක්. බටහිර ශිෂ්ටාචාරය විසින් මෙය සිනමාව, පොත්පත්, කාමුක හැඟීම් උද්දීපනය කැරෙන ලියකියවිලි, පින්තූර හා චිත‍්‍රපට ආදිය සහ වෙනත් විවිධාකාරයේ දැන්වීම් ප‍්‍රචාරණය මඟින් ලොව පුරා කිසියම් බලපෑමක් ඇති ව යොදා ගනු ලැබ තිබේ. මේ ආදරය පිළිබඳ හැඟීම අවශ්‍යයෙන් ම ආස්වාදය හා බැඳුණු ලිංගිකාසාව ඇසුරු කොට ගත්තකි.
එසේ නම් ආස්වාදයෙහි ස්වභාවය හා ආදරයට එහි ඇති සබඳතාව සිතට තේරුම් ගත හැකි ද යන කාරණයට අප නැවතත් පැමිණිය යුතු ය. ජීවිතයෙන් මා හෝ මා සහ අනෙකුත් අය හෝ කිසියම් වාසියක් ගත යුතු යයි ද, මා තරග කළ යුතු යයි ද යනුවෙන් කල්පනා කරන, එසේ ම ආස්වාදය පසු පස හඹා යන, දියුණුවෙහි උත්සුක වූ ද, තරගකාරී වූ ද සිතකින් ආදරය කළ හැකි ද? මට ලිංගික හැඟීමෙන් යුතු ව ආදරය කළ හැකි ය.
එහෙත් එලෙස ආදරය කිරීම ද, අපට තිබෙන වැදගත් ම කාරණය? ලිංගිකාසාව එබඳු අති විශාල පළහිලව්වක් බවට අප විසින් නිර්මාණය කර ගනු ලැබ සිටිනුයේ කවර හෙයින් ද? ඒ පිළිබඳ ව පොත් කාණ්ඩ ගණනාවක් ම ලියැ වී ඇත්තේ ය. ඇත්ත වශයෙන් ම මේ ගැන කෙනෙකු ගැඹුරෙන් විමසා බලන තෙක්, අනෙක කරුණ එනම්, ආදරය යනු කුමක් දැයි අපට තේරුම් ගත නොහැකි ය.
අපට කිසියම් පිළිගත් මතවාදයකට අනුව ආදරය හා ආදරය නොවන්නේ කුමක් දැයි කොතෙකුත් කතා බහ කළ හැකි ය. එහෙත් අභ්‍යන්තරික වශයෙන් සිදු වනුයේ කුමක් දැයි බලා ගනු වස්, කැටපතක් ලෙස ආදරය යන වචනය යොදා ගන්නේ නම්, එවිට එය විවිධාකාරයෙන් යුතු ව පවතින ආස්වාදයක් දැයි නිශ්චිත ව ම විමසිය හැකි ය.
දැඩි පීඩනයක් හා බලපෑමක් ඇති කරමින් කිසියම් අධිෂ්ඨානයකින් ද යුතු ව, ආක‍්‍රමණකාරී ව හා වංචනික ව ද, අනුකම්පා විරහිත ව ද උසස් තත්ත්වයකට නැඟුණු කෙනකුට ආදරය යනු කුමක් දැයි තේරුම් ගත හැකි ද? හැමදාමත් දෙවියන් ගැන කතා කරන, උසස් පූජක තනතුරකට පත්වීමේ ආසාවෙන් උත්සුක ව සිටින පූජකවරයකුට ආදරය යන්නෙහි අරුත වටහා ගත හැකි ද?
මෙලෙස අපේ සමස්ත සමාජීය හා සදාචාර ව්‍යුහය ම දුරාචාරවත් ය; අශික්ෂිත ය. මා සලකන්නේ මෙය මහත් අප‍්‍රසන්න වූ දෙයක් ලෙසයි. කිසිවකුට එය වෙනස් කිරීමට ද වුවමනාවක් නැත. එපමණක් නො ව ඔවුන් කියා සිටිනුයේ බාහිර ඔපය ඇති, විවිධ වූ ද, වඩාත් ප‍්‍රසන්න වූ ද, වර්ණ රාශියකින් යුතු ව ආලේප කොට එය දිගට ම පවත්වා ගෙන යෑම සුදුසු වන බව ය.
එහෙයින් ආදරය යනු කුමක් දැයි අනාවරණය කර ගනු වස් කෙනෙකු සැබෑ වශයෙන් ම සැලැකිලිමත් ව සිටින්නේ නම්, බුද්ධිමත් වූ ආස්වාදයක් ලෙස දැනුම අත් කර ගැනීම හෝ කිසියම් බලයක් ඇති දෙයක් ලෙස තත්ත්වයක් අත් කර ගැනීම හෝ යනු විසින් එය කුමක් වුව ද, හෙතෙම ආස්වාදයෙහි භූමිකාව අවබෝධ කර ගත යුතු ව ඇත.
ආදරය යනු ඒ සියල්ල බැහැර කිරීම ය. ඉදින් ආදරය ගැන කතාබහ කිරීමට පෙර මේ දූෂිත සමාජ හැඩගැසීම ඇසුරෙහි ශික්ෂණය වෙමින් හා සකස් වෙමින් තවදුරටත් එහි ම පවතින සිත එයින් නිදහස් වන්නේ කෙසේ ද? පළමු කොට සිත එයින් නිදහස් විය යුතු ය. නො එ සේ ව ඔබ ආදරය ගැන කතාබහ කරන නමුත් එය හුදෙක් අරුත් විරහිත තවත් වචනයක් වනු ඇත.
බටහිර සංස්කෘතිය ඇසුරෙහි අපට විශේෂයෙන් ම දක්නට ලැබෙනුයේ ලිංගිකාස්වාදය වෙත යොමුවීමක්.
ලිංගිකාස්වාදය අද ලෝකය පුරා ම අතිශය වැදගත් දෙයක් බවට පත් ව තිබේ. ආසියාතිකයන් එය සඟවා ගෙන සිටින අතර, ඔවුන් එහි දී ඒ ගැන කතා බහ කරන්නේ ද නැත. ඉදින් ඔබ ලිංගික කරුණු ගැන එහි දී කතා කළොත් ඔවුන් කියන්නේ එය නුසුදුසු දෙයක් බව යි. එහෙත් බටහිර රටවල ඒ ගැන කොතෙකුත් කතාබහ කරනු ලැබේ.
ලිංගිකාස්වාදය මෙතරම් වැදගත් දෙයක් බවට පත් වී තිබෙනුයේ කවර හෙයින් ද? එය එසේ වුව ද ආදරය වූ කලී මමත්වය මුළුමනින් ම නැති තැන ඇති වන අවබෝධයකි. - එනම්, මගේ ආත්මය, මගේ දියුණුවට ඇති ආසාව, මගේ තණ්හාව යනාදි වශයෙන් පවතින මමත්වයෙහි සම්පූර්ණ බැහැරවීම ය.
බැහැරවීම යනු රළු පරළු ප‍්‍රතිෂේධනයක් හෝ ශල්‍ය කර්මයක් හෝ නො ව, ඒ පිළිබඳ අවබෝධය ය.
එහෙත් ආදරය පිළිබඳ මේ ගැටලුව විසඳීමේ දී ආස්වාදය ගැන ද අප විමසා බැලිය යුතු ය. ආදරය හා බැඳුණු විවිධ ආස්වාදය කිසි විටෙකත් ආදරය නොවන බව පැහැදිලි ය. ලිංගිකාසාව ලෝකය පුරා මහත් සේ සැලැකෙන දෙයක් ලෙස නිර්මාණය කොට ගෙන තිබුණ ද පූජකවරු එය ප‍්‍රතික්ෂේප කරති. කාන්තාවක දෙසවත් නොබලන ඔවුහු ඇතුළතින් රාගයෙන් දැවෙමින් සිටිති.
ඉදින් අප ලිංගිකාසාව එබඳු භාවික වූ මනºකල්පිත ආශ්චර්යයක් කොට ගෙන සිටිනුයේ කවර හෙයින් ද? ඒ වනාහි අප සිහි නුවණින් බෙලහීන ව සිටින බැවින් ද? අප අනුන් ගේ අදහස්වල හා මතවල එල්බ ගෙන සිටින ද්විතීය පුද්ගලයන් වන බැවින් ද? මා නැවත නැවතත් උපුටා දක්වන්නේ ප්ලේටෝ හෝ ඇරිස්ටෝටල් හෝ බුදු රදුන් හෝ වෙනත් කෙනකු හෝ කියා ඇති දෙයකි. එහෙයින් මගේ මනස පවතිනුයේ තෙවැනි තරාතිරමක ය. එලෙස එය කවරදාවත් නිදහස් ද නැත.
බුද්ධියේ මා වහලකු වන අතර භාවික වශයෙන් ද කාල්පනික වූ විසිතුරු අද්භූත හැඟීම් ඇත්තකු බවට පත් ව ඇති හෙයිනි. එසේ ම මා නිදහස් වන එක ම පලා යෑම වනුයේ ලිංගික ආසාව ය.
ඉදින් පුරුෂයා හා ගැහැනිය එකඟ නම්, ඔවුනොවුන්ට ගැළැපීම ආදී අනෙකුත් කරුණු ද පිළියෙල වී ඇති නම්, ඒ වනාහි දෙවියන් ගේ නාමයෙන් මා මෙතැන දී හෝ නිදහස් නො වේ දැයි කියමින් මට පිවිසිය හැකි එක ම දොරටුව වන්නේ ය. කාර්යාලයේ දී මට බලපෑම් හා හිරිහැර, කරදර විඳින්නට සිදු වේ; කර්මාන්ත ශාලාවේ දී මා හුදෙක් එහි යාන්ති‍්‍රක උපකරණයක් බඳු ය. ඉදින් මට ඇති එක ම ගැළැවීම එය යි.
ඉන්දියාවේ පිටිසරබද ගොවියන්, දුප්පත් ගැමියන් වැනි අයට ද ඇත්තේ ඒ ගැළවීම පමණි. එහෙත් ආගම එය දකිනුයේ වෙනත් දෙයක් ලෙස ය. ඒ අනුව පූජකවරුන් කියා සිටිනුයේ, “අපි බ‍්‍රහ්මචාර්යාව ද, ඒ හා සබැඳි අනෙකුත් සියල්ල ද සම්බන්ධයෙන් එකඟ වෙමු. එහෙත් දෙවියන් ගේ නාමයෙන් අපේ ආස්වාදයන් හා ලිංගික ආසාවක් සමග හුදෙකලාවේ සිිටින්නට අපට ඉඩ දෙන්නැ” යි යනුවෙනි.
එහෙයින් එයින් ගම්‍ය වනුයේ මෙවැන්නකි. “අප නැණ නුවණින් ද, සදාචාරයෙන් ද, ආධ්‍යාත්මික ව ද බෙලහීන වූ පිරිහුණු මිනිසුන් වෙමු. එසේ ම ලිංගිකාසාව වූ කලී අපට කිසියම් ගැළැවීමක් හා නිදහසක් ලබා දෙන එක ම කාරණය වී ඇත්තේ ය.”
අනෙකුත් ක්‍ෂෙත‍්‍රවල ද මම නිදහස් පුද්ගලයෙක් නො වෙමි. මා හැමදාමත් කාර්යාලයට හෝ කර්මාන්ත ශාලාවට යා යුතු ව ඇත. සතියකට තුන් වතාවක් චිත‍්‍රපටියක් ද බැලිය යුතු ය. එසේ නැතහොත් මට මානසික වශයෙන් බලපාන, එසේ ම මවිසින් කළ යුතු ව ඇති වෙනත් කුමන හෝ කාර්යයකි.
කෙසේ වුවත් අවසාන වශයෙන් මම මිනිසෙකි. මම ගැහැනියකි. ඉදින් ලිංගික ආසාව අති විශාල පලහිලව්වක් බවට මම නිර්මාණය කර ගෙන සිටිමි. තව ද මට ලිංගික ආසාවක් නැති නම්, එසේ වීමට හේතුව ද මවිසින් සොයා බැලිය යුතු ව ඇත.
ඒ ගැන සොයා බලන්නට අවුරුදු ගණන් මම ගත කරමි. ඒ ගැන පොත පත ද ලියැ වී ඇත. ඒ අතර එය මහත් අශික්‍ෂිත වූ, අඥාන දෙයක් බවට ද පත් ව ඇත. එසේ ම හැම ආගමක් ම බඹසර ව විසීම ගැන කතාබහ කරන හෙයින්, එය කුමක් දැයි සොයා බැලීමේ සබඳතාවක් ද අපට ඇත්තේ ය.

0 comments:
Post a Comment