728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 5 August 2014

මිනීමස් කන පාකිස්ථානුවෙක් අත්අඩංගුවට....!

මිනීමස් ආහාරයට ගනු ලබන පාකිස්ථානු ජාතිකයෙකු, පාකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම චෝදනාව මත ම පොලිසිය ඔහුගේ සහෝදරයාද අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටී.
පාකිස්ථානයේ ‘දාරියා ඛාන්’ නැමති පිටිසර ප්‍රදේශයේ පදිංචි, මොහොමඩ් අරිෆ් නමැති 33 හැවිරිදි මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවන වතාවටයි.

මොහු පදිංචිව සිටි නිවසින් දුගඳක් වහනය වීම හේතුවෙන් ඒ පිළිබඳ සොයා බැලූ පොලිසිය එහි තිබී තුන් හැවිරිදි දරුවෙකුගේ හිසක් සොයා ගෙන තිබේ.
මීට පෙර 2011 වසරේදී සුසාන භූමියකින් කාන්තා මළ සිරුරක් රැගෙන ගිය බවට මොහුට සහ මොහුගේ සහෝදරයා වූ 35 හැවිරිදි ෆාමන් අලිට විරුද්ධව චෝදනා එල්ල විය. පසුව අනාවරණය වූයේ මොහු එම කාන්තාවගේ මස් යොදා ව්‍යාංජනයක් සාදා ඇති බවටයි.
එම සිද්ධිය මත එම දෙදෙනාටම දෙවසරක සිර දඩුවමක් නියම වූ අතර, පසුගිය වසරේදී ඔවුන් නිදහස ලබා ඇත.
මෙම දෙදෙනාම දරුවන්ද සිටින විවාහක පුද්ගලයින් බවත්, කලින් වතාවේ අත්අඩංගුවට පත් වන විටත් ඔවුන්ගේ භාර්යාවන් ඔවුන් අතහැර ගොස් තිිබූ බවත් පැවසේ.
පොලිසිය ප්‍රකාශ කරන්නේ මේ දෙසොහොයුරන් විසින් මළමිනී 100කට අධික සංඛ්‍යාවක් කා දමා ඇතැයි සැක කරන බවයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මිනීමස් කන පාකිස්ථානුවෙක් අත්අඩංගුවට....! Rating: 5 Reviewed By: Unknown