728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 13 August 2014

කෝටි 100ක් දින 14ක් තුළ දෙන්න ඇමැති රාජිතගෙන් ගලගොඩඅත්තේ හිමියන්ට එන්තර වාසියක්

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී තමා සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ද්වේශ සහගත හා අභූත චෝදනා නිසා සිය කීර්තිනාමයට සිදු වූ හානියට දින 14ක් ඇතුළත රුපියල් කෝටි 100ක වන්දියක් ගෙවන ලෙස දන්වා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නීතිඥ සනත් වීරරත්න මහතා මගින් බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත එන්තරවාසියක් යවා තිබේ.

2014 අගෝස්තු 05 වැනි දා පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී තමා දූෂිත අමාත්‍යවරකු, එල්ටීටීඊ සංවිධානයට ආධාර කළ අයකු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් උපකාර කරන අයකු හා ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවට එරෙහිව කටයුතු කරන අයකු ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ ප්‍රකාශ නිසා සිය කීර්තිනාමයට පිරිමැසිය නොහැකි හානියක් සිදුවී ඇති බවත් අමාත්‍යවරයා එමගින් පෙන්වා දී තිබුණි.
එසේම තමා ධීවර අමාත්‍යාංශයට අයත් දේපළ අයථා ලෙස පවරා දී රුපියල් මිලියන සිය ගණනක අයුතු ලාභ ලබා ඇති බවත්, සිය අමාත්‍යාංශය මගින් ටෙන්ඩර් ලබා දී රුපියල් මිලියන 600ක මුදලක් අයුතු ලෙස උපයා ඇති බවට මෙන්ම එලෙස උපයාගත් මුදලින් විදේශ රටවල් කිහිපයක නිවාස ලබාගෙන ඇති බවටත් කළ ඉතාමත් සාවද්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශ අනුව තම දේශපාලන ජීවිතයට මෙන්ම පෞද්ගලික ජීවිතයටත් බලවත් හානියක් සිදුවී ඇතැයි ද පෙන්වා දී තිබේ.
දින 14ක් ඇතුළත එකී වන්දි ගෙවීමට පියවර නොගතහොත් එම වන්දිය හා අදාළ ‍පොලිය ලබාගැනීම සඳහා යළි දැනුම්දීමකින් තොරව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස සිය සේවාදායකයා වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමන් වෙත බලය පවරා ඇතැයි නීතිඥ සනත් වීරරත්න මහතා එන්තරවාසිය මගින් දන්වා ඇත.

 
ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට එල්ලවී තිබෙන දුෂණ අක‍්‍රමිකතා

ඇමති රාජිත සේනාරත්න යුද්දය පැවති සමයේ කොටින්ට බෝම්බ හදන්න අවශ්‍ය ද්‍රව්‍ය සැපයූ පුද්ගලයෙකු හා කිට්ටු සබඳකම් පැවැත්වූ බවත් දන්ත වෛද්‍යවරයෙක් වන ඇමතිවරයා නැවු හයක හිමිකාරයෙක් බවත් බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ආරක්ෂක රථ ආධාර කරගනිමින් නාගරික මන්ත්‍රීවරයෙකු BMW මෝටර් රථයක් මගින් කේරළ ගංජා ප්‍රවාහනය කරන බවද උන් වහන්සේ කීය.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කෝටි 100ක් දින 14ක් තුළ දෙන්න ඇමැති රාජිතගෙන් ගලගොඩඅත්තේ හිමියන්ට එන්තර වාසියක් Rating: 5 Reviewed By: Unknown