728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 15 August 2014

පලස්තීන - ඊශ්‍රායල සටන් විරාමය දින පහකින් දීර්ඝ කරයි

ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සටන්කාමීන් පැවැති පැය 72ක සටන් විරාමය අවසන් වීමත් සමග එය තව දින පහක කාලයකට දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇතැයි වාර්තා වී තිබේ. මෙම එකඟත්වය නිවේදනය නිකුත් වීමට පෙර ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ හමාස් සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් බව ප්‍රකාශ වී තිබේ.

මේ අතර බදාදා මධ්‍යම රාත්‍රියෙන් පසු දෙපාර්ශ්වයෙන්ම කිසිදු ප්‍රහාරයක් සිදුව නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කර තිබේ. මේ අතර ඊජිප්තුව මැදිහත් වීමෙන් පැවැත්වෙන සාකච්ඡා වටය කයිරෝ නුවරදී පැවැත්වෙන බව සඳහන් ය.
ගාසා තීරය පාලනය කරන පලස්තීන හමාස් සටන්කාමීන් කයිරෝ නුවර සාකච්ඡා අතරතුරදී පවසා ඇත්තේ තමන් ඊයේ දිනයේ දී රොකට් ප්‍රහාර එල්ල නොකළ බවය.
එහෙත් ඊශ්‍රායල ප්‍රකාශකයකු පවසා ඇත්තේ රොකට් ප්‍රහාරයන් එල්ල වූ බවත්, ඒවා කා විසින් සිදු කළේ ද යන්න තමා නොදන්නා බවය.
පලස්තීන බලධාරින් ආරංචි මාර්ගවලට අනුව මෙම සටන් විරාමය දීර්ඝ කිරීමත් සමග තිරසාර විසඳුමක් කරා යාමට ඇති මග විවෘත වන බවය. එහෙත් ගාසාහි බිබිසී මාධ්‍යවේදී කෙවින් කොනලි පෙන්නා දී ඇත්තේ ඉදිරියේ දී පැවැත්වෙන සාකච්ඡා ඉතා බැරෑරුම් වනු ඇති බවය.

දෙපාර්ශ්වයම තමන්ගේ අවශ්‍යතාවන් සම්බන්ධ තොරතුරු ඊජිප්තුවේ මැදිහත්වීම තුළින් හුවමාරු කර ගනිමින් සිටින බව ද වාර්තා වේ.
ගාසා තීරයේ ගැටුම් වැළකීම සඳහා ඊශ්‍රායලයේ ඉල්ලීම වී ඇත්තේ හමාස් සංවිධානය මුළුමනින් නිරායුධ කිරීම වන අතර පලස්තීන ඉල්ලීම වී ඇත්තේ එරටට පනවා ඇති සියලු සම්බාධක ඉවත් කිරීමයි.

ඊශ්‍රායලය මේ වන විට පනවා තිබෙන සම්බාධක සමහරක් ඉවත් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව පලස්තීනය සනාථ කර තිබේ. ඊජිප්තුව මැදිහත්කරුවා ලෙස දෙපාර්ශ්වයට යෝජනා කර ඇත්තේ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ඉදිරියේ දී පැවැත්වෙන සාකච්ඡා වටවල දී තීරණයන්ට එළඹෙන ලෙසටය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පලස්තීන - ඊශ්‍රායල සටන් විරාමය දින පහකින් දීර්ඝ කරයි Rating: 5 Reviewed By: Unknown