728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 12 August 2014

රාජසන්තක වූ රන් කැබලි....

රුපියල් ලක්ෂ විසිහතරක් වටිනා රත්තරන් කැබලි 04 ක් තම මුදල් පසුම්බියේ සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී පැවසුවේය.

අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් කැබලි හතරේ බර ග්‍රෑම් හාරසීයකි.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙකි.
ඔහු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් සිංප්පුරුවේ සිට ඊයේ උදෑසන මෙරටට පැමිණ ඇත. පසුව ඔහු රේගුවට භාන්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගීන් පිටවන මාර්ගය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කර ඇත.
එම අවස්ථාවේ මෙම තරුණයාගේ හැසිරීම පිළිබඳ රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත පරීක්ෂා කිරීමේදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබු මෙම රන් කැබලි 4 සොයාගෙන ඇත.
රේගුව විසින් ප්‍රශ්ණ කරද්දී සැකකරු පවසා ඇත්තේ මෙම රන් කැබලි මිතුරෙකු විසින් ඔහුගේ බිරියට ලබා දීම සඳහා ශ්‍රී ලංකාවට එද්දී තමාට දුන් බවයි.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය සිදු කළ නියොජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.ඒ.ඩී.ඒ පෙරේරා විසින් සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක්  නියම කොට එම රන් කැබලි රාජසන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ ගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.ඒ.ඩී.එන් පෙරේරාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිද කරති.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රාජසන්තක වූ රන් කැබලි.... Rating: 5 Reviewed By: Unknown