දරුපල අහිමි වූ විවාහකයෝ නිරතුරු ව ම සංවිග්න සිතුවිල්ලෙන් කල්මරති.
ඊට ප‍්‍රධාන තම සාධකය වූයේ, දරුසම්පතක් ලබන්නට තරම් ඔවුන් පිනැත්තන් නොවීම ය. ඇරත්, තම ළැම ඉම සිඟිති තොල්පෙතිවලින් හංකිති කවාගන්නට භාග්‍යයක් නැති විවාහක කාන්තාව පංචකල්‍යාණයෙන් අගතැම්පත් වූවත්, ගැමි සමාජසංධානයේ ඇය හංවඩු ගැසෙනුයේ කල්‍යාණියක් ලෙස නොව, ‘වඳියක්’ හෝ ‘පුස්සිය’ ලෙසට ය.
එවැනි ලජ්ජිත පදයක් පටබැඳගන්නට කිසි ම ‘කුටුම්බිනියක්’ මනාප නොවෙත්. බොහෝ කොට ‘කුඩිකහලිවලට’ (පවුල් අරගලවලට) පාත‍්‍රවන්නෝ දරු හිමිකමක් නැති කුටුම්බක – කුටුම්බිකාවෝමයැ.
තවද සිඟි කටහඬක් නෑසෙන පැලක් පිළක් ශක‍්‍රසම්පත්තියෙන් පිරීතිරී තිබුණත් එහි යුග දිවිය මිහිරක් නැතිසේ ය.
එසේ ම තම සනුහරේ ඇවැත්මට පැවැත්මට එදා සෘජු ව ම වගකිය යුත්තේ අඹුසැමියන් නිසාවෙන් ම ඔවුන් නිරන්තරයෙන් ම උත්සුක වූයේ, තම පැලට පිළට දරුසම්පතක් වැඩමවා ගැනීමට ය.
ඇරත් එදා සිය රැහේ සාමාජිකත්වය හිමිවූයේ, එහි ප‍්‍රධාන සුදුසුකම වූ “මා පිය” පදවි දරන්නන්ට පමණකි.
මෙසේ හෙයින් “හිරඉදරං ගියදා සිට” (විවාහ වූදා සිට) තම කුටුම්බයට දරු පැටියකු කැන්දන් ඒමට වගබලා ගැනීම අඹුසැමි දෙපළගේ පරම යුතුකමක් ම වූයේ ය. දරුවන් බිහිකිරීම ලග්ගල ඇත්තන් “කරඬු බෑම” යැයි වහරන අතර, නුවරකලාවියේ ඇත්තෝ ඊට දරුවන් “ඉහිල්” කිරීම යැයි වහරති.
කෙසේ නමුදු තම ලේලියට කරඬුවක් බෑමට අසමත් වුවහොත්, ඉන් ප‍්‍රකෝපයට පත්වන්නේ ඇගේ නැන්දනියයි. ඇය එසේ කෝපාවිෂ්ට වන්නේ තමාගේ පුතුට දාව මුනුබුරු - මිනිබිරියන් බිහිකිරීම ලේලිය ගේ වගකීමක් හෙයිනි.
ඒ අනුව සිය නැන්දනිය ප‍්‍රකෝප කරලීමට කිසිසේත් නොමනාපී ලේලිය ඇයට මුනුබුරු පැටියකු පිරිනමන්නට තම සැමියා සමඟ එක්වී නොදරන ප‍්‍රයත්නයක් නැති තරම්.
එසේ ම “හිරඉදරං” යෑමට නොහැකිවේද? හිරඉදරං ගිය පසු දරුවන් නොලැබ වඳීයක් වේද? එමෙන් ම දරුවන් ලැබ මවක් වූ පසු වැන්දඹුවක් වේද? යන සැකසංකා සහිත බිය ස්තී‍්‍ර - වර්ගයා පසුපස ලුහුබැඳ එන “තුන්බිය” වශයෙන් ගැමියෝ පවසති. මේ අනුව විවාහක කාන්තාවකට දරුවන් නොලැබී යෑම තරම් අභාග්‍යයක් තවත් නැති සේ ය.
එනයින් ඇයට පමණක් නොව ඇගේ සැමියාට ද “කුඩිලිමණ්ඩියෙන් (ගමෙන්) එල්ලවන අපහාස උපහාස හා ‘ආලි-යාලි’ (ඕපදූප) අපමණි. මේ අවඥාවන්ගෙන් නිදහස් වීමට නම් දරු සිඟිත්තකගෙන් මව්-පිය පදවි ලබාගත යුත්තේමැයි. ඒ සඳහා ඔවුන් අදහන ආගමික සිද්ධස්ථානවලට හා දෙවිදේවතාවුනට කන්නලව් කරන අවස්ථා එමටය.
එවැනි අවස්ථාවක් අපේ ගැමි සීපදයකට කැටිවී තිබුණේ මේ අයුරිනි.
”කලදා අපෙ අසුබ වෙලා ගිරහ අපල එඤ්ඤයි
නොලදා කිරිකැටි පුසුඹක් පෙර පව් පල දුඤ්ඤයි
පලදාවෙන් කිරිතළලා ‘කිරිහර’ පුද ලඤ්ඤයි
දළදා හිමි හාදුරුනේ දරු සුරතල් දෙඤ්ඤයි
දරු සුරතල් බලන්නට පෙරුම් පුරමින් සිටින, දරුවන් නැති අඹුසැමි යුවළක් අපේ ශ‍්‍රී දන්තධාතූන් වහන්සේට නමස්කාර පූර්වක ව කැරෙන බැගෑපත් කන්නලව්වක් මේ සීපදයෙන් විශද වන්නේ.
අපේ කලදවස අසුබ නිසාදෝ අපට ග‍්‍රහ අපල මෙසේ එන්නේ.
එමෙන් පූර්වජාතියේ කරන ලද පාපකර්ම පලදීලාදෝ අපට කිරිකැටියකු ලබන්නට වාසනාවක් නැත්තේ.
අපට වන් මේ දුක්ගැහැට විඳ දරාගත නොහැකි නිසා ම, අපේ මුල් අස්වැන්නේ කිරිවදින කරල් තළලා කිරිඅහරක් (කිරිහර) පිස, දළදා හිමි හාමුදුරුවනේ (හාදුරුනේ) ඔබවහන්සේට පූජාකර ප‍්‍රාර්ථනා කරන්නේ දරුසිඟිත්තක් අපට ලබාදෙන්නට කියලයි. මෙවන් අවිහිංසක ප‍්‍රාර්ථනයන් ගැමි ජනතාව අතර ප‍්‍රචලිත ය. එදා එසේ දරුවන් ප‍්‍රාර්ථනා කළ අපේ ගැමියෝ දරු සම්පතේ ඇති අමිලතාවය මනාකොට පසක්කර ගෙන සිටියහ.
අපේ ඇත්තෝ එදා එසේ ප‍්‍රාර්ථනා කළත්, මෙදා දරුවන් නොලැබේවායි පතන අඹුසැමියෝ ද අප රටේ විරල නොවෙති. ලැබුණු දරුවන් මහ මඟ දමා යෑමට මෙන්ම, දරුවන් අලෙවි කිරීමට රුසියන් ඇති රටක් වේ නම් ඒ අපේ රට බව නොලියා කෙසේ මුනිවත රකිම් ද?
කේ.බී.මානෑව

0 comments:
Post a Comment