නිතර දෙවේලේ වෙළෙඳ පොළට ගොඩවන අප දැනුවත්ව හෝ නොදැනුවත්ව මොනතරම් කුණුකන්දල් ගොඩක් හා වස විස කන්දරාවක් බිය සැකයකින් මෙන්ම විළි ලැඡ්ජාවකින් ද තොරව ගෙදරට ගෙනැවිත් ගොඩගසා ගන්නේ දැයි ඔබ මොහොතකටවත් කල්පනා කර තිබේද? එදිනෙදා ගෙදර දොර භාවිතයට අවශ්‍ය දේවල් අතරින් අනවශ්‍ය දේවල් කොපමණක් නම් අප වෙළෙඳපොළෙන් මිලදී ගන්නේද? යමක් මිලදී ගන්නට වෙළෙඳ පොළට ගිය අවස්‌ථාවන් බොහෝමයකදී ඔබට අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය දේද ගෙදර ගෙන ඒමට ඔබව අවිඥනක ව මෙහෙයවන්නේ නිවසේ ඇති රූප පෙට්‌ටිය බව ඔබ මොහොතකටවත් කල්පනා කර තිබේද?
අපේ රටේ මෑත අතීතය පිළිබඳ විමසා බැලුව ද පැහැදිලි වන කාරණාවක් වන්නේ හිරු එළිය මිහිමත පතිත වන්නට මත්තෙන් හකුරු කෑල්ලක් හපමින් කහට උගුරක් පානය කර කුඹුරට, තේ වත්තට, රබර් වත්තට, එළවළු කොටුවට ගොස් දහදිය මහන්සියෙන් වැඩ කළ අපේ ඇත්තන්ට ගතට, සිතට ශක්‌තිය වඩන්න මෙන්ම මොළේ පෑදෙන්න පිටි කිරි අවශ්‍ය වූයේ නැත. කහට කෝප්පයක රැඳී තිබුණු ජවය, බලය, ශක්‌තිය උදේ වරුවටම ප්‍රමාණවත් විය. ඉර එළිය ගත දවද්දී ගෙවිලියන් නිවෙස් වෙත පැමිණෙන්නේ හේනෙන්, අහල පහලින් සොයා ගත් අල, බතල, මඤ්ඤෝක්‌කා, කොස්, දෙල් වැනි දෙයක් ද කරපින්නාගෙනය. කුඹුරුවල වැඩ කරන තම සැමියාට ඇඹුල ගෙන යැමටත්, අකුරට ගොස් ගෙදර එන දූ පුතුන්ගේ කුස් පුරවන්නටත් ගෙවිලිය දර ළිපක මැටි වළං රත් කරමින් කුඹුරෙන් ලැබූ අස්‌වැන්නෙන් හීනටි, සුවදැල් ආදි පෝෂ්‍ය ගුණයෙන් අනූන වස විස නැති බත් මුට්‌ටියක් පිස ගත්තාය. රසායනික ද්‍රව්‍ය යෙදූ පිටි කළ පොල්කිරි නොව වත්ත පහළින් අහුලාගත් නැවුම් පොල් ගෙඩියකින් කොටසක් කිරි හොද්දකට ද අනෙක් කොටසින් පළා මැල්ලුමක්, ගොටු කොළ සම්බෝලයක්, පොල් සම්බෝලයක් ආදි යමක් සාදා ගනිමින් කොස්, දෙල් වැනි දෙයක් ද ඇළෙන්, වෙලෙන් අල්ලාගත් මාළු කූරියන්ගෙන් සැදූ මිරිස් මාළුවක්‌ද සමඟ පෝෂණයෙන් හා රසයෙන් ද පිරුණු දිවා ආහාරයක් සකස් කළාය.
අපේ ගැමි නිවෙස්‌වල මැටි වළං මිස නන්ස්‌ටික්, ඇලුමිනියම් භාජන තිබුණේ නැත. ළිඳෙන් ගත් වතුර පිරිසිදු රෙදි කඩකින් පෙරා මැටි කළයකට හෝ මැටි ගුරුලේත්තුවක දමා විටින් විට නැවුම් රසයෙන් යුතුව බීමට ගත්තා මිස ඔවුන්ට කෘත්‍රිම වතුර පෙරණ (ෆිල්ටර්) තිබුණේ ද නැත. ශීතකරණ නොතිබූ නිසා ගාගත් පොල් හෝ මිරිකාගත් පොල් කිරි හෝ දින, වරු, පැය ගණන් ශීතකරණවල දමාගෙන, පල් කරමින් කල් තබා ගන්නට උවමනා නොවීය. මැටි කෝප්පයක දමා පිරිසිදු අතින් පොල් මිරිකා කිරි ගත් ඔවුන්ට තත්පරයට දෙකට බ්ලෙන්ඩරයෙන් පොල් කිරි සමඟ කොලෙස්‌ටරෝල් කිසිදිනක ලැබුණේ නැත. පොල් කිරිවල නැවුම් බවත්, ඒ ඒ වෙලාවට උවමනා පරිදි ගසෙන් කඩා උයාගත් වසවිස නැති නැවුම් එළවළු, පළාවර්ග ආදියෙනුත් එදා ගැමි පවුලේ පෝෂණය, නිරෝගී බව ආරක්‍ෂා වූවා සේම මිල මුදල් නාස්‌තිය ද වැළකිණි.
අපේ ගැමියන් එදා කඩපිළට ගියේ තේ කොළ ටිකක්, හකුරු ටිකක්, සීනි ටිකක්, කරවල ටිකක් මිලදී ගැනීමටය. චීත්ත රෙදි කෑල්ලක්, හැට්‌ට රෙදි කෑල්ලක්, අමුඩ ලේන්සුවක්, සරමක්, කම්බායක් වෙනුවෙන් වැඩිපුර මුදලක් වැය කරන්නට සිදු වන්නේ ද කලාතුරකිනි.
සරළ, සැහැල්ලු, නිදහස්, පෝෂණයෙන් අනූන, විනෝදය ද සහිත සාමාන්‍ය ජීවිත ගත කළ එදා ගැමි පවුල්වල දරුවන්ට දෙපා වතුර බේසම්වල ඔබා ගනිමින් බලහත්කාරයෙන් පොත පත පාඩම් කරන්නට අවශ්‍ය වූයේ නැත. දෙතුන්වරක් හඬ නඟා කියූ සැණින් බුද්ධ ගඡ්ජය, සකස් කඩය, දිව උලුක් වන පාලි සංස්‌කෘත ඉබේම කඩපාඩම් විය. වාර්තමාන ඛෙදවාචකය වන්නේ අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයක් නිම කර ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්‍ෂ 3 ක් උසස් පෙළ විභාගයට පෙනී සිටින අතර එයින් විශ්වවිද්‍යාල වරම් හිමි වන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසි දෙදහක් පමණ වන ඉතා සීමිත පිරිසකටය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් සියයට 48 ක් පිරිස ගණිතය විෂයය අසමත්වී තිබීම විශේෂයෙන් සලකා බැලිය යුතු කාරණාවකි. ගණිතය විෂයය අසමත් වීමට ප්‍රධානතම හේතුව වන්නේ දරුවන්ගේ බුද්ධිය අඩුකම බව විද්වතුන් පෙන්වා දී තිබේ. බුද්ධිය අඩුවීමට හේතුව මනා පෝෂණයක් නොමැති වීමය. දරුවන් කායික හා මානසික වශයෙන් නිසි පෝෂණයෙන් යුක්‌ත නොවීම හේතුකොටගෙන බුද්ධියෙන් අඩු, සිතා බලා කටයුතු කළ නොහැකි, යාන්ත්‍රික පරපුරක් අනාගතයට ඉතිරි වනු ඇත. මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ක්‍ෂණිකව නොවේ.
ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දීමත්, රූපවාහිනිය මෙරට ප්‍රචලිත වීමත් පරිහානියේ ආරම්භය හා විකාශනයට හේතු වූ බව ඉතා පැහැදිලිය. හිමිදිරි උදැසන කහට කෝප්පය පානය කළ අපේ ගැමියන්ට කල් ඉකුත් වන ද්‍රව්‍ය, රස කාරක, වර්ණක, රසායනික ද්‍රව්‍ය ආදි වස විස අඩංගු කෘත්‍රිම ලෙස පිටි කර සැකසූ කිරිපිටි පානය කරන්නට පුරුදු කළේ රූපවාහිනි වෙළෙඳ දැන්වීම් ය. ගමේ කඩෙන් තේ කොළ පනහක්, සීයක් කඩදාසි ගොට්‌ටකට කිරාගෙන ගෙදර ගෙනැවිත් එම තේ කොළ ටික වීදුරු ඇසුරමකට දමා කඩදාසි ගොට්‌ට පොළොවට දිරා යැම සඳහා කුණු වළකට දමන්නට පුරුදු වී සිටි ගැමියන්ට නෙක වර්ණයෙන් අලංකාර කළ රූප හා විච්චූරණ සහිත පොලිතින් ඇසුරුම්වල ඇති තේ කොළ පැකට් ගෙදරට ගෙනැවිත් පරිසරයටත්, සියලු ජීවීන්ටත් ඉතාම විෂ සහිත වූ අහිතකර පොලිතින් නිවසේ ගොඩ ගසා ගැනීමට හෝ නගර සභාවල කුණු ලොරිවලට භාර දීමෙන් රට පුරා තැන් තැන්වල පොලිතින් ගොඩ ගසා තැබීමටත්, හුරු කළේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ය. වර්තමාන සමාජය නිරීක්‍ෂණය කිරීමේදී පෙනී යන්නේ පොලිතින්, ඉටි කොළ නොමැතිව ජීවත්වීමට ද අපහසු බවකි. ඉතා කුඩා ම දේ පවා අද ඇත්තේ පොලිතින් දවටනයක රඳවා ය. එදා ගමේ මුදලාලිගේ කඩේ ලොසිංජර් තිබුණේ වීදුරු බෝතලයකය. ඒවා මිලදී ගන්නා කෙනෙකුට කඩදාසි කොළයක ඔතා මුදලාලි ඒවා දුන්ණේය. ඒ කාලේ බෙහෙවින් ජනප්‍රිය බුල්ටෝ තිබුනේ සව් කොළ දවටනවල ඔතා ය. ඒවා පරිසරයට හානිකර වූයේ නැත. අද වෙළෙඳ දැන්වීම්වලින් කියා පාන්නේ නමක් සහිත, පොලිතින් ඇසුරුම් සහිත ද්‍රව්‍ය මිලදී ගන්න කියාය. ඔවුන් නම බලන්න කියන්නේ වගකීමක් ඇති තැනකින් භාණ්‌ඩයක් මිලදී ගැනීමෙන් යම් කිසි හානියක් එම භාණ්‌ඩයෙන් එය මිලදී ගත් හෝ පරිහරණය කළ කෙනෙකුට සිදු වූයේ නම් ඊට එරෙහිව නීතිය අතට ගත හැකි බව විදහා දක්‌වමිනි. අතීතය හා වර්තමානය සස¹ බැලීමේ දී වර්තමානයේ වගකීම් සහිත භාණ්‌ඩ හා ද්‍රව්‍ය සෑම තැනකම තිබෙන යුගයක් වුවත් මේ කාලයේ තරම් ආහාර විස වීම් අතීතයේ තිබුණේ නැත. එදා සිල්ලර භාණ්‌ඩයක වගකීම දැරුවේ ගමේ මුදලාලි ය. ඔහු ද ගමේම මිනිහෙකි. ගමේ මිනිස්‌සුන්ට නරක් වූ ආහාර විකිණීමෙන් පාඩු ලබන්නේ මුදලාලිමය. එපමණක් නොව ගමේ මිනිසුන්ගෙන් දොස් අහන්නටද ඔහුට සිදු වේ. එබැවින් ඔහු කිසි දිනක සිය ගම් වැසියන්ට අහිතකර දේ අලෙවි කළේ නැත. ගම්වැසියන් ද කඩයට ගොස් පොලිතින් උරවලට හාල්, පොල්, එළවළු කිරාගෙන ආවේ නැත, ඔවුන් කඩපිළට යන සෑම අවස්‌ථාවකදීම පන් මල්ලක් කිහිලි ගන්වාගෙන යන්නට අමතක කළේ නැත.
පොලිතින් ඇසුරුමෙන් ගම්‍ය කරන්නට උත්සාහ කරන්නේ ආරක්‍ෂිත ඇසුරුමක් සහිත භාණ්‌ඩ හා ද්‍රව්‍ය භාවිත කරන ලෙස ය. ඇසුරුම සුරක්‍ෂිත වීම කෙසේ වෙතත් පොලිතින්වල අඩංගු විෂ සහිත බව, එහි අන්තර්ගත රසායනික අංශු එවැනි ඇසුරුමක ඇතුළත්වන ද්‍රව්‍ය සමඟ ක්‍රම ක්‍රමයෙන් මිශ්‍රවී එම ද්‍රව්‍ය පරිහරණය කරන මිනිසුන්ගේ ශරීරවලට එහි විෂ සහිත බව උරා ගනු ඇත. එසේම ඉවත දමන පොලිතින් ඇසුරුම් බොහෝ අය පිළිස්‌සීමට පුරුදු වී සිටී. එය ඉතාම හානිකර තත්ත්වයකි. පොලිතින් පිළිස්‌සීමේදී ඉන් නිකුත්ව වාතයට එකතුවන ඩයොක්‌සින් වායුව මගින් පිළිකා ආසාදන ඇති කරන අතර ඊට අමතරව ස්‌වසන ආබාධ, සමේ රෝග, වෛරස් රෝග ඇතුළුව නිශ්චිතව හඳුනාගත නොහැකි නොයෙකුත් අසාත්මිකතා හා අපහසුතා ද ඇති වේ. පොලිතින් පරිසරයට එකතුවීමෙන් නැතහොත් තැන තැන දැමීමෙන් වැසි වතුර ඒ මත රැඳී මදුරුවන්ට ඉතා පහසුවෙන් හා සරුසාර ලෙස තම වර්ගයා බෝ කිරීමට පහසුකම් සලසනු ඇත. ඩෙංගු වැනි වසංගත රෝගයක් අපේ රට පුරා ප්‍රචලිතවෙමින් ජනතාවට මරණ බිය ඇති කරවන්නට තරම් ප්‍රබල වූයේ ප්‍රධාන වශයෙන් ම පොලිතින් හා ප්ලාස්‌ටික් භාවිතය බහුල වීම නිසාය. ප්ලාස්‌ටික් භාවිතය ද මිනිස් ජීවිතවලටත්, පරිසරයටත් සිදු කරන්නේ මහා විනාශයකි. එබැවින් අප යළිත් අපේ පැරණි සිංහල රට ගොඩනැගිය යුතුව ඇත. අතීතයේ සිදුවූ අඩුපාඩු වළක්‌වා ගනිමින්, නවීණ තාක්‍ෂණය ද භාවිත කර ගනිමින් වර්තමාන ජීවන චර්යාවන් ගොඩනගා ගත යුතුය.
පොලිතින් ඇසුරුම්වල ඇති ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙර එම අසුරුමේ පිටුපස ඉතා පුංචි අකුරින් සටහන් කර ඇති අඩංගු ද්‍රව්‍ය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
තුෂාරී කළුබෝවිල

0 comments:
Post a Comment