728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 24 August 2014

මෙන්න තවත් දේශපාලන පාදඩයෙක්....සමන් දිසානායක

 චන්දි රණතුංග කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කර ඇති ආකාරයට ඇය පැහැරගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ සංස්‌කෘතික හා කලා කටයුතු ඒකකයේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ සමන් දිසානායකය. 

මෙවැනි නීච වසළයෙකු රැක ගැන්ම සඳහා කඩේ යන්නාවූ ඕනෑම අපතෙකු හෝ අපතියක එතැන් පටන් තව දුරටත් ශ්‍රී ලාකීය කලාකරුවෙකු ලෙස ගණන් නොගන්නා මෙන්  ඔබට අප අපක්‍ෂපාතී ලංකානිව්ස් අඩවිය කාරුණිකව ඉල්ලා සිටී...
දේශපාලන බලපුළුවන් කම යොදා සමාජයේ අහිංසක මිනිසුන් ඝාතනය කරවන ,ඵතැනින් ද නතර නොවී අසරණ ගැහැණුන් හට පහර දෙමින්  ලිංගික බළහත් කාරකම් කිරීමට උත්සාහ ගන්නා සමාජය ඉදිරියේ බෝපැළ මෙන් සිටින අධම නීචයන් අප හෙළි දරව් කළ යුුතුය මෙවැනි පවටුන් සමාජයෙන් අතුගා දැමිය යුතුය...  .අසන්න ඒ අසරණ කාන්තාවගේ ප්‍රකාශය ...




සිදුවීමක්‌ සිදුව ඇත. වාර්තා වන ආකාරයෙන් එය කාගේත් හද කම්පා කරවන සුළුය. මනුෂ්‍යයන් දෙදෙනකු අතර පවතින කවරාකාරයේ සබඳතාවක්‌ හෝ ගනුදෙනුවක්‌ පිළිබඳ ප්‍රශ්න කිරීම හෝ විවේචනය කිරීම අප සතු කාර්යයක්‌ නොවේ. නමුත් ඒ ගනුදෙනුව හෝ වෙන යම් ප්‍රස්‌තුතයක්‌ මුල් කරගෙන මේ රටේ නීතිය වල් වදින්නේ නම්, කාලයක්‌ තිස්‌සේ ගොඩනගාගෙන පැවත එන සමාජ සංස්‌කෘතික රාමුව දෙදරායන සුළුවේ නම් එවැන්නක්‌ සිදුව ඇති බව හෙළිදරව් කිරීමේ පරම වගකීමක්‌ අප සතුව තිබේ. ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ නාලක වෙදමුල්ලගේ බිරිඳ පැහැරගෙන ලිංගික බලපෑම් කරමින් අමානුෂික ලෙස පහරදී මහ මග දමා යැමේ ආන්දොලනාත්මක සිදුවීම එවැන්නක්‌ දැයි අපට සිතේ. 
චන්දි රණතුංග කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කර ඇති ආකාරයට ඇය පැහැරගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ සංස්‌කෘතික හා කලා කටයුතු ඒකකයේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ සමන් දිසානායකය. මීට ඉහතදී ඔහුගේ කාර්යාලය තුළදී දැඩි ලිංගික බලපෑම් කර පහරදීමේ චෝදනාව මත සමන් දිසානායක එම තනතුරින් පහකොට නිලධාරී මට්‌ටමට පහත් කළ බවද කියති. 


ඉන්පසුව ද තමන්ට දිගින් දිගටම ලිංගික බලපෑම් කර හිරිහැර සිදුවූ බව පවසන ඇය පසුගිය දහනවදා මහමගදී බලහත්කාරයෙන් මෝටර් රථයට දමාගෙන ගොස්‌ පහරදී තුවාල සිදු කළ බව කීවාය. ඒ කතාවේ හරි වැරදි තැන් පිsරික්‌සීම වගකිවයුත්තන්ට බාරය. නමුත් කුමන හෝ පදනමක්‌ මත ගැහැනියකට පහරදීමේ හයියක්‌ ඇයට පහර දුන්නේ යෑයි සඳහන් කරන සියලු පාර්ශ්වයන්ට ලැබුණේ කොහේ තිබෙන නීතියකට දැයි අප දන්නේ නැත. එවැන්නක්‌ එසේ සිදුවීමට ඉඩ හැරීම හෙට දිනයේ ඒ අලඡ්ජි නීතිය ඔබේ දොරකොඩට පැමිණීමට ඉඩහැරියා වැන්න. එබැවින් අපි ඇය කියන මේ ආත්ම කතනයට සවන්දෙමු.







මම සමන් දිසානායක දන්නේ මීට අවුරුදු තුනකට කලින්. එතකොට මම වැඩ කළේ සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත අනුමණ්‌ඩලයේ. සමන් දිසානායකත් ඒ වනවිට ඒකේ සාමාජිකයෙක්‌. ඔහු මගේ ආයතන ප්‍රධානියගෙන් ලිපි මගින් ජනාධිපති කාර්යාලය විවිධ වැඩවලට මාව ඉල්ලනවා. එතකොට මට අනිවාර්යයෙන්ම සේවයට වාර්තා කරන්න වෙනවනෙ. මම ඔහුගෙ කාර්යාලයට තමයි වාර්තා කරන්න තියෙන්නෙ. ඒ කාර්යාලය ඇතුළ කිසිම කෙනකුට පේන්නේ නෑ. ඔහු විතරයි ඉන්නේ. එක ගෑණු ළමයෙක්‌ වැඩ කරනවා පිටිපස්‌සේ. හැබැයි මට නීතියක්‌ තිබුණා සමන් දිසානායක ඉස්‌සරහින් වැඩි වෙලා ඉන්න. එයා ඒ අවස්‌ථාවක මට අයුතු යෝජනා වක්‌ කළා. ඒ වෙනකොට මගෙ සැමියා නාලක ජීවත්වෙල ඉන්නව. ඒ වගේම සමන් දිසානායකත් විවාහකයි. මම ඒක ප්‍රතික්‍ෂේප කළා. ඊට ටික වෙලාවකට පස්‌සෙ එයා මාව බලහත්කාරයෙන් සෝපා එකට දාගෙන බලහත්කාරකම් කරන්න හැදුවා. මට අතට අහුවුණේ පංචර් එක. ඒ වෙලාවෙ මම ඒකෙන් ඔහුට දමල ගහල දුවන්න හැදුවා. ඒ අවස්‌ථාවෙ ඔහු මාව අල්ලගෙන ගොඩනැගිල්ලෙන් පහලට තල්ලු කරන්න හැදුවා. මම බේරිලා එළියට පැන්නෙ ඔහුව හපලා තල්ලු කරල දාලා. එළියට පැනගත්ත නිසා මිනිස්‌සු මාව දැකල බේරගත්තා. මේ සිද්ධිය ජනාධිපති කාර්යාලයට වාර්තා කළ නිසා ඔහුව ලේකම් තනතුරේ ඉඳන් නිලධාරි මට්‌ටමට පහළට දැම්මා. මේ සිද්ධිය වුණේ 2012 ජුලි මාසයේ.

පස්‌සෙ මේ සිද්ධිය ගැන මගෙ මහත්තයා සමන් දිසානායකට කතා කරල වෙච්ච දේට එරෙහිව පියවරක්‌ ගන්නවා කියලා කිව්වා. එතකොට එයා මගේ මහත්තයට තර්ජනය කළා. කොහොම හරි ඊට පස්‌සේ මගෙ මහත්තයා ඇක්‌සිඩන්ට්‌ එකකින් මිය ගියා. 

හස්‌බන්ඩ්ගේ මරණයෙන් පස්‌සෙත් මට ගැලවිල්ලක්‌ තිබුණේ නෑ. සමන් මගෙ පස්‌සෙන් පැන්නුවා. මාව පැහැර ගෙන ගියා. කිහිප වතාවක්‌ම මට ගැහුවා. ඔහු හැම වෙලාවෙම කියන්නෙ මාව වෙන කෙනකුට අයිති වෙන්න දෙන්නෙ නෑ. මාව ඕනෙ කියලා. මේ විදිහට අවුරුදු එකහමාරක්‌ ගත වුණා. ඒ අතරතුරදී මම පොලිසියෙ දාපු පැමිණිල්ලකට අනුව ආයෙත් එහෙම දෙයක්‌ වෙන්නේ නෑ කියලා ඔහු සමාදාන වුණා.

මම මේ ආව කරදරවලින් මිදෙන්නත් එක්‌ක බුද්ධ ශාසන අමාත්‍යාංශයට හරි අමාරුවෙන් මාරුවක්‌ හදාගත්තා. හැබැයි එතැන ඉද්දිත් මට ඔහුගෙන් ගැලවිල්ලක්‌ තිබුණේ නෑ. ඔහු එහාටත් කිහිප වතාවක්‌ම මාව සොයාගෙන ආවා. පසුගිය 19 වැනිදා හවස මම මහරගම සිල්වර්ඩ් එකට ගියෙ මම අලුතින් ලීව පොතක කවරයක්‌ කරගන්න. ඒ වෙලාවෙ සමන් දිසානායක මට කෝල් කරල තර්ජනය කරලා ඇහුවා උඹ කොතැනද ඉන්නෙ කියල. මම තැන කිව්වෙ නෑ. ඒත් කොන්දොස්‌තර මනුස්‌සයා කිරුළපන බහින්න කියල හයියෙන් කියන එක මම හිතන්නෙ එයාට ඇහුණා. නමුත් ඒ එක්‌කම මමෆෝන් එක කට්‌ කළා. මම මහරගමට ඇවිත් බැස්‌සා. නිකමටවත් හිතුවෙ නෑ. සමන් මහරගම ඇති කියල. මට බැහැල ටික දුරක්‌ යන්න ලැබුණේ නෑ. කවුරු හරි මාව ඇදල වාහනයකට දාගත්තා. ඇත්තටම එකපාරට දැක්‌කෙ නෑ ඒ කවුද කියලා. වාහනයට දාගත්ත ගමන් දොර ලොක්‌ කරල ඩ්‍රයිවින් සීට්‌ එකට පැනල තනි අතින් සුක්‌කානම අල්ලගෙන ඉන්න ගමන් මට ගැහුවා. ඊට පස්‌සෙ වාහනය යන ගමන්ම අපි පොරබදිමින් තමයි ගියෙ. මමත් මට ගහනකොට ඔහුට ගැහුවා. මම වාහනයෙන් පනින්න හැදුවා. එහෙම දේවල් වුණා.

ඊට පස්‌සෙ වාහනය එක තැනක නතර කරල ඔහු මට කිව්වා. "උඹට මම සමාව දෙනවා....... උඹ මගෙත් එක්‌ක අද යන්න එන්න ඕන. හැබැයි උඹේ දුව ගේන්න බෑ. මමත් මගේ දුව අරන් එන්නෙත් නෑ කියල. ඒක ප්‍රතික්‍ෂේප කළාම ආයෙත් මට ඔහු ගැහුවා. පස්‌සෙ මාව බත්තරමුල්ල පැත්තෙ තානායකමට එක්‌ක යන්න හදල ඒක බැරිවුණාම ඉසුරුපායෙ අකුරුගොඩ පාරට ගෙනැල්ලා උඹව අද මරණවා කියලා මගෙ බෙල්ල මිරිකුවා. ඊට පස්‌සෙ මට සිහිය නැතිවුණාම මෙයා මාව එළියට ඇදල දාන්න තමයි හදල තියෙන්නේ. ඒත් මගේ ඒ වෙනකොට බෙල්ල බාගෙට කඩා වැටිල. ඒ නිසා මාව මැරිල කියල මෙයා දුවල තියෙනවා. මිනිස්‌සු මෙයා දුවනවා දැකල තියෙනවා. එතැන හිටිය මිනිස්‌සු තමයි මට සිහිය අරගෙන මම හිටපු විදිය කිව්වෙ.

සමන් දිසානායක දුවල ගිහින් තියෙන්නේ මිරිහාන පොලිසියට. පොලිසියෙන් ටික වේලාවකට පස්‌සෙ මම හිටිය තැනට ආවා. ඒ ඇවිත් මාව දාගෙන මට පහර දෙමින් පොලිසියට අරන් ගියා. ඇත්තටම ඒ ආව අයගෙ කෙනෙක්‌ මුලින්ම ඇවිත් මාව අල්ලනකොට මම ඒ කෙනෙක්‌ගෙ අත හැපුවා. මම එහෙම කරේ මරණ බයට. ඒ අය සිවිල් හිටිය නිසා මට අඳුරගන්න බැරිව ගියා.

කොහොම හරි මාව පොලිසියට අරන් ගියාම මම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට වැඳල මට සාධාරණයක්‌ කරන්න කියල සමන්ගෙ විස්‌තර කියමින් ආයාචනා කරද්දිත් පෞද්ගලික විස්‌තර මෙතැනට අදාළ නෑ කියල මාව රිමාන්ඩ් කළා. දැන් සමන් දිසානායකගෙ කලා සංගමයේ වසන්ති චතුරානි ඇතුළු පිරිසක්‌ සමන් දිසානායක නිවැරැදියි කියල ඔහු වෙනුවෙන් පෙනී ඉන්නවා. කොහොම හරි පහුවදා උසාවියෙන් ඇප ලබාගෙන තමයි මම ගෙදර ආවෙ. මට විරුද්ධව තියෙන චෝදනාව තමයි පොලිස්‌ නිලධාරිනියකගෙ අත සපා කෑමයි සමන් දිසානායකගෙ වාහනයට අලාභ හානි කිරීමයි. හැබැයි මට වුණ සිද්ධියවත් සිදුවු අසාධාරණයවත්, පොලිසිය සැලකිල්ලට ගත්තෙ නෑ. ඒ නිසා පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයට මම අලුතින් පැමිණිල්ලක්‌ දැම්මා.

මට අවශ්‍යයෙන්ම කියන්න තියෙන්නේ මම සමන් දිසානායක එක්‌ක කිසිම දවසක අනියම් ඇසුරක්‌ පවත්වා නෑ. 


සමන් දිසානායකගේ ප්‍රකාශය

ප්‍රශ්නය -

ඔබ චන්දි රණතුංග කිහිප අවස්‌ථාවකදීම බලෙන් පැහැරගෙන ගොස්‌ අවසන් අවස්‌ථාවේදී ඇයට පහර දුන් බවට ඇය විසින් චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් ඔබට කියන්න තිබෙන්නේ කුමක්‌ද?

ඔය චෝදනාව මාධ්‍ය හරහා කරන චෝදනාවක්‌ නෙ. මට සිද්ධ වෙච්ච ඇත්ත සිද්ධිය ගැන කතා කරන්නෙ නෑනේ.

ප්‍රශ්නය -

ඒක තමයි. ඇය සෘජුවම ඔබට චෝදනා කරනවනේ.

ඒ චෝදනාව කුමක්‌ වෙතත් මම මේ සිද්ධිය ගැන මිරිහාන පොලිසියට පැමිණිල්ලක්‌ කළා. ඒ අනුව චන්දි රණතුංග රිමාන්ඩ් කරල ඇප ලබාගෙනයි ඉන්නෙ. මීට ඉහතදීත් ඇය මගේ තලංගම නිවස අසලට ඇවිත් ඇති කළ සිද්ධියක්‌ සම්බන්ධව තලංගම පොලිසියට මම මගේ බිරිඳත් සමග ගොස්‌ පැමිණිලි කළා.

ප්‍රශ්නය -

චන්දි රණතුංගට තිබෙන චෝදනාව ඇය ඔබේ වාහනයට අලාභ හානි කිරීම සහ පොලිස්‌ නිලධාරිනියකගෙ අත සපා කෑම නේද?

නෑ ඇයි ඇය මාව සපාකෑවේ. .... ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක්‌ හෙට (23 දා) ලැබෙනවා. මේක මම අධිකරණයේදී විසඳගන්නම්. ඊට පස්‌සේ ඇත්ත කතාව මම ඉදිරියේදී සවිස්‌තරව මාධ්‍යයට එළිකරනවා.


මිරිහාන පොලිසියේ ස්‌ථානාධිපතිවරයාගේ ප්‍රකාශය

ඇය කාන්තා පොලිස්‌ නිලධාරිනියගෙ අත සපා කාලා තියෙනවා. පොලිසියෙන් පරීක්‍ෂණයක්‌ නොකර හිටියෙ නෑ. මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ කෙරීගෙන යනවා. නමුත් පරීක්‍ෂණ කටයුතු තවම අවසන් නෑ.


වසන්ති චතුරාණිගේ ප්‍රකාශය

ඒක එයාලගෙ පෞද්ගලික ප්‍රශ්නයක්‌. අපි සංවිධාන යක්‌ විදියට කටයුතු කරන්නෙ. ඒ නිසා පෞද්ගලික දේකට අපිට මැදිහත් වෙන්න බෑ.

ප්‍රශ්නය(- නමුත් ඔබ සමන් දිසානායක වෙනුවෙන් පෙනී සිටින්න මිරිහාන පොලිසියට ගියා කියා චෝදනාවක්‌ තියනව.?

චෝදනා කරන්න දෙයක්‌ නෑ. එතෙන්ට අපි ගියා මිසක්‌ ප්‍රශ්නයට මැදිහත් වෙන්න ගියේ නෑ.

ප්‍රශ්නය(- ඔබ එහිදී සමන් දිසානායක වෙනුවෙන් ප්‍රකාශයක්‌ කළාද?

නෑ. කිසිම ප්‍රකාශයක්‌ කළේ නෑ. අපි එතෙන්ට ඒ මොහොතෙ ගියේ සමන් දිසානායක අප සංගමයේ කෙනෙක්‌ නිසා මේ සිද්ධියත් එක්‌ක කලා සංගමයට යම් කැළලක්‌ වෙයිද කියල බලන්න.

 

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මෙන්න තවත් දේශපාලන පාදඩයෙක්....සමන් දිසානායක Rating: 5 Reviewed By: Unknown